The title of the page
Spy x Family (2022) Complete S01 :Part 2 Sinhala Subtitles
Spy x Family (2022) Complete S01 :Part 2 Sinhala Subtitles
7.7
87

Spy x Family (2022) Complete S01 :Part 2 Sinhala Subtitles | “ස්ට්‍රික්ස් මෙහෙයුමේ ඉදිරියටම…” | සිංහල උපසිරැසි සමඟ

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම ලැබුවා වූ 2023 නව වසර සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මේ වසරේ වැඩි වැඩියෙන් ඇනිමෙ නරඹන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරගෙන යන ගමන් ම, 2023 වසරේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය එක්ක මගේ 16 වන උපසිරැසි නිර්මාණයෙන් මම අරන් ආවෙ 2022 වසරෙදි anime community එක ඇතුලෙ ජනප්‍රිය වුනු ඇනිමෙ කතා මාලාවක Part 2 එකට සිංහල උපසිරැසියයි.කොටින්ම කිව්වොත් පුංචි ගැහැණු ළමයෙක් නිසාම ජනප්‍රිය වුනු කතාවක දෙවෙනි කොටස අරගෙනයි.

2022 වසරෙදි spring season එකේදි ප්‍රදර්ශනය ආරම්භ වෙලා fall season එකේදි අවසන් වුනු 𝗦𝗣𝗬𝘅𝗙𝗔𝗠𝗜𝗟𝗬 කතා මාලාව 𝘈𝘤𝘵𝘪𝘰𝘯,𝘊𝘰𝘮𝘦𝘥𝘺,𝘊𝘩𝘪𝘭𝘥𝘤𝘢𝘳𝘦,𝘚𝘩𝘰𝘶𝘯𝘦𝘯 යන Genre වලට අයත් වෙන,මිනිත්තු 24 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන මේ කතා මාලාවෙ Part 1 විදිහට මුල් කොටස් 12 කුත් Part 2 එක විදිහට කොටස් 13 ක් සමඟින් Season 1 ට අදාළව මුළු කොටස් 25 ක් නිකුත් වුනා.Tatsuya Endo සෙන්සේගෙ Manga එක ඇසුරෙන් නිර්මාණය වුනු මේ කතාවෙ Part 2 එක IMDB දර්ශකයේ 8.5 ක අගයක් වගේම MyAnimelist දර්ශකයේ 8.47 ක අගයක් ලබා ගනිමින් Top Anime අතර 133 වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙනවා.🔥

Animation නිෂ්පාදන කටයුතු Part 1 වගේම Attack on Titan,Vinland Saga,Kabaneri in the Iron Fortress,Bubble,Hal යන ඇනිමෙ නිර්මාණය කරපු 𝑾𝒊𝒕 𝑺𝒕𝒖𝒅𝒊𝒐 එකත් Darling in the FranXX,The Promised Neverland,My Dress-up Darling,Horimiya යන ඇනිමෙ නිර්මාණය කළ 𝑪𝒍𝒐𝒗𝒆𝒓𝒘𝒐𝒓𝒌𝒔 𝑺𝒕𝒖𝒅𝒊𝒐 එකත් එකතු වෙලා සිදු කරල තියෙනවා.ඉතින් මේ කතාවේ තේමාවට රසයට ගැළපෙන ගැළපෙන animation බලාගන්න ලැබෙන බවට කිසිම සැකයක් නෑ.

Music ගැන කියනවනම් ඒ කතාවෙ තේමාවට ගැළපෙන නාද රටා කිහිපයකින්ම මේ කතාව හැඩ වෙනව වගේම, Opening Theme එක වෙන “SOUVENIR” ගීතය BUMP OF CHICKEN සංගීත කණ්ඩායමත්, Ending Theme එක වෙන “Shikisai” ගීතය yama විසිනුත් ගායනා කරනු ලබනවා.මේ හරිම ලස්සන චාම් ගීත දෙකත් Part 1 වල වගේම ඔයාට අමුතුම හැඟීමක් අරන් ඒවි.❤️

ඒ වගේම තමයි මේ කතාවෙ Producing Staff එකට Draling in the FranXX,Fate Grand Order,Guilty Crown,Bubble,Hal යන ඇනිමෙවලට දායකත්වය ලබා දුනු පිරිස් වගේම Voice Acting Staff එකට Darling in the FranXX,Dr.Stone,Beastars,Fruit Basket,86 යන ඇනිමෙ සඳහා තම දායකත්වය ලබා දුන්නු පිරිසකුත් මේ කතාවෙ ප්‍රධාන චරිත සඳහා එකතු වෙනවා.🤩

