The title of the page
Shogun Sinhala Subtitles
Shogun Sinhala Subtitles
9.1
99
95

Shogun (2024) E10 [END] Sinhala Subtitles | “සිහිනයක සිහිනයක්” | සිංහල උපසිරැසි සමඟ

Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන්  සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.

වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.

 පසුගිය කොටසින්..

නවවෙනි කොටසෙදි මොකද වුණේ කියලා ඔයාලට මතක ඇතිනේ..මම මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්..පහුගිය කොටසෙදි යබුෂිගේ ස්වාමිවරයයි මාරිකෝ ආර්යාවයි අන්ජිනුයි ඇතුලු කණ්ඩායමක් ඔසාකා වලට යනවා… ඒත් එහෙදි යබුෂිගේ ස්වාමිවරයා ඉෂිඩෝට පක්ෂපාති වෙලා ටොරනගාට විරුද්ධ වෙන්න තීරණය කරනවා..ඊට පස්සේ යබුෂිගේ ස්වාමිවරයගේ උදව්වෙන් එක් කණ්ඩායමක් මරිකෝ ආර්යාව ඇතුළු පිරිස ඝාතය කරන්න හොර රහසෙම ඔවුන් හිටපු මාළිගයට ඇතුල් වුණා මතක ඇතිනේ..ඉතින් ඒ වෙලාවෙදි කට්ටිය ගිහින් හැංගුන වෙලාවේ කට්ටිය හැංගුණු ගබඩාවේ දොරටුව පුපුරවන්න අර කණ්ඩායම උත්සාහ කරනවා..ඒ වෙලාවෙදි මරිකෝ ආර්යාව ඒ මැද්දට පැනලා අවසානයේදි මියගියා මතකයි නේද? එහෙනම් අද එතනින් එහාට මොකද වෙන්නේ කියලා මේ අවසාන කොටසෙදි නරඹන්න ඔයාලට ආරාධනා කරනවා..

එහෙනම් සති දහයක් පුරා අපිත් එක්ක රැදිලා හිටපු හැමෝටම ස්තූතියි..ඒ වගේම ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙනම යන්න.. තවත් අලුත් කතා මාලාවකින් ඉක්මනටම හමුවෙනමු..

ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

16 comments

  1. thanks bro
    keep your good work

  2. thank you saho.

  3. Thank You Bro

  4. ඔයා සබ් මැශිමක්..මාර් ස්පීඩ් එකක්.කතාව ඇවිත් අනික් පහුවදාම හැමදාම සබ් එක දුන්නා.ඒ නිසා අපිට මේ විශිෂ්ට කතා මාලාව බලන්න පුළුවන් වුනා… ඉතින් තෑන්ක් යූ. ඉක්මනින් අරන් එන අලුත් කතාමාලාව බලන්න මඟ බලාගෙන ඉන්නවා

    • සුපිරියටම සබ් ටික ඔයා මාරම ඉක්මනින් දුන්නා, ගොඩක් ස්තූතියි…..

  5. Thanks for Sub…

  6. Nuwan Madushan
    Cineru_users

    Thank brother Sub ekata dankan balan hitiye
    Supiriyak tami ekha ❤️

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    සබ් එකනම් ඉක්මනටම දුන්නා ආ…ෆට්ට

  8. Thanks bn sub ekata
    Supiri ❤️

  9. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට Bro.

  10. Mangala Pushpakumara

    නියමයි, වෙන කියන්න දෙයක් නෑ . වැඩක් පටන් ගත්තහම ඉවර කරන හැටි දන්නව. ස්තූතියි සහෝදරයා

  11. malinda jayasekara

    මාර ස්පීඩ් එකක්.කතාව ඇවිත් අනික් පහුවදාම හැමදාම සබ් එක දුන්නා… ඉතින් තෑන්ක් යූ. ඉක්මනින් අරන් එන අලුත් කතාමාලාව බලන්න මඟ බලාගෙන ඉන්නවා

  12. ane anjula premalu deepanko

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  14. සුපිරියි දිගටම සබ් දෙන්න බ්රෝ.පුළුවන්නම් 3 body problem series එකටත් සබ් කරන්නකෝ බ්රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login