The title of the page
Shivaji Surathkal Sinhala Sub
Shivaji Surathkal Sinhala Sub
7.7
96

Shivaji Surathkal (2020) Sinhala Subtitles |අදෘශ්‍යමාන ඝාතකයෙකු සොයා| සිංහල උපසිරැසි සමඟ

(Shivaji Surathkal (2020) Sinhala Sub) සුබ දවසක් හැමෝටම..ඔන්න අදත් ගින්දර භාණ්ඩෙකට සිංහල උපසිරැසිය අරන් තමයි ආවේ..පටන් ගත්ත වෙලාවේ ඉදන්ම ත්‍රාසය,කුතුහලය උපරිමෙන්ම තියන ෆිලුමක් තමයි මේක..නම තමයි Shivaji Surathkal. Shivaji Surathkal කියන්නේ කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණු Mystery/Thriller කාණ්ඩයට අයත් සුපිරි චිත්‍රපටියක්..ඉතින් දකුණු ඉන්දීය සිනමාවේ කන්නඩ කියන කොටසට ඉන්දියාව ඇතුලේ දෙමළ,තෙලිඟු,මලයාලම් චිත්‍රපට වලට සාපේක්ෂව ලොකු තැනක් ලැබෙන් නෑ..ඒ නිසා ඉතින් ගොඩ දෙනෙක්ට කන්නඩ සිනමාව මගඇරෙනවා.. සමහරුන්නම් ඉතින් කන්නඩ, තෙලිඟු, දෙමළ,මලයාලම් කියලා බේදයක් නෑ සේරම ටැමිල් ෆිල්ම් කියලා තමයි අඳුන්වන්නේ…😁 සේරම දෙමළ වගේ පෙනුනට මේ භාෂා අතර වෙනස්කම් තියනවා..ඒත් ඉතින් කන්නඩ සිනමාපට වල රස දන්න අයනම් හොඳටම දන්නවා ඒවගේ රඟේ..මේකත් ඒ වගේ සුපිරි ත්‍රිලර් ෆිල්ම් එකක්..පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම කුතුහලයෙන් බලන්න ඉන්න පුලුවන් විදියේ පට්ට ෆිලුමක්..IMDb මීටරෙත් 7.7/10 වෙනකන් දුරකට කරකවන්න පුලුවන් වෙලා තියනවා මේ ෆිලුමට..ඒකෙන්ම ඉතින් හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එකේ තත්⁣වේ..

දැන් එහෙනම් බලමුකෝ කවුද මේකට රංඟනයෙන් දායක වෙන්නේ කියලා…

⭕ Ramesh Aravind
⭕ Radhika Narayan
⭕ Aroshi Narayan
⭕ Vinay Gowda
⭕ Surya Vasishta

වගේ නලු නිලි කැළක් තමයි මේ ෆිලුමට රංඟනයෙන් දායක වෙන්නේ..ඉතින් Ramesh Aravind තමයි මේ ෆිලුමේ ප්‍රධාන චරිතේ වෙන සිවාජිගේ චරිතෙට පන පොවන්නේ..කොහොම වුණත් බොහෝ දුරට කන්නඩ සිනමාව ගැන කතා බහක් ඇති වුණේ KGF චිත්‍රපටයෙන් පසුව..ඉතින් KGF ඇරුණම තවත් සිනමාව තුළ සැඟ වී තියන විශිෂ්ට කන්නඩ සිනමාපට ඕන තරම් තියනවා…අවාසනවකට වගේ ගොඩ දෙනෙක්ට මේ සිනමාපට මඟ ඇරෙනවා..ඉතින් මේකත් ඒ වගේම කන්නඩ සිනමාව තුළ බිහි වුණු විශිෂ්ට සිනමාපටයක් කියලා කියන්න පුලුවන්..වැඩිය කතා නැතුව දැන් අපි ෆිල්ම් එකේ ස්ටෝරියට පොඩ්ඩක් ඔලුව දාලා බලමු..

සිවාජි සුරත්කල් කියන්නේ අපරාධ අංශයේ ඉන්න දක්ෂතම නිලධාරියා.ඔහු හරියටම ඔහුගේ අභිරහස් විසඳන ආකාරය,පරිකල්පන මත නිගමන වලට එළඹෙන ආකාරය,මිනිහෙක්ගේ හැසීරීම දිහා බලලා ජාතකයම කියවන ආකාරය බැලුවම,මගේ මතකයට එන්නේ ෂර්ලොක් හෝම්ස්.හරියටම ඔහු ඒ වගේ…බුද්ධිමත්,දක්ෂ,නිර්භීත,තැනට සුදුසු නුවණ පාවිච්චි කරන දක්ෂ රහස් පරික්ෂකයෙක්…

එතකොට මේ කතාව දිව යන්නේ රෝෂන් නමැති තරුණයකුගේ අභිරහස් මරණයක් පිලිබඳවයි…කිසිදු හෝඩුවාවවක් නොමැතිව සිදුවු මරණයක්.මරණයට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පවා සොයාගත නොහැකි වන තරමටම මෙය සංකීර්ණයි…මරණයට හේතුව කුමක්ද…මරණය සිදුවුණේ කොහොමද..?මරණය සිදුවුනේ ස්වභාවික ආකාරයටද…?නැතිනම් මෙයට හේතුව කුමක්ද..?තර්ක විතර්ක මැද අභියෝග මැද පරිකල්පනයන් උපයෝගි කරගෙන ශිවාජි සුරත්කල් හට මේ නඩුව විසඳන්න තියෙන්නේ පැය 48 යි…එහෙනම් ඉතින් අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා ….

ඔන්න එහෙනම් සිංහල උපසිරැසියත් එක්ක ෆිල්ම් එක රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා..එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් ඉක්මනට හම්බවෙමු..❤️ එහෙනම් කොල්ලා අපි ගියා..😁

හැමෝටම සුබ දවසක්..බුදු සරණයි..!!!

සටහන :- අංජුල උමේෂ්

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනේෂ් රුවන් සොයුරාට සහ අමිල පැතුම් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

5 comments

  1. Sthuthi brooo

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Arawinda Sunimal

    thanks sub ekata _ dinesh & amila – jayawewa………..

  4. Ravisara Dharmapala

    Film eke link ekk nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login