Ronny - The ruler (2024) Sinhala Subtitles
Ronny - The ruler (2024) Sinhala Subtitles
8.9

Ronny – The ruler (2024) Sinhala Subtitles | “ රොනී – ද රූලර් ” | සිංහල උපසිරැසි සමඟ

(Ronny – The ruler (2024) Sinhala Subtitles) (Ronny – The ruler (2024) Sinhala Subtitle)  (Ronny – The ruler (2024) Sinhala Sub)
කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න අද අරගෙන ආවේ දකුණු ඉන්දියානු සිනමාවට, විශේෂයෙන්ම කන්නඩ (Kannada) ෆිල්ම් වලට ආදරේ කරන අයට නියම “Mass” ඇක්ෂන් ෆිල්ම් එකක්. KGF, Salaar වගේ ගැම්මට බලන්න පුළුවන් කතාවක් තමයි මේක.

මේක Action, Crime Drama කියන ශානර වලට තමයි අයිති වෙන්නේ. කතාව ගලාගෙන යන්නේ “රොනී” කියන තරුණයා වටා. රොනී කියන්නේ අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන, තමන්ගේ පවුලට පණ වගේ ආදරේ කරන සාමාන්‍ය කොල්ලෙක්. හැබැයි දෛවය එයාට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්නේ නෑ. සමාජයේ වෙන අසාධාරණකම් සහ තමන්ගේ ආදරණීයයන්ට වෙන කරදර නිසා රොනීට සිද්ධ වෙනවා අතට ආයුධයක් ගන්න. එයා පාතාල ලෝකයට ඇතුල් වෙන්නේ රජෙක් වගේ… හැබැයි එයා එන්නේ නරක වැඩ කරන්න නෙමෙයි, නරකට එරෙහිව සටන් කරන “රොබින් හුඩ්” කෙනෙක් වගේ.

මේකේ ප්‍රධාන චරිතය වන රොනීට පණ පොවන්නේ කන්නඩ සිනමාවේ ජනප්‍රිය තරුවක් වන කිරාන් රාජ් (Kiran Raj). එයාගේ ඇක්ෂන් සීන් සහ ස්ටයිල් එක නම් මේකේ සුපිරියටම තියෙනවා. ඒ වගේම රවිශංකර් ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා තියෙනවා. ගුරුතේජ් ෂෙට්ටි (Gurutej Shetty) විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

අම්මා-නංගි සෙන්ටිමන්ට් (Sentiment) එකත් එක්කම, ලේ රත්වෙන ෆයිට් සීන් ටිකක් බලන්න ආස අයට මේක නියම තෝරාගැනීමක්.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. රොනීගේ මේ ගිනි කෙළි පිරුණු කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රබුද්ධ දර්ශන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රබුද්ධ දර්ශන

November 25, 2025


11
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login