ආයුබෝවන් යාලුවො හැමෝටම 🙏
ඔන්න එහෙනම් මෙවර සති අග කතාමාලා තුලින් අපි අරගෙන ආවේ තවත් විශිෂ්ඨ කොරියානු කතාමාලාවක සම්පූර්ණ උපසිරැසි.ගොඩ දෙනෙක් උපසිරැසි ඉල්ලීම් කලා වගේම ලොවපුරා මහත් ජනප්‍රියත්වයට පත්වුන කතාමාලාවක් තමා මේක.එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කොරියානු උච්චාරණයෙන් ” Sigeuneol ” (시그널) විදියට හඳුන්වන මේ කතාමාලාවේ ඉංග්‍රීසි නම තමා ” Signal “. Fantasy | Mystery | Crime | Thriller මේ සියලු කාණ්ඩ වලට වර්ග කරන්න පුළුවන් මේ ඩ්‍රාම එක 2016 ජනවාරි 22 ” tvN ” නාලිකාව හරහා තමයි විකාශනය ආරම්භ වෙලා තියෙන්නනෙ.ඉතින් tvN කියන්නෙ කොරියානු ඩ්‍රාම රසිකයන් ගොඩ දෙනෙක් ප්‍රිය කරන චැනල් එකක්.ඒ චැනල් එකෙන් ලැබුනු විශිෂ්ඨම කොරියානු කතාමාලාව විදියට තමා බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නෙ.ඒවගේම Netflix හරහාත් මේ ඩ්‍රාම එක විකාශය කෙරුනා.මිනිත්තු 80 ක පමණ ධාවන කාලයක් සහිත කතාංග 16 කින් මේ ඩ්‍රාම එක සමන්විත වෙනවා.
IMDB 8.6 ක ඉතා ඉහල අගයක් වගේම MyDramalist එකේ 9/10 කම රේටින් එකක් මේ ඩ්‍රාම එකට ලැබිල තියෙනවා.
මේ ඩ්‍රාම එකේ අධ්‍යක්ශණය සිදු කරල තියෙන්නෙ Kim Won Seok විසින්.එතකොට මේ කතාව ලියල තියෙන්නෙ Kingdom වගේ සුපිරි කොරියන් කතා ලියපු ලේකිඛාවක් වෙන Kim Eun-Hee විසින්.මේ කතාව ලියලා තියෙන්නේ හැම කෙනෙක්ම වගේ ආසාවෙන් බලපු සුපිරිම කොරියන් සොම්බි සීරිස් එක වෙන Kingdom කතාමාලාව රචනා කරපු Kim Eun Hee ලේඛිකාව විසින්මයි.
( screenwriter : kim eun hee )
ඊළඟට මේ ඩ්‍රාම එකට රංගනයෙන් දායක වුන අය ගත්තම ප්‍රධාන චරිත ත්‍රිත්වයට දායක වෙන්නේ මේ තුන් දෙනා.
• Lee Jee Hoon – පක් හේ යොන්ග් ලෙස
• Kim Hye Soo – චා සෝ හ්යොන්ග් ලෙස
• Jo Ji Woong – ලී ජේ හන් ලෙස
දැනට මේ ඩ්‍රාම එකේ ප්‍රතිනිර්මාණ විදියට ” Signal: Choki Mikaiketsu Jiken Sosahan (2018) “ ලෙස ජපානයේත් , ” Unknown Number (2019) “ ලෙස චීනයෙත් විකාශනය වෙලා තියෙනව.ඒ වගේම මෑතකදී රිලීස් වුන The Call (2020) ෆිල්ම් එකටත් මේ ඩ්‍රාම එකේ කන්සෙප්ට් එක පාවිච්චි කරල තියෙනව.නමුත් ඒ ෆිල්ම් එකත් එක්ක මේකෙ සම්බන්ධයක් නෑ ඉතින් පටලවගන්න එපා.ඔය හැමදේටම වඩා ඉහලම මට්ටමක තමයි මේ Signal ඩ්‍රාම එක තියෙන්නේ.
මේ ඩ්‍රාම එක දිනාගත්ත සම්මාන කිහිපයක් තමයි මේ.
- Baeksang Arts Award for Best Leading Actress in TV 2016
Signal – Kim Hye-soo - Baeksang Arts Award for Best TV Script 2016
Signal – Kim Eun-hee - Baeksang Arts Award for Best TV Drama 2016
Signal
හරි එහෙනම් දැන් ඩ්‍රාම එක ගැන ලොකු විස්තරයක් කලානේ.ඊලගට යොමුවෙමු ඩ්‍රාම එකේ කතාව පැත්තට.
