The title of the page
Moothon 2020 Sinhala Sub
Moothon 2020 Sinhala Sub
7.6
90

Moothon (2020) Sinhala Subtitles |මුල්ලා| සිංහල උපසිරැසි සමග

(Moothon 2020 Sinhala Sub) මේ වසරේ බලන්න සෙට් වුන පට්ටම මලයාලම් ෆිල්ම් එකක් කියල මේකට කියන්න පුලුවන්. මාරම රඟපෑමක් කරන නළුවො සෙට් එකක් ඉන්නෙ. පොඩි එකාගෙ ඉදන් මහ එකා දක්වා රගපෑම සුපිරියි.👌 ඒ නිසාම චිත්‍රපටය හෙන ආසාවෙන් යුතුව බලන්න පුලුවන්. මුලින්ම කියන්න ඕන හුගක් කස්ටිය බලාපොරොත්තු වෙන විදියේ Happy Ending එකක් තියන ලස්සන චිත්‍රපටයක් නම් නෙමෙයි මේක.😑 තනිකරම මත්ද්‍රව්‍ය එකක දුවන ජරා ජීර්ණය වුන පරිසරයක් උඩ දුවන ජීවිත කිහිපයක් පිලිබදව නිර්මාණාත්මක ලෙසින් ගොඩනැගුන චිත්‍රපටයක් මේක. මට හිතෙන විදියට මේකෙන් ඇත්තටම පෙන්නුම් කරල තියෙන්නෙ නාගරික දියුණු පරිසරය සහ පැරණි සංස්කෘතිය සමගින් තදින් බැදී පවතින පරිසරය මිනිස් ජීවිත වලට බලපෑම් කරන විදිය පිලිබදව.🤨 ඉතින් Nivin Pauly තමයි චිත්‍රපටය කැපීපෙනෙන චරිතය වශයෙන් කටයුතු කරන්නෙ. මීට කලින් මම මේකව මේ විදියට තද පිස්සු පොරක් විදියට දැක්කෙ Richie චිත්‍රපටය කරපු චරිතය තුලින්. හැබැයි පුතෝ මේ චරිතය නම් ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. තව දෙයක් කියන්න ඕන හුගක් අයට මේකෙ මැදින් පොඩ්ඩක් අප්සෙට් යන්න පුලුවන්.😂 මොකද පොඩි Gay සීන් එකක් මේ ප්‍රධාන චරිතය එක්ක බැඳිල තියෙනව.😉👍හැබැයි තනිකරම සුපිරිම රඟපෑමක් තියෙන්නෙ. ඒ Gay සීන් එකේ මේ නළුවන්ගෙ Performance පට්ට. ඇහැට කඳුලකුත් ආව ඒ සීන් එක අවසානයේ.😪 කොහොමහරි මේ චිත්‍රපටයට ඒ වගේ අමුතුම ගොළු Gay සීන් එකක් ඇතුලත් කිරීම තුලින් ලොකු වෙනස් මේ නිර්මාණය තුල කරල තියෙනව.

