The title of the page
Maaran (2022) Sinhala Sub
Maaran (2022) Sinhala Sub
8.3
93

Maaran (2022) Sinhala Subtitles | “සත්‍යවාදියා” | සිංහල උපසිරැසි සමඟ

(Maaran (2022) Sinhala Subtitles) (Maaran (2022) Sinhala Sub)

“MAARAN (2022) – සත්‍යවාදියා”

කොහොමද මගේ යාලුවො හැමෝටම..

ඔන්න අද හවස 5.00 OTT හරහා නිකුත් උන ෆිල්ම් එකකට තමයි හරියටම මධ්‍යම රාත්‍රිය (00.00 A.M) වෙනකොට ඔගොල්ලන්ට අරං ආවේ…පැය කිහිපයක නොකඩවා මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියට…

රිලීස් වෙනකන් හැමෝම වගේ නොඉවසිල්ලෙන් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි මාරන් කියන්නේ. ප්‍රධාන චරිතය, අධ්‍යක්ෂණය, සංගීතය කාගෙද කියලා කියන්න අමුතුවෙන් අටුවා ටීකා ටිප්පලි ඕනේ නෑ නේ, ඉතිං ඔක්කොම වර්තමාන දමිළ සිනමාවෙ ලෙජන්ඩ්ස්ලා..

ඔයාලා දන්නවා…. සමහර ෆිල්ම්ස් තියෙනවා මුල් විනාඩි කීපයෙදි ප්‍රේක්ෂකයන්ව සවාරියක් ගෙනියනවා වගේ අරන් යන නමුත් කිසිම කුතුහලයක් නැතිව ඉදිරියට සිදුවෙන දේ අනුමාන කරන්න පුලුවන් චිත්‍රපටිත් ඔයාලා බලලා ඇති….ඉතිං යම් අවසානාවකට වගේ මාරන් චිත්‍රපටියත් වැටෙන්නෙ ඒ ගණයට…

මතුපිටින් බැලූ බැල්මටම පේනවා කතාව ගෙතෙන්නේ අවංක සත්‍යවේදී ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වටා කියලා… මගේ මතය නම් මෙය චිත්‍රපටයේ නියමිත කාලය තුල ධාවනය කිරීමට සැකසූ සිදුවීම් වල එකතුවක් මිසක් සම්පුර්ණ කතාවක් නෙමෙයි කියලා… මෙය යම් අසම්පූර්ණ නිර්මාණයක්….

මෙ ෆිල්ම් එක සාධන විට අධ්‍යක්ෂ කාර්තික් නාරෙන් ශෛලියට පමණක් අවධානය යොමු කරලා කියන එක පෙන්න තියෙන කරුණක්… ප්‍රේක්ෂක සිත් දිනා ගැනීමට ශෛලිය පමණක් අන්තර්ගත විම ප්‍රමාණවත් නැහැ..

ගුණදොස් ගැන කතා කළොත් ඇත්තටම ගුණ වලට වඩා දොස් වැඩියි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක සිදුවීම් අනුපිළිවෙලට ගලා යා යුතුයි. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ගැන නිර්මාණයක් කිරීම මිසක් අධ්‍යක්ෂවරයාට වෙනත් අදහසක් තිබිලා නැහැ වගේ. මුල් පැය භාගයෙන් මාධ්‍යවේදි චරිතය නැවතී ඉන් පසු දිගටම නංගි වෙනුවෙන් පළිගන්නා අයියා කෙනෙක් ලෙස ක්‍රියා කරනවා. මාරන් ගේ චරිතය නඩත්තු කිරීමට අමතරව සහෝදර ප්‍රේමය හුවා දක්වා දැමිමට ගොස් යම් යම් තැන් වල ගලා යෑමට බදා පමුනුවාගෙන තියෙනවා…කන්සෙප්ට් එක තුලත් කිසිදු ගැඹුරක් නොමැතිකම විශාල අඩුපාඩුවක් එත් මෙය නීරස බවකින් තොරව පවුලේ හැමොටම වගෙ නරඹන්න පුලුවන්…

ධනුෂ්ගේ චරිතය ගැන කිව්වොත් රඟපෑම සාමාන්‍යයි, ඔහුගේ රංගනයට පවා චිත්‍රපටය බේරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා මොකද කතාවේ රගපෑ නලුවාට කතාවෙ කතාවෙ එක අංශයක් පමණයි නඩත්තු කිරිමෙ හැකියාව ඇත්තේ. එත් තිත්ත උනත් සත්‍ය කිව්වොත් මෙය DHANUSH ගෙ අසාර්ථක තිරපිටපත් තොරාගැනිමක් කියලා කියන්න පුලුවන්…

කතාවේ වීරයාගේ ආගමනයට විවිධ අංග ඇති නමුත් කිසිම විශේෂත්වයක් මෙ ෆිල්ම් එකෙ නැහැ… ධනුෂ්ගේ චරිතය හඳුන්වාදෙන ආකාරය බලන්න, ඔහුගේ චරිතය ගැන කියවෙන්නේ කුමක්දැයි ඔබම සිතා බලන්න. මාරන් හැදී වැඩෙන්නේ සම්පූර්ණයෙන්ම ඔහුගේ පියා ලෙස බව කතාව පුරාවටම පෙන්වයි.මාරන් සහ ඔහුගේ බුද්ධිය, පොලීසියටත් වඩා ඉදිරියෙන් සිටීම ආදී ඇතැම් සිදුවීම් පුදුමයකට වඩා හාස්‍යක් මතු කරනවා… මාරන් සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වීම හොඳම උදාහරණයක්.

