The title of the page
Spider Man No Way Home Sinhala Subtitle
Spider Man No Way Home Sinhala Subtitle
8.8
93
97

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | “මකුලු මිනිසාගේ රහස හෙළිවේවිද..?” | සිංහල උපසිරැසි සමඟ

(Spider-Man: No Way Home (2021) Sinhala Subtitles) (Spider-Man: No Way Home (2021) Sinhala Subtitle) (Spider-Man No Way Home 2021 Sinhala Subtitle)

Spider-Man කිව්වම ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආදරේ කරන චරිතයක්. අපි උනත් පොඩි කාලෙ ඉඳන්ම හුඟක් ආසාවෙන් බලපු චිත්‍රපටියක් තිබ්බා නම්… ඒ Spider-Man. මාවල් රසිකයෙක් නොවන කෙනෙක් උනත් Spider-Man චරිතයට ලොකු කැමැත්තත් තියෙනවා.

අද උනත් අපි ආසාවෙන් මගනොහැර බලන Spider-Man චරිතය නිර්මාණය කරන්නෙ “කැමියෝ 👑 එහෙමත් නැත්තන් හැමෝම දන්න “Stan Lee” විසින්. ස්ටැන් ලී අද අපි අතරෙ නැති උනත් Spider-Man චරිතය අදටත් හුඟක්ම ජනප්‍රියත්වයක් උසුලන චරිතයක් බවට පත්වෙලා තියෙනවා.

මුලින්ම Spider-Man චරිතය Live Action චිත්‍රපටියක් විදිහට නිර්මාණය වෙන්නෙ 2002 වසරෙදි. ඉතින් මේක Trilogy එකක් විදිහට තමයි නිර්මාණය වෙන්නෙ. Sony Pictures ආයතනයේ මූලිකත්වයෙන් නිර්මාණය කරපු මේ Trilogy එකේ Spider-Man චරිතයේ නිරූපණය කරන්නෙ “Tobey Maguire” විසින්. Spider-Man කොමික් චරිතය නිර්මාණය කළේ Marvel Studios ආයතනයෙන් උනත් පස්සෙ කාලෙක Marvel Studios ආයතනයේ කඩා වැටීමත් එක්ක එයාලා තීරණය කරනවා මේ කොමික් චරිත කීපයකම රයිට්ස් විකුණන්න. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි Sony Pictures ආයතනය Spider-Man චරිතයේ රයිට්ස් අරගන්නෙ. හැබැයි මේ නිර්මාණය කරපු Spider-Man Trilogy එකේ චිත්‍රපටි ආදායම් අතින් ඒ තරම් සාර්ථක වෙන්නෙ නෑ. ඒ නිසා ඒ trilogy එක එතනින් නවත්තලා දාන්න තීරණය කරනවා.

Spider-Man (2002)

Spider-Man 2 (2004)

Spider-Man 3 (2007)

ඊට පස්සෙ ආයෙමත් Spider-Man චිත්‍රපටියක් නිර්මාණය වෙන්නෙ 2012 වසරෙ. ඒ “The Amazing Spider-Man” නමින්. මේකත් නිර්මාණය කරන්න බලාපොරොත්තු උනේ Trilogy එකක් විදිහට. ඒ කියන්නෙ චිත්‍රපටි 3 ක් විදිහට. ඒ කොහොම උනත් නිර්මාණය කරපු The Amazing Spider-Man චිත්‍රපටි ද්විත්වයම ආදායම් අතින් නැවත වතාවක් අසාර්ථක වීම නිසාම මේ Trilogy එක චිත්‍රපටි දෙකකින් අවසන් කරන්න තීරණය කරනවා. මේ චිත්‍රපටිය ද්විත්වයටම රංගනයෙන් දායක උනේ “Andrew Garfield”. මේ චිත්‍රපටි දෙකත් නිර්මාණය වෙන්නෙ Colombia Pictures සහ Marvel Entertainment යටතේ උනත් අයිතිය තියෙන්නේ සුපුරුදු විදිහට Sony Pictures ආයතනයට.

