The title of the page
SriKrishna@gmail.com (2022) Sinhala Subtitles
[email protected] (2022) Sinhala Subtitles
6.8
93

[email protected] (2022) Sinhala Subtitles | “බබාගෙ ඇත්තම තාත්තා” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවෝ හැමෝටම..

ඔන්න අද උපසිරැසි අරගෙන ආවේ ගිය වසරේ අග භාගේ සිනමාහල් වලට නිකුත් වුණ තවත් කන්නඩ සලරුවට..නමින් කිව්වොත්  [email protected] (2022) කියන ෆිල්ම් එක තමයි අද අරගෙන ආවේ..මේක ඩිජිටල් රිලීස් වුණේ පහුගිය මාර්තු 23 වෙනිදා..මේක අධ්‍යක්ෂණය කරන්නේ කන්නඩ සිනමා අධ්‍යක්ෂක Nagashekar මහතා විසින්..ඉතින් IMDb Ratings පැත්තට හැරිලා බැලුවොත් 6.8/10 ක අගයක් වගේම 93% ක ගූගල් පරිශීලක මනාප අගයකුත් ලබා ගන්න මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා…

ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරිත දෙකම ගොඩක් අයට දැකලා පුරුදු චරිත දෙකක්…ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් දායක වෙන්නේ කන්නඩ නලු Darling Krishna (Sathya) තමයි..Darling Krishna කවුද කියලා දන්නවනේ ඔයාලා…ඔයාලා ගොඩක් ආදරයෙන් වැළඳගත්ත Love Mocktail චිත්‍රපටයේ වගේම Love Mocktail 2 චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපාන්නේ මේ Darling Krishna තමයි..එතකොට ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ අපේ සුරූපී Karthika Menon එහෙමත් නැත්තන් අපි දන්න විදියට කිව්වොත් Bhavana (Malavika) තමයි..Bhavana මෑතකදි නිකුත් වුණ Bhajarangi 2 (2021),Inspector Vikram (2021) වගේ කන්නඩ ෆිල්ම් වලත් ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑවා…

ෆිල්ම් ඒකේ විස්තර කිව්වා ඇති..අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..

මේ ෆිල්ම් එකේ කතා නායකයා වෙන්නේ සත්‍යා..සත්‍යා කියන්නේ හෝටලේක වේටර් කෙනෙක් විදියට වැඩ කරන තරුණයෙක්..දවසක් සත්‍යා වැඩ කරනකොට චූටි බබෙක් එයාට තාත්තේ කියලා කතා කරනවා. ඉතින් සත්‍යටත් එයාගෙ නංගිට උගන්නන්න සල්ලි උවමනාවක් තියෙන හින්දා මෙයත් බබාගෙ තාත්තා වගේ රඟපානවා. මොකද බබාගෙ අම්මා මෙයාට ඒවට ගෙවනවනෙ. ඔහොම ටික කාලයක් යනකොට බබාගෙ ඇත්තම තාත්තා මේ දෙන්නව හොයාගෙන එනවා. එතනින් එහාට කතාව ඔයාලම බලන්නකෝ..ගීත වලට උපසිරැසි ගැන්වීම වෙනුවෙන් ඉශාන් තාරුක සහෝදරයටත් සටහන වෙනුවෙන් අංජුල උමේෂ් සහෝදරයටත් විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන..

එහෙනම් අදට ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. Badva rascal
    Ek love ya
    James kannada movies walata sub dennako akke plz

  2. thank sinhala sube ekata [James (2022)kannada film ekatath sube eni jayawewa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Thnx sub ekta

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.nb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login