The title of the page
Silent Night (2021) Sinhala Subtitles
Silent Night (2021) Sinhala Subtitles
5.7
64
61

Silent Night (2021) Sinhala Subtitles | “නිහඬ රාත්‍රි” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ නත්තලක්!

නත්තල් දිනය වෙනුවෙන් Cineru.lk වෙබ් අඩවිය මඟින් ලබාදෙන චිත්‍රපට සහ කතා මාලාවල උපසිරැසි අතරේ, මමත් ඔයාලා වෙනුවෙන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.

Silent Night (2021) කියන්නෙ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Black Comedy, ඒ කියන්නෙ අඳුරු තේමාවක් සහිත හාස්‍යජනක මාදිලියේ නත්තල් චිත්‍රපටියක්. මේ චිත්‍රපටය රචනය වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Camille Griffin විසින්. Keira Knightley, Matthew Goode, Roman Griffin Davis, Annabelle Wallis, Lily-Rose Depp, Sope Dirisu, Kirby Howell-Baptiste, Lucy Punch සහ Rufus Jones යන නළු නිළියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

Silent Night (2021) චිත්‍රපටය ලෝක සිනමාවට දායක වුණේ 2021 සැප්තැම්බර් 16 වන දින පැවැත්වූ ‘2021 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල’ හරහායි. ඉන්පසු 2021 දෙසැම්බර් 03 වන දින AMC+ / RLJE Films මඟින් ඇමෙරිකාවේද, Altitude Film Distribution. මඟින් බ්‍රිතාන්‍යයේදිද තිරගතවීම් ආරම්භ කොට තිබුණා.

මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන් කිව්වොත්, එක්තරා පාරිසරික ව්‍යසනයකින් මුළු මනුෂ්‍යත්වයම මකා දැමෙන්න කළින් අවසාන වතාවට එකතු වෙන යාළුවෝ කණ්ඩායමක් පවත්වන නත්තල් උත්සවයක් ගැන තමයි කතාව තියෙන්නෙ. අවසාන වශයෙන් කියන්න ඕන මේක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන නත්තල වටා ගෙතුණු ප්‍රීතිමත් කතාවක් නෙවෙයි. මේක වෙනස් තේමාවකින් හදපු සුවිශේෂි කතාවක්. ඒකත් ඔළුවේ තියාගෙන චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thanks for the sub!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login