The Amazing Spider-Man (2012)

The Amazing Spider-Man 2 (2014)

ඒ චිත්‍රපටි දෙකෙනුත් පස්සෙ Marvel Studios ආයතනයේ මූලිකත්වයෙන් Sony Pictures ආයතනය යටතේ මීළඟට නිර්මාණය කරනවා “Spider-Man: Homecoming” Trilogy එක. මෙන්න මේ trilogy එකේ පළවෙනි චිත්‍රපටියෙන්ම සාර්ථක ආදායමක් ලබාගන්න සමත් වෙනවා. ඒ නිසාම මීළඟ චිත්‍රපටි දෙකත් නිර්මාණය කරන්න Sony Pictures ආයතනය සහ Marvel Studios ආයතනය තීරණය කරනවා. මේ trilogy එකට රංගනයෙන් දායක වෙන්න “Tom Holland”. මේ trilogy එකේ අන්තිම චිත්‍රපටිය තමයි “Spider-Man: No Way Home 2021” නමින් පසුගිය වසර අවසානයේ තිරගතවීම් ආරම්භ කරන්නෙ. මීට කලින් නිර්මාණය කරපු කොයිම Spider-Man චිත්‍රපටියකටත් වඩා සාර්ථක ආදායමක් මේ චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකොට No Way Home චිත්‍රපටිය ඇ.ඩො. බිලියන 1.5 ක වගේ අති විශාල ආදායමක් ලබාගෙන තියෙනවා.

Spider-Man: Homecoming (2017)

Spider-Man: Far from Home (2019)

Spider-Man: No Way Home (2021)

“No Way Home” චිත්‍රපටිය ගැන මාවල් ෆෑන්ස්ලා වගේම ස්පයිඩර් මෑන් ෆෑන්ස්ලත් හුඟක් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ මොනවද කියලා ඒ අය දන්නවා. දැනටමත් මේක සිනමාශාලා වලින් බලපු අය ඉන්නවා ඇති. ඒ වගේම නොබලපු අයත් ඇති. මුල් දවස්වල ලොකු රැල්ලකුත් හැදුනනෙ චිත්‍රපටිය බලන්න තියටර් වලට යන.

2002 වසරේ සිට 2021 දක්වා නිර්මාණය වුණු Spider-Man චිත්‍රපට සඳහා Spider-Man ලෙස චරිත මැවූ රංඟන ශිල්පීන්

(වමේ සිට පිළිවලින් :- Andrew Garfield,Tom Holland,Tobey Maguire)

කාලයක් තිස්සෙ Social Media වලින් එක එක විදිහට ෆෑන්මේඩ් පෝස්ටර් සහ කන්සෙප්ට් ආර්ට් අපිට දකින්න ලැබුණා… ඒ අතරෙ අපිට අහන්න ලැබුණ දෙයක් තමයි “Multiverse” කියන වචනය. ඇත්තටම මේ Multiverse එක  “Spider-Man No Way Home” චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන් වෙයි කියලා හුඟක් අය විශ්වාස කරා වගේම විශ්වාස කරනවා. ඒක එහෙම නොවෙන්න කිසිම හේතුවක් නෑ. මොකද Marvel Studios ආයතනය කියන්නෙ හැමදාමත් එයාලගෙ ෆෑන්ස්ලට ඕනි කරන දේවල් අනිවාරෙන්ම ලබාදෙන්න කටයුතු කරන ආයතනයක්. චිත්‍රපටියේ ට්‍රේලර් වලින්ම අපි බලාපොරොත්තු උන දේවල් වලින් කීපයක්ම ඉෂ්ඨ උනා කියලා අපි දැක්කා. මේක තමයි 2021 වසරෙ ලොකුම හයිප් එකක් තිබුණ චිත්‍රපටිය. ඒ වගේම චිත්‍රපටියත් හුඟක්ම සාර්ථක උනා කියන්න පුළුවන්. ඇ.ඩො. මිලියන 200 ක බජට් එකකින් අරවගේ ආදායමක් ලබාගත්තා කියන එකෙන්ම ඒක ඔප්පු වෙනවා.

ඒ සාර්ථකත්වය නිසාම “Spider-Man No Way Home” චිත්‍රපටියට IMDb 8.8 අගයකුත්, Rotten 🍅 මීටරේ 93% ක අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි 97% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

ඉතින් එහෙනම් අපි චිත්‍රපටිය ගැන කියන්නේ නෑ, ඔයාලට කියන්න තියෙන්නේ මග නොහැර මේ චිත්‍රපටය බලන්න කියලා. එහෙනම් ඔයාලට සුභ දවසක්. අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න..

සටහන :- සොමේෂ් ජයරත්න 

(Spider-Man: No Way Home Sinhala Sub) (Spider Man No Way Home 2021 Sinhala Sub) (Spider-Man Sinhala Subtitle) (Spider Man No Way Home Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

61 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  2. Secret N
    Cineru Family Member

    එල එල..
    ඔරිගිනල් එන්න ලඟයි….

