The title of the page
Shogun Sinhala Subtitles
Shogun Sinhala Subtitles
9.1
99
95

Shogun (2024) E08 Sinhala Subtitles | “ජීවිතයේ අගාධය” | සිංහල උපසිරැසි සමඟ

Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන්  සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.

වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.

 පසුගිය කොටසින්..

හත්වෙනි කොටසේ මොකද උනේ කට්ටියට මතකයිනේ..මම පොඩ්ඩක් මතක් කරන්නම්..හත්වෙනි කොටසෙදි ටෙරනගාට උදව් කරන්න එහුගේ සුලු සහෝදරයා වුණ සයිකි හමුදාවත් එක්ක එනවා..ඒත් අන්තිමට සයිකි ඇවිත් තියෙන්නේ ඉෂිඩෝගේ නියෝග අනුව ටොරනගාව ඔසාකා වලට අරගෙන යන්න..ඉතින් මේකෙන් උරණ වුනු ටොරනගා උතුමාණන්ගේ පුතා නගකාඩෝ පහුගිය කොටස අවසානේදි සයිකිව මරන්න ගිහින් අවසනාවන්ත විදියට ලිස්සලා වැටිලා මැරෙනවා මතක ඇතිනේ..එහෙනම් බලමුකෝ අද කොටසෙන් මොකද වෙන්නේ කියලා ..ගිහින් එන්නම්..

ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

7 comments

  1. thanks………….

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Anjula sub machine🔥

  4. Thanks for Sub…

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login