The title of the page
9.1
99
95

Shogun (2024) E05 Sinhala Subtitles | “මුෂ්ටිය බිඳීයාම” | සිංහල උපසිරැසි සමඟ

Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන්  සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.

වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.

 පසුගිය කොටසින්..

හතරවෙනි කොටසේ මොකද උනේ කට්ටියට මතකයිනේ..මම පොඩ්ඩක් මතක් කරන්නම්. ටොරනගාගේ පුතා අන්ජින්ගේ උදව් ඇතිව කාලතුවක්කු රෙජිමේන්තුව පුහුණු කරා ඔයාලට මතක ඇතිනේ..ඒ පුහුණු වීම් අතරෙදි එතනට නෙබරා ජේසන් එනවා..ඉතින් ඔහුටත් පහුවදා කාලතුවක්කු රෙජිමේන්තුවේ පුහුණු වීම් නරඹන්න ආරාධනා කරනවා..ඉතින් ඔය අතරෙදි ඕමි ටොරනගාගේ පුතාව අවුස්සලා නෙබරා ජෝසන්ව මරන්න සැලසුම් කරානේ..ඉතින් ටොරනගාගේ පුතා ඒ ඇම ගිලලා ඒ විදියටම ඒ වැඩේ සිද්ධ කරනවා..අද කතාව පටන් ගන්නේ එතනින්..එහෙනම් බලමුකෝ අද කොටසෙන් මොකද වෙන්නේ කියලා ..ගිහින් එන්නම්..

ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

15 comments

  1. 6 weni kotasa enne ne

    • Anjula Umesh
      Cineru Family Member

      හයවෙනි කොටස රිලීස් වෙන්නෙත් ලබන සතියේ..🥴 මේක ඔන්ගොයින් සීරිස් එකක්..සතියකට එක එපියයි රිලීස් වෙන්නේ..

  2. Kasun witharana
    Cineru_users

    thank you so much… meka enakan hamadama balan unna site eke

  3. Pasindu Maxx
    Cineru_users

    Thank you So much!

  4. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Madame web movie ektt sub dennako bro

  7. malinda jayasekara

    මහන්සි වෙලා සබ් එක කරල තියෙනව. ඒ වගේම Br එක රිලීස් වුන ගමන්ම සබ් එක දුන්න එක නියමයි. ගොඩක් ස්තූතියි ඔයාල හැමෝගෙම මහන්සියට. විශේෂයෙන් සබ් එක කරපු සහෝට. ❤️❤️❤️

  8. 6 weni eka dendooo…plsss

  9. 6 weni episode eka release wela ekata sub dennako plz

  10. Thank u bro

  11. Thanks for Sub…

  12. thanks………..

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login