Sirai (2025) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles
8.4

Sirai (2025) Sinhala Subtitles | “සිරකරුවා” | සිංහල උපසිරැසි සමඟ

මේක 2025 අවසානයේ ආපු සුපිරිම චිත්‍රපටයක් කිව්වනම් වැරදි නෑ. ඒකට එහේතුව තිර රචනය අධ්‍යක්ෂණය හා නළු නිළි රංගනය ඉහළම තලයක ස්වාභාවික විදියට තිබීමයි. ඒ කියන්නේ චිත්‍රපටය පුරාම හොද ගලායාමක් පවතීම මේ චිත්‍රපටය සාර්ථක වීමට ප්‍රධාන හේතුවක්.

සුරෙස් රාජකුමාරිගේ අධ්‍යක්ෂකවරයෙක් විදියට කොලිවුඩ් ප්‍රවිෂ්ටය අති සාර්ථකයි. එහේම වෙන්න ඕනේ නේ ගුරා වෙට්ට්‍රිමාරන් වුනාම. මේකේ තිර රචනය සුරේස් කරල තියෙන්නේ එයාගේ සහයක තමිල් එක්කයි. මේකේ කතාව ලිව්වේ තමිල්. නිෂ්පාදනය සෙවන් ස්ක්‍රින් ස්ටූඩොයෝ එකේ එස් එස් ලලිත් කුමාර්. කැමරාකරණය මදීෂ් මානික්කම්, සංස්කරණය පිලොමින් රාජ්. සංගීතය ජස්ටින් ප්‍රභාකරන්

රංගනයෙන් වික්‍රම් ප්‍රභූ, හදුන්වාදෙන එල් කේ ආක්ෂේ කුමාර් හා මලයාලම් නිළිය අනිෂ්මා අනිල්කුමාර් ( මෙයාගේ පළවෙනි දමිළ චිත්‍රපටය). මරනමාස්, අයි ඈම් කාදලන් මලයාලම් චිත්‍රපට නිළිය මතක ඇති නේ..

වික්‍රම් ප්‍රභූ ?

මෙයාගේ පරම්පරාවනම් තාත්තා නළුවෙක් ප්‍රභූ ගනේෂන් , සීයා මහ නළුවෙක් සිවාජි ගනේෂන් . මුනුපුරාට පොඩ්ඩක් හරි පිහිටන්න ඕන නේ. හෙමින් හොද ගමනක් යන කොල්ලා. මේකේ කැපී පෙනෙන රංගනයක්. වික්‍රම් ප්‍රභූ වගේම නවක අක්ෂේගේ රංගනයත් දෙවෙනි නෑ. නවකයෙක් කියන හැඟීම අපට දැනෙන්න දෙන්නේ නෑ. අත් දැකීම් බහුල නළුවෙක් වගේම රංගනය ඉහළයි. තවත් හොද නළුවෙක් කොලිවුඩ්වලට සුරේෂ් රාජකුමාරිගෙන්.

කතාව බලමු

මේකේ කතාවණම් එහේම කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බලන්නම ඕන එකක්. මම කියන මේ ටිකෙන් චිත්‍රපටය ගැන හිතාගන්න බෑ. අපිව එක එක දිශාවන්ට රැගෙන ගියත් මේක හෙන කූල් ෆීල් මූවි එකක්. කදිරවන් (වික්‍රම් ප්‍රභූ) පොලිස් සැරයන් වරයෙක් දක්ෂ වෙඩික්කරුවෙක්. මෙයාගේ රාජකාරිය තමයි උසාවිවලට බන්ධනාගාරයෙන් චූදිතයන්ව රැගෙන යන එක. ඈත තියෙන උසාවිවලට එක්කන් යන්න පාවිච්චි කරන්නේ පොදු ප්‍රවහන සේවය. මේ වගේ එක දවසක් කදිර්ට අබ්දුල්ව ( ආක්ෂේ කුමාර්) වේලුර් බන්ධනාගාරයේ ඉදල සිවගංගයි අධිකරණයට එක්කන් යන්න වෙනවා. ඒකත් පොදු ප්‍රවාහන සේවයෙන් එක රැක් පුරාම. ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.

ඉතින් මිස් කරගන්න එපා. හොද කූල් මූවි එකක්. ඉහළ ප්‍රතිචාරය එක්ක තාමත් තිරයේ දුවන.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


280
Total Subtitles

9 comments

  1. Era Boy
    Cineru Family Member

    ඕනෙම කරන එකක් ලොක්කයියේ.. ❤️😍💥

  2. ස්තූතියි පීටර් අයියේ සබ්එකට
    ඔරිජිනල් ආපුහම අප්ඩේට්එක ඕනේ

  3. මදෑ කියෝල ආවා පාතට පතාට .. කැමරා කොපියක් බැලිත්නම්… 😁 හොද කොපි ආපුම බලමු 🖤👊❤️

  4. Anthima tike substitute nane

  5. අප්ඩේට් එකට තෑන්ක්ස් අයියේ…

  6. Film eke subtitles ek kalin play wenawane. Eka hadal dennko 🥲

    • Peter Barthelot
      Cineru Family Member

      අප්ඩේට් කළා. දැනුවත් කළාට ස්තූතියි ❤️❤️

  7. A superb movie—absolutely worth watching. Thank you so much for adding subtitles; the effort is truly appreciated

  8. Thanks..ස්තූතියි..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login