Don't Come Here (2025) Sinhala Subtitles
Don't Come Here (2025) Sinhala Subtitles
4.1

Don’t Come Here (2025) Sinhala Subtitles | “ සතුටු වෙන්න ගිය ට්‍රිප් එක මරගුලක් වූ හැටි ” | සිංහල උපසිරැසි සමඟ

(Don’t Come Here (2025) Sinhala Subtitles) (Don’t Come Here (2025) Sinhala Subtitle) (Don’t Come Here (2025) Sinhala Sub)

ත්‍රාසජනක චිත්‍රපට (Thriller) පිස්සන්ට ඔන්න තවත් සුපිරිම කතාවක්! “Don’t Come Here” කියන්නේ නම වගේම පොඩ්ඩක්වත් හිතන්න බැරි විදියට ගලාගෙන යන, කුතුහලය පිරුණු ෆිල්ම් එකක්. ලස්සන දූපතක නිවාඩුවක් ගත කරන්න ගිහින් අමාරුවේ වැටෙන කතාවක් තමයි මේක.

කතාව පටන් ගන්නේ මල්ලෝර්කා (Mallorca) වල තියෙන පබ් එකකදී කෙල්ලො දෙන්නෙක්ට යුරෝපීය සංචාරකයෝ පිරිසක් මුණගැහෙන තැනින්. මුලින් නම් මේක හරිම සුන්දර හමුවීමක්. කට්ටියම එකතු වෙලා කැලෑවක් මැදින් Hiking පාරක යන්න ප්ලෑන් කරනවා. හැබැයි මේ විනෝද ගමන ලේ විලක් වෙන්න ගත වෙන්නේ බොහොම ටික වෙලාවයි.

කණ්ඩායමේ හිටපු විවියන්ව අමානුෂික විදියට ඝාතනය කරනවත් එක්කම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. භයානකම දේ තමයි, මේ මිනීමරුවා පිටින් ආපු කෙනෙක් නෙවෙයි, මේ කණ්ඩායම ඇතුලෙම ඉන්න කෙනෙක් කියන එක!

එච්චර වෙලා එකට කාලා බීලා සතුටින් හිටපු යාළුවෝ, දැන් එකිනෙකා දිහා සැකෙන් බලන්න පටන් ගන්නවා. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? තමන්ගේ යාළුවා මිනීමරුවෙක්ද? සැකය සහ බය විසින් එයාලගේ යාළුකම් විනාශ කරලා දාන හැටි සහ අන්තිමට මිනීමරුවා කවුද කියලා එළිවෙනකොට දැනෙන ෂොක් එක බලාගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

Survival Thriller වර්ගයේ කතා වලට ආස අයට මිස් කරගන්න බැරි නිර්මාණයක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


19
Total Subtitles

One comment

  1. ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login