මලවිකා මෝහනන් ගේ චරිතයට (මාරන්ගේ පෙම්වතිය) නිසි හැඳින්වීමක් නොලැබෙන අතර ඇය මාරන්ගේ පෙම්වතිය බව දැනගන්නේ ද මාරන්ගේ නංගි ගෙ කතාවෙන් පස්සෙයි….

දේශපාලකයාගේ චරිතය.. ඒම නැත්නම් කතාවේ දුශ්ටයා ප්‍රේක්ෂකයන්ට හඳුන්වාලා දුන්න විදිය එතරම් සාර්ථක නැහැ. ස්මෘති වෙන්කට්ගේ චරිතය විශිෂ්ටයි. ඇය එය ඉතා විශ්වාසයෙන් යුතුව රඟ දැක්වුවා..

ජී.වී. ප්‍රකාශ් ගේ සංගීතය අති විශිෂ්ටයි. සංගීතය, නර්තනයට හැර එහි හොඳයි කීමට වෙන කිසිවක් මට කියන්න බැහැ….ජිවි ප්‍රාකාශ් ගේ සංගිතය නොමැති නම් මෙ ෆිල්ම් එක ප්‍රේක්ෂ්කයාට සමහරක් විට නීරස විමටත් ඉඩ තිබ්බා…

සංගීත අධ්‍යක්ෂක G.V.ප්‍රකාෂ්

Chittuk kuravi ගීතයේන්…

♪ කවුද රිදවුයේ..කන්නම්මා…♪
♪ ඇයි මේ නිහඩව…පැටියෝ…♪
♪ කතන්දර…කියන්නෙමි මමත්…♪
♪ වෙදනාව…පහාව යාවි…♪
♪ දැස් හිමින් හිමින් පියාගන්න….♪
♪ මෙ අදුරේ සාමය සොයන්න…♪
♪ ගේ කිරිල්ලී…♪ ///

චිත්‍රපටයේ තාක්ෂණික අංශ අවංකවම දුර්වලයි, සමහර ෆිල්ම්ස් වගේ කම්මැලි නැති උනත් කියන්න වෙනවා ගොඩක්ම දුර්වල මට්ටමක තියෙන්නේ කියලා. පරිකල්පනය, සැලසුම් කිරීම, පැහැදිලිකම නොමැති වීම, අවසානයක් නැති වීම ආදිය නිසා සාර්ථක නිර්මාණයක් කියන්න අපහසුයි. බලාපොරොත්තු වූ තරම් දෙයක් ප්‍රේක්ෂකයන්ට නොලැබීම කණගාටුදායකයි. දුර්වල වාණිජ ත්‍රාසජනක ෆිල්ම් එකක් කියලා හිතෙන්නේ මට විතරක් නෙමෙයි කියලා මම හිතනවා…

Maaran සිනමාහල් වල නිකුත් කිරීමට තිබුණත් නිෂ්පාදකයන් එක අතඇරලා දැම්මෙත් මෙම කරුණ නිසාද කියලා අනුමානයක් ඉදිරිපත් කරන්නත් පුලුවන්….

එත් මාරන් යනු පවුලේ සැමට එකට නැරඹිය හැකි වාණිජ චිත්‍රපටියක් නිසාත් Dhanush ගෙ නව පෙනුමක් මෙකෙ පෙන්න තිබෙන නිසාත් මාරන් නරඹලා උපැසිරැසි යෙ ගුණ අගුණත් කමෙන්ට් එකක් ඉදියට දමන්න යැයි මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි…

ලිපි සැකසුම : ශලිනි ඉමේෂා

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

26 comments

  1. chamith madhushka

    sub ekata tax enakan balan hitiyee

  2. Thanks bro jaya weva.

  3. Sub ekata thanx

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට…d

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. thank s’සිනෙරු කණ්ඩායම sinhala sube ekata [Khiladi (2022) telugu =[rider (2021) kannada] me film valattath sube danna jayawewa.

  7. thank s’සිනෙරු කණ්ඩායම sinhala sube ekata [Khiladi (2022) telugu =[rider (2021) kannada] me film valattath sube danna jayawewa.

  8. umesh maduranga
    Cineru Family Member

    Secret N සහො ඉනුශ සහො thank you 🙏🙏👍👍

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. The Adams project subtitle oni

  11. ade boru IMDB daanna epa bn. mama iiye baladdith 5.5k thibbe

  12. Dilan Marasinghe

    මේ films download කරගන්න තැනක් දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? ස්තූතියි.