අපි දැන් යමු කතාව පැත්තට… Westalis හා Ostania කියන රටවල් දෙක තොරතුරු යුද්ධෙක පැටලිලා තියෙන්නෙ.කොටින්ම කතාව දිවෙන්නෙ සීතල යුධ පසුබිමක කිව්වොත් හරියටම හරි.ඒ මේ එක රටක දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සැබෑ යුද්ධයකට මාන බලනව කියල එළිදරව් වෙනවා.ඉතින් මේ කෙනාට ළං වෙලා මේ ගැන තොරතුරු දැනගන්න භාරවෙන්නෙ නියෝජිත Twilight ටයි.මෙයා කවුද? මොන රටේද? යුද්ධය පටන් ගන්න හදන කෙනා කවුද? ඉන්නෙ මොන රටේද?  කියල මම ඔයාට කියන්නෙ නෑ.

Operation Strix කියල නම් කරන මේ මෙහෙයුම සාක්ෂාත් කරගන්න නම් Twilight විසින් සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ළමයෙක් හදාගන්න ඕනි වෙනවා.ඉතින් කොහොම හරි හොයාගන්න ලැබෙන ළමයත් හරි අරුම පුදුම හැකියාවක් තියෙන ගැහැණු ළමයෙක්.හැබැයි මේ හැකියාව ගැන කවුරුවත් දන්නෙ නෑ.මෙහෙයුමේ ටිකෙන් ටික ඉස්සරහට යද්දි අම්මා කෙනෙකුගේ වුවමනාවකුත් මතු වෙනවා.අන්තිමේදි හොයා ගන්න අම්මත් හරිම අපූරු වගේම අභිරහස් අම්මා කෙනෙක්. අම්මගේ රහස මොකක්ද? ළමයගෙ රහස මොකක්ද? මේ මෙහෙයුමට ළමයෙක් ඕනි ඇයි? මෙහෙයුමේ විශේෂත්වය මොකක්ද? කියන දේවල් අපිට Part 1 එකෙන් බලාගන්න ලැබුනා.

ඊට පස්සෙ Part 1 ඉවර වුනු තැනින්, ඒ කියන්නෙ ආන්යාට බලු පැටියෙක් ඉල්ලන තැනින් තමයි තමයි Part 2 පටන් ගන්නෙ.Part 1 හි අපිට බලාගන්න ලැබුනු තරම් ක්‍රියාදාම මේ Part 2 එකෙන් බලාගන්න ලැබෙන්නෙ නම් නෑ.හැබැයි මේ Part 2 එක කොහොමවත්ම boring නම් නෑ.කොහොමත් මුල ඉඳන්ම SpyXFamily කියල කියන්නෙ පවුලේ හැමෝටම එකට ඉඳගෙන උනත් නරඹන්න පුලුවන් විදිහෙ කතාවක් නිසා මේ කොටස් 13 ත් ඒ විදිහමයි.ඒ වගේම එක අලුත් චරිතයකුත් මේකෙදි අපිට බලාගන්න ලැබෙනවා.මෙයා Twilight වගේම කෙනෙක්.ඉතින් මේ Part 2 එකේදි වෙන්නෙ මොකක්ද කියල නම් මම කියන්නෙ නෑ…😌
ඉතින් ඔයා Part 1 නරඹපු නැති කෙනෙක් නම් ඒක මුලින් අනිවාර්යයෙන්ම නරඹලා ඉන්න.මොකද මේ Part 2 පටන් ගන්නෙ Part 1 ඉවර වුනු තැනින්මයි.දැන් ඔයාට මේ කොටස් දෙකම සිංහල උපසිරැසි එක්ක නැරඹීමේ හැකියාව තියෙනවා.

මේ Part 2 එකෙන් මේ කතාවෙ Season 1  නිමාවට පත් වෙනවා.ඒ වගේම 2023 වසරෙදි, ඒ කියන්නෙ මේ අවුරුද්දෙම Season 2 එක වගේම චිත්‍රපටයකුත් නිකුත් වෙනව කියල දැනටමත් දැනුම් දීලයි තියෙන්නෙ.මේ උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියල පහළින් Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මේ වගේ තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙනකන් හැමෝටම සුභ වේවා! ජය වේවා!

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

10 comments

  1. thanks godariyak umma

  2. thanks bn hugak dawas balan hitiya

  3. Dankan hitiye.thanks for sub

  4. Thank You Sahodaraya Upasiresiyata 🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login