The title of the page
Solo Brathuke So Better 2020 Sinhala Sub
Solo Brathuke So Better 2020 Sinhala Sub
6.6
90

Solo Brathuke So Better (2020) Sinhala Subtitles | තනිකඩ ජීවිතේ හොඳද..? නැද්ද..? | සිංහල උපසිරැසි සමඟ

(Solo Brathuke So Better (2020) Sinhala Subtitles) සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අපේ සිනමාලෝලි රසික හැමෝටම.2020 වසරම අභාගයට ඇදගෙන කොරෝනා වෛරසය නිසා සිනමාවට විශාල බලපෑමක් එල්ල උනානෙ.ඉතින් ඒ හේතුවෙන් සිනමාශාල වල ප්‍රදර්ශනය කල නොහැකි නිසා බොහෝ චිත්‍රපට OTT මාධ්‍ය හරහා පිටපත් නිකුත් කලා.කොහොමෙන්හරි දැඩි නිරෝධායනය නීති මධ්‍යයේ ඉන්දියාවේ සිනමාශාල විවෘත වීමත් එක්ක හයි බජට් පලවෙනි ෆිල්ම් එක විදියට පසුගිය දෙසැම්බර් 25 වෙනිදා තමයි මේ චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කලේ.
ඉතින් මේ අවුරුද්දේ මගේ පලවෙනි සබ් එක විදියට රසගන්වල අරගෙන ආව අද මම මේ චිත්‍රපටිය.එහෙනම් පොඩ්ඩක් චිත්‍රපටිය ගැන කතා කරමු.
චිත්‍රපටියේ නම තමයි…
” Solo Brathuke So Better “
[ තනිකඩ ජීවිතේ ගොඩක් හොඳයි ]

ඉතින් චිත්‍රපටිය සිනමාශාලාවලට දාල සතියක් වගේ ගෙවෙනකොට කොරෝනා උවදුර තියෙද්දිත් ප්‍රේක්ෂකයන් උනන්දුවෙන් චිත්‍රපටිය නරඹන්න සිනමාශාලා කරා ඇදුනා. ඉතින් බොක්ස් ඔෆිස් හි කෝටි 12 කට අධික ආදායමක් ඉපැයීමත් එක්ක මේ චිත්‍රපටියේ Digital Premiere Right අරගෙන තියෙන ZeeTelugu එකෙන් එයාලගෙ ZeePlex හරහා ඉන්දියානු රුපියල් 149 ක ටිකට් ගාස්තුවකට ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න තීරණය කලා ජනවාරි 1 වෙනිදා ඉදන්.

හරි චිත්‍රපටිය ගැන කියනවනම් මේක Drama | Romance කාණ්ඩයේ චිත්‍රපටියක්.Subbu ගරුගේ අධ්‍යක්ශණයෙන් B. V. S. N. Prasad ගරූගෙ නිෂ්පාදනයෙන් සහ S Thaman ගේ  විශිෂ්ඨ සංගීතයෙන් හැඩවෙලා Sri Venkateshwar Cine Chitra බැනරය යටතේ තමයි චිත්‍රපටිය අපි හමුවට එන්නේ.

ප්‍රධාන නලුවා විදියට එක් වෙන්නෙ මං කලින් උපසිරැසි ගන්වපු Prathi Roju Pandagee , Supreme වගේ චිත්‍රපටිවල රංගනයෙන් එක් වෙන තෙලිඟු සිනමාවේ ” Supreme Hero “විදියට හඳුන්වන Sai Dharam Tej විසින්.ප්‍රධාන නිලිය 2018 වර්ශයේ තෙලිඟු සිනමාවට පිවිසුනු මේ දක්වා තම හතරවන තෙලිඟු නිර්මාණයට දායක වන සුරූපී Nabha Natesh විසින්.