ඉතින් මේකෙ කතාව ගැන කියනවනං පොඩි කොලු කෙල්ලෙක් මූලිකත්වයෙන් තමයි මුලින්ම මේ කතාව පටන්ගන්නෙ. මේ කොලු කෙල්ලගෙ නම Mulla මුල්ලා. ඉතින් මේකට මේ කොලු කෙලි සීන් එක නිසා ස්කෝලෙදි හුගක් කරදර වෙනව. කොහොමහරි ඉතින් මේ Mulla ට හොඳ යාළුවො දෙන්නෙකුත් ඉන්නව. ඒ චරිත කරන්නෙ අර DQ ගෙ Parava ෆිල්ම් එකේ ඉන්න පරෙයි ගහන කොල්ලො දෙන්න. දන්නවනෙ ෆිලුම බලපු අය උන් දෙන්නගෙ Acting පට්ට කියල.👌 ඉතින් උන් දෙන්න මේ කතාවෙත් Mulla එක්ක පොඩි චරිත දෙකකින් කෙටි වෙලාවකට අපි අතරට එනව.😁👍 කොහොමහරි ඉතින් මේ Mulla ට තියන ප්‍රශ්න එක්ක තමන්ගෙ පවුලෙ ලොකු එකා දැකගන්න ආසාවක් එනව. හැබැයි ඒක ඉන්නෙ Mumbai වල, ඉතින් මේ Mulla ඉන්නෙ Lakshadweep කියල ඉන්දියාවට අයිති සූටි දූපතක. ඉතින් මේක ගෙදරට හොරෙන් බෝට්ටුවකින් තමන්ගෙ අයියව හොයාගෙන යනව. යද්දි කුණාටුවකට අහුවෙලා මුහුදෙ යට යන්න ගිහිල්ල කිඳුරියක් එහෙම සෙට් වෙලා පස්සෙ මේක කොහොමහරි බේරෙනව.😂

ඉතින් ඊටපස්සෙ මේක පට්ටම කරදර ගොඩක් තමයි පැටලෙන්නෙ. ඉතින් ඒ සමඟින් තනිකරම Mumbai වල හෙළුව එක පැත්තකින් ලස්සනට පෙන්නල තියෙනව මේ කතාව තුල. ඉතින් මේ කෙලි කොල්ල Mulla ට අන්තිමට තමයි සෙට් වෙන්නෙ Akbar ( Nivin Pauly ) බායිව ඉතින් එතන ඉදන් තමයි පට්ටම ස්ටොරිය පටන්ගන්නෙ. තනිකරම රළු වදියට හිතපු නැති විදියේ සිදුවීම් ටිකකුත් එක්ක කවලම් වෙලා දුවන ස්ටොරියක් මේක. කට ඇරගෙන ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලන්න පුලුවන් ස්ටොරියක්. හින්දි නිළි Sobhita Dhulipala ඉන්නව ලස්සන ගණිකාවකගෙ චරිතයකින්.👌 ඊලගට ඔබ මතකද Maheshinte Prathikaaram චිත්‍රපටයෙ Fahadh Faasil ට ගහන පොර Sujith Shankar කියන මලයාලම් නළුව. අන්න පොර නියම චරිතයකින් ඉන්නව.😂👌 අදුරගන්නත් අමාරැයි. ඇත්තටම මිනිහත් සුපිරි රඟපෑමක් තමයි කරන්නෙ. ඊලගට මේ චිත්‍රපටයෙ Music BGM එහෙම පට්ටම. කැමරාකරණය, වේස් ගැන්වීම් එහෙම සුපිරියට තියෙනව. අවසානය තමයි දුක.😭 ඉතින් ඒ තමයි ඒ ජීවිත වල සැබෑ යථාර්ථය! අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි, හැබැයි අර කෙලි පොඩ්ඩ ගැන මාර දුකයි.😪 කොහොමහරි ඉතින් මේ චිත්‍රපටය අති සාර්ථකයි. මේ සාර්ථක බව නිසාම තමයි ඉතාමත් විශිෂ්ට ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් මේ චිත්‍රපටයට ලැබුනෙ. ඉතින් ඔබත් අනිවාර්යයෙන් මේ චිත්‍රපටය නරඹන්න! සාමාන්‍යයෙන් අපිට නරඹන්නට ලැබෙන මලයාලම් චිත්‍රපට වලට වඩා වෙනස්ම විදියේ නිර්මාණයක් මේක.

කතාවේ අයිතිය සසිත් සුදර්ශන සහෝදරයා සතු වේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

6 comments

  1. Lalani Maduwanthi

    බොහොම ස්තුතියි….

  2. තෑන්ස් බොක්ක මග බලන් හිටපු එකක් ❤️

  3. Supiri sahooo.. Thank 4 sub

  4. Thank you so much❤

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Rumesh Basnayake

    THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login