” මුලින්ම අවුරුදු 15කට කලින් වෙන සිදුවීමක් එක්ක තමා ඩ්‍රාම එක පටන් ගන්නෙ.පක් හේ යොන්ග් කියන්නෙ ප්‍රාථමික පාසල් සිසුවෙක්.ඉතින් මෙයා ටිකක් හුදෙකලාව ඉන්න කැමති කෙනෙක්.කොහොමහරි මේ පාසලේම ගෑනු ලමයෙක් පැහැරගන්නව.ඒක ඇසින් දැක්ක එකම කෙනා තමා මේ පක් හේ යොන්ග්.ඉතින් එයා මේ ගැන පොලීසියට දන්වන්න හැදුවත් එයාල ගනන් ගන්නෙ නෑ.ඉතින් පොලීසියටත් වැරදිකාරයව අල්ලගන්න බැරිවෙලා මේක කෝල්ඩ් කේස් එකක් ( නොවිසඳුණු අපරාධ නඩුවක් ) විදියට ඉතුරු වෙනව.
ඊට පස්සෙ වර්තමානෙ වෙනකොට මේ පක් හේ යොන්ග් ලොකු වෙලා පොලීසියට බැඳිල ඉන්නෙ.ඒත් අදටත් අර ගෑනු ලමයගෙ අභිරහස විසඳිලා නෑ ඒ ලමයගෙ අම්ම එදා ඉදන් අද වෙනකම් සාධාරණයක් ඉෂ්ට වෙනකම් ඉන්නවා.මේක විසඳන විදියත් බලාගන්න පුළුවන් .ඊට පස්සෙ තමා කතාවේ මේන් පොයින්ට් එකට ආරම්භයක් ලැබෙන්නෙ.පක් හේ යොන්ග්ට බැහැර කරන්න තියෙන කුණු ගොඩකින් පරණ වෝකිටෝකි එකක් හම්බෙනව.ඒකෙන් තවත් පොලිස් පරීක්ෂකයෙක් මෙයාට කතා කරනව.අඩුමතරමේ ඒ වෝකි ටෝකි එකට බැට්‍රියක්වත් නෑ ඒ වගේම කතා කරන කෙනා අතීතේ හිටිය පොලිස් පරීක්ෂකයෙක් කෙනෙක්. “
ඉතින් මොකක් වෙයිද ඊළඟට ? කව්ද මේ කතා කරන පොලිස් නිළධාරියා.කතාවේ ඉදිරි ගලායෑම මොන වගේ වෙයිද..?
ඉතින් ඒ හැමදේම දැනගන්න ආරාධනා කරනව හැමෝටම අරගෙන බලන්න කියල මේ සුපිරි ඩ්‍රාම එක.තවත් මේ වගේ සුපිරිම කොරියන් ඩ්‍රාම එකකින් අපි ආයෙම හම්බෙමු.දිගටම රැදෙන්න සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්කම.
ධනය , බලය මොනව තිබුනත්…
අපරාධයක් කලොත්…
අපරාධකාරයා ඒකට වන්දි ගෙවන්නම ඕන..අතීතය වෙනස් කලොත් ….
වර්තමානයත් වෙනස් කරන්න පුළුවන්…
උපසිරැසි ගැන්වීම
– සුපුන් සදීප
– ප්‍රියශාන් ජයරත්න
– මධුශාන් ප්‍රියංකර
ගිහින් එන්නම් …… ඔබට ජය…!
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
Superb cineru Team…
ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .
thankyou so much.
Thanks saho complete series ekak dunnata.🤩🤩
තෑන්ක්ස් හැමෝටම
Wooow😍 complete tv series ekak. Thank you❤ තවත් කොරියන් කතා මාලාවක් ගේන්න හොදේ🤗
අම්මෝ පහරමයී..සුපිරියක් තමා..🔥🔥මේවගේ complete series දෙනවනම් පහර සහෝ..බොහොම ස්තූතියී💖
Thank you..
thanks you so much
thanks sub ekata………
බලාගෙන හිටිය කතාවක්. ගොඩක් ස්තුති යි.
සුපිරියි ආ සහෝලා ටික නියමෙට වැඩේ කරලා තියෙනවා, බොහොම ස්තූතියි සබට සහෝලා.
tanq mcn… adarey ublata😘