The title of the page
Kidaari 2016 Sinhala Sub
Kidaari 2016 Sinhala Sub
6.1
78

Kidaari (2016) Sinhala Subtitle | සතුරාගෙන් පලිගැනීම | සිංහල උපසිරැසි සමඟ

(Kidaari 2016 Sinhala Sub) මුලින්ම  මං ස්තූති වන්ත වෙනවා සිනෙරු උපසිරසි කණ්ඩායමේ ඇඩ්මින් මණ්ඩලයට මට මේ සිනමා සිත්තම උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදීම සම්බන්ධව. ඒ වගේම ඉතින් වැඩ අස්සෙ ලිපිය ගහන්න වෙලාවක් නැ කිව්වම අයියා දෙන්න මං ගහල දෙන්න කියලා එක පයින් වැඩේ භාර ගත්ත අශේනයා(චුටියා) ටත් බොහොම තුති. 

එහෙනම් මේ සිනෙරු එක වෙනුවෙන් මං ගෙන එන මගේ පලවෙනිම උපසිරසියයි. වැරදි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් අද මම අරන් ආවේ 2016 වසරේ සැප්තැම්බර් මස 2 වෙනිදා ඉන්දියාවේ සිනමා ශාලා වල තිරගතවීම් ආරම්භ කරන මෙම සිනමා පටයයි. දමිළ භාශාවෙන් නිකුත් වුන මේ සිනමා පටය ……Action/Romance යන කැටගරියට අයත් මෙම චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 20 ක් පුරාවට කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්…. Prasath Murugesan මහතා අතිත් අධ්‍යක්ෂනය කරන මෙහි නිෂ්පාදක කටයුතු සදහා M. Sasikumar මහතා එකතු වෙලා තියෙනවා ..ඉතිං IMDB දර්ශකයේ 6.1/10 ක් වැනි ඉහල අගයක් ලබාගෙන ඇති අතර මේ සදහා ගූගල් පරිශීලක මනාප 78% ක් ලැබිලා තියෙනවා .. ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් එකතු වෙන්නේ Asuravadham

(2018) /Kennedy Club (2019) /වැනි තවත් සිනමා පට ගොඩක රංගනයෙන් එකතු උන M. Sasikumar විසිනි..ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Nikhila Vimal විසින් රංගනයේ යෙදී තිබෙනවා……..

ඒ වගේම ……..

🌟Suja Varunee

🌟Vela Ramamoorthy

🌟Napoleon

🌟O. A. K. Sundar

🌟Hareesh Peradi

ඇතුලු තවත් නලු නිලියක් පිරිසක් විසින් මෙහි සෙසු චරිත නිරූපණය කරනවා ……….

කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් ……

සතුරුකම, පාවාදීම, පක්ෂපාතිත්වය, එදිරිවාදිකම්, ප්‍රේමය සහ පවුල් හැඟීම් යනාදියෙනි සමන්විතය.චිත්‍රපටය ආරම්භ වන්නේ අපරාධයක් සිදුවීමක් මුල් කරගෙනය.

කිදාරි කතාව කොම්බයියා පාණ්ඩියන් (වේලා රාමමූර්ති) සහ ඔහුගේ සේවකයකු වන කිදාරි (සාසි කුමාර්) වටා ගෙතේ. චිත්‍රපට කතාව කුඩා නගර පසුබිමක සකසා ඇති අතර, කොම්බායා පාණ්ඩියන් ගමේ සියලුම කටයුතුවලට නායකත්වය දෙන්නේ කිදාරි සමඟය.කොම්බයියා යනු ගමේ සිටින මැර චරිතයකි. ගමම පාලනය කරන්නේ ඔහුය.කිදාරි තම ලොක්කා වෙනුවෙන් ජීවිතය වුවද පරදුවට තැබීමට සූදානම් වන අයෙකි.

පසුව කොම්බයාව නාඳුනන පුද්ගලයින් විසින් මරා දමන ලදී. කිදාරිට කොම්බයියාගේ මරණයට පළිගැනීමට අවශ්‍ය වන අතර ඔහු මිනීමරුවා සොයා යයි. ඔහු මිනීමරුවා සොයා ගත්තද සහ මරණයට හේතුව කුමක්ද යන්න සොයාගනී. ඉන් ඉදිරියට සිදු වන්නේ මොකක්ද කියලා බලන්න ෆිලුම අරන් බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. ආයෙත් මෙවැනි ලස්සන සලරුවකින් හමු වෙනතුරු තෙරුවන් සරණයි..!

Directed by : Prasath Murugesan

Produced by : Sasikumar

Written by : Prasath Murugesan

Music by : Darbuka Siva

Cinematography : S. R. Kathir

Edited by : Praveen Antony

Release date : 2 September 2016

Country : India

Language : Tamil

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

4 comments

  1. පීටර් බාත්ලට්
    Cineru Family Member

    නියමයි , ඕම යමු. ❤❤❤❤

  2. ෆට්ට අයියේ..උපසිරැසියට ස්තූතියි

  3. තැන්ක්ස් බං සබ් එකට. මුවි එක දාහන් අනිත් සයිට් එකේ හොයා ගන්න නැ මෙක සයිට් වල.

  4. thanks bro sinhala sube ekata=Market Raja MBBS (2019)Tamil film ekatath sinhala sube dannko..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login