Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන් සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.
වර්ෂ 1600 දී ජපානයේ රාජ්යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.
පසුගිය කොටසින්..
අටවෙනි කොටසේ මොකද උනේ කට්ටියට මතකයිනේ..මම පොඩ්ඩක් මතක් කරන්නම්.. අටවෙනි කොටසෙදි ටොරනගා තමන්ගේ දාසයොත් එක්ක ඔසාක වලට එනවා ඉෂිඩෝට යටත්වෙන්න..ඒත් ටොරනගාගේ පුතා වුණු නගකාඩෝගේ මරණයත් එක්ක ටොරනගාට ඔසාක වලට යන්න කලින් ශෝක කාලයක් ලැබෙනවා..ඉතින් මේ අතරම ටොරනගා නිකන්ම යටත් වෙන එකට විරුද්ධ වුණු ටොරනගාගේ විශ්වාසවන්තම දාසයා වුණු හිරෝමට්සු ස්වාමිවරයා ටොරනගාගේ අදහසට එකග නොවී සිය දිවි නසා ගන්න, එහෙමත් නැත්තන් සෙප්පුකු කරගන්න තීරණය කරනවා..මේ සේරටම හේතුව ටොරනගා තමන්ගේ සැලසුම හෙළි නොකර තියන එක..ඇත්තට ටොරනගාගේ මේ සැලසුම මොකද්ද කියලා දැනගන්න අද කොටසයි ලබන සතියේ නිකුත් වෙන අවසාන කොටසයි බලන්නම වෙනවා..එහෙනම් ලබන සතියේ අවසාන කොටසින් හමුවෙමු..
ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
August 23, 2019
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
ආවට පහුවෙනිදා සබ් එක දුන්නා..ෆට්ට ආ
Thnk brother sub ekata dankan balan hitiye
👌❤️
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Three body problem මේකෙත් සබ් එක දෙන්න පුළුවන්ද @CINERU
Thanks for Sub…😍
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