  3. loku udawwak thank u a

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Peacemaker එකටත් සබ් දෙන්න

  6. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Cineru ekanam hamadama mawa surprise kranawa. thankxx

  9. Sub ekata thanx

  10. ෆට්ට කොලෝ දෙන්නටම තෑන්ක්ස්

  11. Oyaala dheela thiyena video ekata wada original ekak adha awa . Ekatath sub dennakoo

    • ඒකත් ඔරිජිනල් නෙවෙයි..HDTC එකක් ආවේ..ඒකටත් අප්ඩේට් එකක් දෙන්නම් ඉක්මනටම..

  12. February 4 ta kalin denna try karanna please 🙏

  13. දැන් HDTC කොපි වලටත් සබ් එක අප්ඩේට් කරලා තියෙන්නෙ මචං..

  14. Ko ethakota film eke

    • පහල තියෙන්නෙ වීඩියෝ පිටපත් කියලා බට්න් එකක්..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..එතකොට බටන් එක පෙන්වයි…

  15. ❤️❤️❤ thnxx

  16. thanks machi

  17. මේක film hall එකක ගහපු video කොපියක්ද……නැත්නම් original එකේම HDTS කොපියක්ද ?

    • Original කොපි කියන්නේ සාමාන්‍යයෙන් HDRIp වලින්වත් එහා තියන කොපි වලට..HDTS,HDTC කියන්නේ කැම් කොපි වලට වඩා කොලිටි කොපි දෙකක්..

  18. Ayye oyala dheela thiyena video ekata wada original ekak mn gaawa thiyennawa. Ekata sinhala subtitles hadhala dennakoo spider-man-no-way-home-2021-dual-audio-hindi-english-hdtc-480p-500mb-720p-1-25gb-1080p-3-6gb/
    Me link eken gihin balannako

    • ඒකටත් සබ් එක දීලා තියෙන්නෙ..HDTS/HDTC දෙකටම සබ් දීලා තියෙන්නෙ..ලිපිය කියවලා බලන්න ටිකක්..

  19. Thank you

  20. මේක subtitles නැතුව download කලොත් මුකුත් වෙන්නෙ නෑ නේද.මොකද මන් pen එකට දාලා tv එකෙන් බලන්නෙ….subtitles වැටෙන්නෙ නෑ tv එකට.මේක හඩකවලා තියෙන්නෙ english නේද ?

    • ටීවි එකෙන් බලනවනම් Hardcoded video Copy කියන එක ගන්න..ඒකේ සිංහල සබ් කන්වර්ට් කරලමයි තියෙන්නෙ..

  21. Thanks Bro

  22. Hardcoded සිංහල සබ දාල කරන විදිහ දැනගන්න පුලුවන්ද මම හොයනවා හොයනවා හොයා ගන්න බැරි උනා ලොකු උදව්වක්

  23. Original එනකන් ඉදලම බලනවා Copy බලලා වැඩක් නෑ

  24. හෙට නේද original movie එක release වෙන්නේ

  25. bluray awa bozaa

  26. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Bluray අප්ඩේට් කරපියාව්. ඉක්මන්ට.

  27. හප්පා ඇති යන්තං ගෙනල්ලනේ….. තෑන්ක්ස් බ්‍රෝ…. ජයම වේවා. 👍👍👍

  28. Bluray download link tiyeda mcn

  29. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  30. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  31. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  32. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Adam Project (2022)
    Turning Red (2022)

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  33. Shan Wickramasinghe

    Thank you!!! ❤❤

  34. Thanks sub ekata

  35. Sub ekata Godak Thanks🔥

  36. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ඔය තියෙන්නේ ගැම්ම සුපිරි ෂෙහාන් – ඉෂාන් 👌👌👌❤❤
    මහන්සියට තෑන්ක්ස් කොල්ලෝ දෙන්නටම!!

  37. බොහෝම ස්තුතියි

  38. Thanks for the sub!!!!

  39. 1080p එකටත් සබ් එක hardcode කරලා දෙන්නකෝ.බොහොම පින්

  40. Thanks Saho

  41. Download karana link eka nane

  42. Original story release una ned. Ekt me sub 1 set nane. Mm gththe BluRay 1080p. 😢

    • Bluray කොපියට සබ් එක අප්ඩේට් කරලා තියෙන්නෙ..ඔයා ගත්ත වීඩියෝ කොපිය චෙක් කරලා බලන්න..

  43. සබට තෑන්ක්ස් ඩබලටම..❤️🧡

  44. chaminda gunasekara

    Thank You❤

  45. nice website

  46. pathum ranasinghe

    Thank you so much guys ❤👍

  47. Spider-Man: No Way Home

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login