The title of the page
Starship Troopers Invasion 2012 Sinhala Sub
Starship Troopers Invasion 2012 Sinhala Sub
5.9
49
87

Starship Troopers Invasion (2012) Sinhala Subtitles |මණ්දාකිනියේ සුපිරි ආරක්ෂකයෝ| සිංහල උපසිරැසි සමග

හොඳයි එහෙනම් ටිකක් කල් අරගෙන කට්ටියටම පොරොන්දු උන විදිහටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ඒක ගැන කියන්න කලින් මම මේ ටික කියලා ඉන්නම්. මේ සබ් කරන එකෙන් අපි කාටවත්ම ඇති පුද්ගලික වාසියක් නෑ. අපේ දැනුම වැඩිවෙනවා, හොඳ විනෝදාංශයක් ලැබෙනවා තමයි. ඒත් අපි මේ ෆිලුමකට කාලය වැය කරගෙන, මදුරුවෝ තලාගෙන, අපේ නින්දත් නැතිකරගෙන කරන එකෙන් සතුටක් දැනෙන්න නම් ඔයාලා අපිට කමෙන්ට් එකක් වත් ලියලා යන්න.(Starship Troopers Invasion 2012 Sinhala Sub)

නැත්නම් ඩවුන්ලෝඩ් නම් දහස් ගානින් වෙනවා, කමෙන්ට් නම් පහයි හයයි. ටිකක් හිතට අමාරුයි එහෙම උනාම. අපේ ඇඩ්මින් සමිත මල්ලී මාර කට්ටක් කනවා මේ ෆිල්ම් එකක් වෙනුවෙන්. මම ඊ මේල් සියක් විතර යවනවා ෆිල්ම් එකක් දුන්නාම. ඉතින් සමිත සහෝ ඇතුලු අපේ සිනෙරූ ටීම් එකටම ස්තූතියි මේ දක්වන සුපිරි සහයෝගෙට. ඒ වගේම මගේ ආදරණීය බිරිඳයි, මගේ චූට්ටන් පුතයි මම නැතුව, මට කරදර නොකර පාඩුවේ නිදි. කියන කියන වෙලාවට තේ හදන් එනවා. ඉතින් ඒ හැමදේම නිසයි කිව්වේ කමෙන්ට් එකක් වත් ලිව්වොත් මාර සතුටුයි කියලා. මට විතරක් නෙවෙයි, අපේ හැම උපසිරැසිකරුවෙක්ටම ඒක මාර හයියක් වේවි. හරි ඒක ඇති. කතාවට යමුකෝ අපි. මම අර “The Dark Kingdom” කියලා එකක් කෙරුවානේ. සසර කලකිරුනා ඒකෙන්.

ඉතින් ඒකෙන් උන හිත් රිදීම හරියන්නත් එක්කම මේ වතාවේ ගෙනාවේ සුපිරිම එකක්. මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්. මේකේ තියෙන පොඩි සීන් දෙකක් නිසා මේක 18+ කැටගරි වෙනවා. හැබැයි සුපිරියක්. අර ඒලියන් කියලා සුපිරි ෆිල්ම් එකක් ආවේ. අන්න ඒ වගේම කතාවක් තියෙන්නේ. හැබැයි මේක ඇනිමේශන් එකක්. හැබැයි ඉතින් ඇනිමේශන් උනාට ඇත්තම රූප වගේ තමයි. මේක පටන් ගන්නේ මෙහෙමයි, විශ්වයේ ආරක්ශාව තහවුරු කරන කට්ටියක් හදිසි මෙහෙයුමකට යනවා. ඒකේදී හිරකාරයෙක් උනු කෙනෙක්ව බේර ගන්නවා. එක යානයක් බලෙන් අත්පත් කරගෙන පැනලා යනවා තවත් කෙනෙක්.

හැබැයි අවසානේ නම් නියමයි. දුෂ්ටයෝ නෑ අවසානේදී. බලලම තේරුම් ගන්නකෝ. සුපිරිම සුපිරියක්. බලලා ඉවරවෙලා පුලුවන් නම් කමෙන්ට් කරන්න. අඩුපාඩු උනත් කමක් නෑ. මේ ෆිලුම ටිකක් මැදදී අමුතු වාක්‍ය ටිකක් තිබ්බට අවසානේදී ඒ ඔක්කොම තේරේවි. ඊලඟට මම ගේන්න හිතන් ඉන්නේ සුපිරිම සුපිරි ටී වී සීරීස් එකක්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අය ඉන්නවා නම්, ද විචර් බලපු අය නම්, හොල්මන්, මැජික් බලන අයට නම් අහන්නම දෙයක් නෑ. මං හිතන්නේ ඒකෙන් නම් ලොකු වෙනසක් වේවි. දැන්ම කට්ටියට කියලා තියන්න, පිස්සුවෙන් බලන්න පුලුවන් ටී වී සීරීස් එකක් ඔන්න එනවෝ! කියලා. සතියට එකක් දෙනවාමයි. එහෙනම් බොහෝම ස්තූතියි. ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරනයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන සහෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    මේකෙ කලින් film 3ටත් සබ් දෙන්න පුළුවන් නම් වටිනවා බ්‍රෝ ඒවටත් IMDb එක එහෙම හොඳ මට්ටමක තියනව පලවෙනි එකට 7යි ගානක් 😊😊
    * Starship Troopers (1997)
    * Starship Troopers 2: Hero of the Federation (2004)
    * Starship Troopers 3: Marauder (2008)

  3. ස්තූතියි සහෝ. ඔයා හොඳට හිතලා සබ් නැති ෆිලුමක් දාන්න. මං සබ් එක දෙන්නම්

  4. Thanks sub ekata supiri ela pluwanman thx

  5. Thanks jayawewa…..!

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  7. Bandula Indrasena

    මරු මරු බන්. දිගටම ඔහොම යමු. ජය වේවා…..!

  8. Shamal Manojan

    ලබාදුන්නු උපසිරැසියට බොහොම ස්තූතියි.

    මේ ෆිල්ම් සෙට් එකේ මුල් ෆිල්ම් ටිකටත් සබ් දෙන්න පුලුවන්ද?
    1997, 2004, 2008 ෆිල්ම් තුනට.

  9. තෑන්ක්ස් බ්‍රෝ කන කට්ටට ❤️❤️👍

  10. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login