ඉතින් ඔන්න කාලෙකින් Nabha ව එයාගෙ පලවෙනි චිත්‍රපටයේ වගේ දඟකාර චරිතයකින් බලාගන්න ඔයාලට මේ චිත්‍රපටිය හරහා ඉඩ ලැබෙනවා.ඒ වගේ ටෙජ් ගෙනුත් සුපුරුදු විනෝදකාමී රංගනය බලාගන්න පුළුවන්.

ඉතින් හා හා පුරා කියල රසවිඳින්න එන අලුත් චිත්‍රපටිය.කතාව කියල මට පුලුවන් ද ඔයාලගෙ රසවින්දනයට බාධා කරන්න.මං ඉතින් ටයිටල් එක අනුව මෙහෙම කතාවක් කියන්නම්කෝ..

” හිතිල තියෙනවද ඔයාටත් කවදහරි…
  මමනම් කසාඳ බඳින්නෑ..
  මම කා එක්කවත් ආදරේ කරන්නෑ..
  ඔය බැඳීම් කියන්නෙ මහ වද අප්පා…
  තනිකඩ ජීවිතේ සැපයි..
  මාර නිදහස් නේ..
  තරුණ කාලෙ ආතල් එකේ ඉන්නෝන.. “

කොහොමත් ගොඩක් අයට ඔය විදියට හිතෙනවනම තමා..ඒත් ජීවිතේ එක තැනක් එයිද ආපහු පොඩ්ඩක් මේ ගැන අපිට හිතල බලන්න වෙන…?

තවත් නොකියමි මොකුත්..සබ අරගෙන ගිහින් ෆිල්ම් එක බලන්න 😇😌

අවසාන වශයෙන් එහෙනම් යාලුවනේ මේ ආරම්භ වෙන්නෙ මගේ උපසිරැසිකරණයේ තුන්වෙනි අවුරුද්ද.මේ මගේ 142 වැනි සිංහල උපසිරැසිය.ඉතින් පුළුවන් කාලයක් ඔයාලට සිංහල උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනව වගේම මගේ එක සබ් එකක් හරි ඔයාලට ප්‍රයෝජනවත් රසවින්දනයක් ගෙනැත් දුන්න නම් ඒක තමා මගේ එකම සතුට…

උපසිරැසි අඩවියක් විදියට සිනෙරූ සාර්තක 2020 වසර අවසන් කරල මේ එලැඹුනේ තවත් පෙරලිකාර අවුරුද්දකට.හැමෝම නිරෝගීව සතුටින් ඉන්න ගමන් රැඳෙන්න මේ අවුරුද්දෙත් සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්ක.
ගිහින් එන්නම් මුවග සිනහව සදාකල් රැදෙන අවුරුද්දක් පතනවා හැමෝටම..

ඔබට ජය !

 
 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. THARUKA NIROSHAN
    Cineru Family Member

    සුභ නව වසරක් වේවා සීනේරූ පවුලේ ඔක්කටම

    බොහොම ස්තුතියි මදුෂාන් මල්ලී උපසිරසට.

  2. හම්මෝ thanks brother happy new year
    ආසාවෙන් හිටපු ෆිල්ම් 1ක්

  3. ගොඩක් පින්…happy new year

  4. Godak pin…happy new year
    Ak vs ak sub dennako puluwan nam

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!
    තෑන්ක්ස් සහෝ

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. එලම එලම මදුවා..🤘🤘

  8. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    සුභ නව වසරක් වේවා මචෝ ….
    තෑන්ක්ස් සබ් එකට Sai Dharam Tej ෆිල්ම් එකක් නම් සුපිරි ඉතිං

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. aluth wela idx sub ekath deela….happy new year

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🤘🤘
    අළුත් අවුරුද්දෙ පළවෙනි එක 😋

  11. චානක තිලංක

    නියමයි සහෝ සුපිරියකට ආපහු සබ ගෙනල්ලා අපේ සිනෙරු එකේ සීනීයර් කෙනෙක් බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ජයවේවා 👍👍👍👍👌👌👌👌👌🙌🙌🙌🙌🙌

  12. thanx sub ekata.. krack (2021) movie ektat sub denna puluwannm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login