The title of the page
4.5
63

Sivakumarin Sabadham (2021) Sinhala Subtitles | “සිවකුමාරන්ගේ අභියෝගය” | සිංහල උපසිරැසි සමඟ

(Sivakumarin Sabadham (2021) Sinhala Subtitles) (Sivakumarin Sabadham (2021) Sinhala Sub)

සුභ නත්තලක් හැමෝටම, අද සබ් එක ගෙනාවේ කොමඩි ඩ්‍රාමා කියන කැටකරි එකේ තියන ෆිල්ම් එකකට..නත්තලේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ පොඩ්ඩක් හිනාවෙවි බලන්න පුලුවන් නියම ෆිල්ම් එකක් තමා මේක… මේ ෆිල්ම් ගැන කිව්වොත්.Sivakumarin Sabadham (සිවකුමාරන්ගේ අභියෝගය) කියන්නේ Hiphop Tamizha Aadhi ලියලා අද්‍යක්ෂනය කරපු ෆිල්ම් එකක්. මේක 2021 ඉන්දියානු දෙමළ භාෂා කොමඩි ෆිල්ම් එකක්.

මේක Aadhi අද්‍යක්ෂනය කරපු දෙවනි ෆිල්ම් එක. Aadhi මේක Indie Rebels කම්පැනි එකයි Sathya Jyothi Films කම්පැනි එකයි එකතු කරගෙන තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. Aadhi සමග Madhuri Jain තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. මේ ෆිල්ම් එක 2021 සැප්තැම්බර් 30 දින නිකුත් උනා. ඒ වගේම මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් එකතුවකුත් ලබා ගත්තා. කතාව පැත්‍තට හැරුනොත් වරධරාජන් (Elango Kumanan) කියන්නේ රාජපත්තු වියන එහෙම නැත්තං පරන කාලේ රජ වරුන්ගෙ බිසවුන්ට සාරි වියන පරම්පරාවකින් එන කෙනෙක්.

එයාගේ පුතා විවාහා වෙලා එනකොට එයාගේ බිරිදට අමාරුවෙලා ඉස්පිරිතාලෙට අරගෙන යනවා කොහොමහරි වරධරාජන්ට එයාගේ බිරිදව බේරගන්න බැරි වෙනවා. එයාගේ දෙවනි පුතාව විතරයි බේරගන්න හම්බෙන්නේ. ඒ ලමයව හදාගන්නේ වරධරාජන්ගේ ලේලියි. වරධරාජන්ගේ ලේලිටත් ළමයෙක් හම්බෙනවා. වරධරාජන් ගොඩක් එයාගේ දෙවනි පුතාට වඩා කැමති එයාගේ මුනුබුරාට. වරධරාජන්ගේ දෙවනි පුතාගේ නම මුරුගන් (Prankster Rahul) වරධරාජන්ගේ මුනුබුරාගේ නම සිවකුමාර් (Hiphop Tamizha Adhi) ටිකෙන් ටික මේ දෙන්නම ලොකු වෙනවා.

සිවකුමාර් ඉන්නේ සීයා එක්කම ඒත් මුරුගන් එයාලගෙන් වෙන් වෙලා චෙන්නායි තමා ජීවත් වෙන්නේ. ඒත් වරධරාජන්නම් මුරුගන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. මොන ජඩ වැඩ කරත් වරධරාජන් ආදරේ එයාගේ මුනුබුරාට. එකපාරක් සිවකුමාර් නැත්තං ශිවා කඩෙක අයිතිකාරෙක්ට ගහනවා. ඒකට එයාව හිරේට දනවා. එතනින් බේරගන්න එන්න වෙන්නේ මුරුගන්ට. ශිවාට කිසිම රස්සාවක් නැති නිසා මුරුගන් ශිවාව එයාගේ චෙන්නායි වල ගෙදරට අරගෙන යනවා රස්සාවක් හොයලා දෙන්න. එහෙදි තමා ශිවාට ශ්රුති (Madhuri Jain) හම්බෙන්නේ. ශ්රුති කියන්නෙ ශිවා කොලෙජ් යන කාලේ ආදරෙ කරපු කෙල්ලෙක්. ඒත් ශ්රුති නම් ඒක ගනන් ගන්නෙ නෑ. කොහොමහරි ශ්රුති එයාගේ ඩ්‍රයිවර්ට තමා ශිවාව ගන්නේ.