    • samitha
      Cineru Family Member

      උපසිරැසි ඩවුන්ලෝඩ් කරන තැනට යටින් ඇති වීඩියෝ පිටපත් කියලා බටන් එකක් එකෙන් ලින්ක් ගන්න පුළුවන්

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Arawinda Sunimal

    THANKS SUB EKATA

  15. මම නම් මේ දුන්න විචාරයට එච්චර එකග නෑ. මේ විදියට ලිපිය දුන්නොත් නම් සබ් එක වත් ගන්න එකක් නැතිවෙයි. පෙන්නන තරම් යකා කලු නෑ කියලා නම් චිත්‍රපටිය බැලුවහම තේරෙනවා. .

    ලිපියෙ දක්වපු සමහර කරුණු කොලිවුඩයට අනන්‍ය ඒවා. ඒ නිසා ඒවාගෙන් චිත්‍රපටි දමිල කියලා වෙනම අනන්‍යතාවක් හැදෙනවා .

    උපසිරැසියට ස්තුතියි.

  16. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    Kavidu,

    ෆිල්ම් එක ගුඩ් වන් ගුඩ් වන් කිය කිය එක මිනිහෙකුගෙ කාලය කා දැමිමට කිසිම අවශ්‍යතාවයක් නැහැ..

    විචාරත්මක ලිපියක් තමයි ඔය පලකරලා තියෙන්නේ විචාරයකදි සෑම දෙම සමබර විය යුතුයි..මධ්‍යස්තව ඉදගෙන තමයි ඔය විචාරය ලියලා තියෙන්නේ…හොද නරක සහ වටිනාකම ප්‍රවනතා හැම දෙම ඔකේ තියෙනවා…

    ඔක කියවන ග්‍රාහකයා එය කියවන්නේ ඔක කියවලා දැනුමක් අරගෙන චිත්‍රපටය බලන්න…ලිපිය මගින් තමයි ඔවුන් තිරණය කරන්නේ ෆිල්ම් එක නරඹනවද නැද්ද මෙය හොදද නරකද කියලා එහෙයින් සමබර විචාරයක අවශ්‍යතාව අත්‍යන්තයි..

    අනික කවුරුත් විචාරය කියෙව්වා කියලා සබ් නොගෙන ගොස් නැහැ අපේ මහංසියට ඔගොල්ලොන්ගෙන් වටිනාකම ලැබුනා..

    අපේ කර්යය ෆිල්ම් එකට ආදාල උපසිරැසි නිර්මාණය කර ලබාදිමයි එ පිලිබද යම් අදහසක් ඔබ තුල හො අන්කවරෙකු හෝ තුල අති කිරිමයි…බලන නොබලන එක ප්‍රේක්ෂකයා සතුයි..❤️

  17. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    kavindu මේ කතා ලිවිල්ලට මම හවුල් නැහැ අපි අනුන්ගේ ❤

  18. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ

  19. විචාරෙ කියන තරම් නීරසක්නම් පේන්නේ නැ.මේකට එන්නෙ ඔයාගෙන් නොට්ෆිකේශන් ඇවිල්ල නෙමේනෙ.අපිම ෆිල්ම් එකෙ නම ගහල search කරල එන්නෙ.ඔයාගෙ විචාරෙ බලල සබ් එක ගන් නැතුව හැරිල ගිය කෙනෙක් ඉන්නවනම් මෙන්ශන් කරල පෙන්නන්න.

    මොනාවුනත් මෙච්චර කැප කිරීමක් කරල සබ් එක දෙනවට හදවතින්ම TNX❤️.

  20. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එකෙන්ම ශේන් ඒ ආදරේට තෑන්ක්ස් ඈ ❤
    ඔය කතාව ලිවිල්ලට මම හවුල් නැහැ අපි අනුන්ගේ 😂

  21. Subata thanx… review eka kiyevve filmmek bluvt passe… mama smnyen review kiyvnne ne mkd mata mage view eken smpurna filmmekm blnd one hinda… mata tniyama terum gnd one hinda… mama me anit unta kiynne lipiya liypu eka dkin vidiha e kiyla tiyenne eka eka ekknat venas… tmnge vichare tma usasma eka e hinda ratings bala reviews bala film blna eka navatplla… math eka kra issra imdb bluv rt bluva blnd puluwn hm mhulm bluva… e vage gotha ratings hinda mata godak supiri film miss vuna ( mokada eva baluvata passe tama hitenne ammat siri meka pattne kiyala ) ratings reviews kuyn eva rallata yana eva… e hinda hamavelema tamnge vidiht filmmek rasvindpn anit gotayo monv kivvth

  22. Secret N ( නාරා )
    Cineru Family Member

    Nipun ❤❤❤❤❤ එකෙන්ම

  23. හදවතටම දැනුන කතාවක් මට නම් මේක.හිතාගන්න බැරි අභිරහස් ඒ හැමදෙයක්ම කැටිවෙච්චි ෆිලුමක්..ඒ වගේම සමාජෙට ලොකු පනිවිඩයකුත් දුන්නා මේකෙන්..මහන්සිවෙලා කරල තිබ්බ සබ් එකත් ස්තූතියා සහෝ..

  24. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login