ඔහොම යනකොට ශ්රුතියි ශිවයි ආදරෙ කරන්න පටන් ගන්නවා. ශ්රුතිගේ මාමා තමා චන්ද්‍රසෙකරන් කියන්නෙ එයා සල්ලි වලට කෑදර මනුස්සයෙක්. චන්ද්‍රසෙකරන්ගේ පුතා තමා මනොජ් (Rahul Raj) කියන්නෙ මනොජ් හිතන් ඉන්නෙ ශ්රුතිව බදින්න.ඒත් මනොජ් දැනගන්නවා ශ්රුති ශිවා එක්ක යාලුයි කියලා ඒක නිසා මනොජ් ඇවිල්ලා ශිවාට ගහනවා. ඒක දැනගත්‍තන් මුරුගන් ගිහින් මනොජ්ට ගහනවා. ගහලා තියෙන්නේත් මරුම විදියකට ෆිල්ම් එකෙන්ම ඒක බලන්නකො.ඒක නිසා මුරුගන්වයි ශිවාවයි ඒ ගෙදරින් එලවනවා. ඊට පස්සේ මුරුගන් එයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හැමතැනින්ම ණය ගන්නවා එයා චන්ද්‍රසෙකරන්ගේ බැනා කියලා. ඕක දැනගත්ත චන්ද්‍රසෙකරන්ගේ නංගි එයාව මෙහෙන් එලෙව්වා කියනවා.

ඒක නිසා ණයට ගත්ත කට්ටිය ගෙදරට ඇවිල්ලා ණය ඉල්ලනවා. එච්චර සල්ලියක් වර්ධරාජන්ට දෙන්න නැති නිසා එයා එයාගේ පරම්පරාගානක ගෙදර උකසට දෙනවා. ඔය අතරෙදි ශිවා දැනගන්නවා එයාගේ සීයට රාජපත්තු මහන එක නවත්තන්න උනේ චන්ද්‍රසෙකරන්ගේ කපටි වැඩ නිසා කියලා.. ඔය අතරෙ චන්ද්‍රසෙකරන් ශිවාලගෙ ගෙදරටම ඇවිල්ලා අභියොග කරනවා. අවුරුද්දක් අතුලත වර්ධරාජන්ගේ පව්ලම එයාගෙ දොරකොඩට ගෙන්නනවා කියලා.

ඊට පස්සෙ චන්ද්‍රසෙකරනන් ශිවාලගේ උකස් කරපු ගෙදර ලක්ෂ පහලවකට ගන්න හදනවා.. ඔතනිම් එහාට මම කතාව කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්න. “ශිවා එයාලගේ පරම්පරාගානක ගෙදර බේරගන්න පුලුවන් වෙයිද?” “චන්ද්‍රසෙකරන්ට එයාගේ අභියෝගය ඉෂ්ථ කරගන්න පුලුවන් වෙයිද?” ” ශිවා මොකක් කරලා එච්චර ලොකු ණයක් පියවයිද?” “ශිවාට ශ්රුතිව බදින්න පුලුවන් වෙයිද?” මේ ප්‍රශ්න ටික ඔයාලට ඉතුරු කරනවා.. ඉතින් මම කලින් කිව්වා වගෙම ආයිමත් මතක් කරනවා නත්තල් කාලෙ ගෙදරට වෙලා බලන්න පුලුවන් නියම ෆිල්ම් එකක් කියලා…

සිනෙරු උපසිරැසි අංශයත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්නවට ගොඩක් ස්තූති කරනවා… මේ වගේ තවත් උපසිරැසියකින් හම්බවෙමු එතකම් පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. සුභ නත්තලක්..( stay safe and stay home thanks all..)

(Sivakumarin Sabadham Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි කොල්ලෝ❤️💜️💚

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Ambo meka denakan balan hitiye 😍 Thnx mcn.. Pmin ina.bs.

  4. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  5. Pattaaaaaaa

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. නියම වැඩක්. හිපොප් තමිලාගෙ අළුත් ෆිලුම Anbarivu(2022) ටත් සබ දෙන්න බලන්න. ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login