The title of the page
Kolanji 2019 Sinhala Sub
Kolanji 2019 Sinhala Sub
4.6
82

Kolanji (2019) Sinhala Subtitles |එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ!| සිංහල උපසිරැසි සමඟ

(Kolanji 2019 Sinhala Sub) සමහර තාත්තලා ඉන්නවා දරුවෝ එක්ක කතා නෑ. දරුවෝ ඉන්නවා තාත්තාට පුදුම භයකින් ජීවත් වෙන්නේ. හැබැයි දවසක තාත්තා නැති උනාම දරුවන්ට දැනෙනවා එදා තාත්තා එහෙම කරලා තියෙන්නේ දරුවන්ව හොඳ මිනිහෙක් කරවන්නයි කියලා. මම මේ කතා කරන්නේ තාත්තලා ගැන. නමට තාත්තලා නෙවෙයි.

මම කලින්ම ඔන්න අපේ අංජුල සහෝට කියලා කවරෙකුත් හැදෙව්වා. සමිත සහෝත් මාරම සපෝර්ට් එකක් දෙනවා. සබ් හදන සොෆ්ට්වෙයාර් කෑල්ල, ටැබ් එකට එන ඇප් එක පවා ලින්ක් හොයලා එව්වා සමිත සහෝ. මේ දවස්වල දෙන්න තරඟෙට මැසේජ් දානවා මට සබ් අහලා. අර චානක හාදයා නම් හරිම පරක්කුයි. මම එහෙම කිව්වට ඒ කොල්ලා හුආවේ ෆෝන් එකකින් සබ් ගහන්නේ. අනික අපි දෙන්නම අම්පාරේ. මම මගේ ගෙදර ආවම නම් ප්‍රශ්නයක් නෑ. වයිෆ්ගේ ගමේ, ඒ කිව්වේ චානක මල්ලිත් ඉන්න ගමේ ඩේටා ඔන් වෙන්නෙත් නෑ සමහර තැන්වලට. ඒ නිසා මම හැමදාම වගේ ඉල්ලන්නේ කමෙන්ට් ටිකක් හලන්න අපි වෙනුවෙන්. මොකද සත පහක්වත් අපිට ලැබෙන්නේ නෑ මේකෙන්. ඔයාලගේ කමෙන්ට් එකකින් ලැබෙන හයියෙන් තමයි ඊලඟ එකට යන්නේ. හශාන් සහෝ, කාන්ත ඩී එල් ඒ සහෝ, තවත් ඉන්නවා ගොඩක් අය. ඊලඟ එව්වගේ එයාලවත් මතක් කරන්නම්. ඒ හැමෝටම මාර ආදරෙයි අපි සිනෙරූ පවුලම.

මිනිහෙක් හොඳද, නරකද කියලා තීරණය කරන්න බෑ එක දේකින්. සමහරවිට හොඳ බේබද්දෙක් ඉන්න පුලුවන් දරුවන්ට පණ උනත් දෙන. සමහරවිට ඔරවන් ඉන්න තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් නොකා නොබී මහන්සි වෙනවා වෙන්න පුලුවන්. ඒ නිසා මං ඉල්ලන්නේ ඔයාලගෙත් තාත්තාගේ වැරදි ඇති. හොඳින් ඒවා හදාගන්න බලන්න. ඒ නැතත් තාත්තා එක්ක රණ්ඩුකරලා, ගහලා බැනලා එයාලව පාලනය කරන්න අපි සුදුස්සෝ නෙවෙයි. බෞද්ධ අපිට යදින්න බෑ, යැදලා වැඩකුත් නෑ. ඉල්ලන දෙයක් අපිට දුන්න දෙවියා තමයි තාත්තා. ඉතින් අර සහන් මහත්තයා කියනවා වගේ

“තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ,

පස්සෙන් ඉඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි භවේ,

රැව්ව ගමන් එක පාරක් දෙයියෝ කෝපවෙලා වගේ,

හිටියා නම් ඔබ මා ලඟ තාත්තේ කොච්චරද අගේ”

ඔන්න ඕක තමයි ඇත්ත. නොපෙනෙන දෙවියෝ යදින්න එපා. පේන්න ඉන්න, නැත්නම් මට වගේ පේන්න හිටපු තමන්ගේ ශක්‍ර දෙවියෝ තාත්තා කියලා හිතන්න. වඳිනවා නම් වඳින්න තාත්තටයි, අම්මටයි. මගේ තාත්තා මගේ ලඟ දැන් නෑ. හැබැයි මම දැන් තාත්තා කෙනෙක්. මට දැන් දැනෙනවා ඒ තාත්තා මගේ ලඟ හිටියා නම් කියලා.

ඉතින් ඒ වගේම මේක විශේෂ උපසිරැසියක්. මගේ පුතා, ඒ කියන්නේ දුල්නෙත් සදහම් හෙට්ටිවත්ත මගේ පුතාට අදට ඒ කියන්නේ 2020 අගෝස්තු 19ට අවුරුද්දයි. එයා වෙනුවෙන් තමයි සියලුම තාත්තලා, පුතාලාට උපහාරයක් විදිහට මේ උපසිරැසිය හැදුවේ.

ඉතින් මගේ පුතේ සුභ උපන්දිනයක් වේවා ඔයාට !

මේ ෆිල්ම් එක මට හරිම වැදගත් එකක්. මේ තමයි මම කරන මුල්ම ඉන්දියානු ෆිලුම. ඒ වගේම අවසාන එකත් මේක. ආයේ කවදාවත් ඉන්දියානු ෆිල්ම් දෙන්නේ නෑ මං. අනිත් දේ තමයි මේ ෆිලුම මම ලයින් 450ක් විතර ගහලා ඉවර උනාමයි දැක්කේ වෙන සයිට් එකකත් මේකට උපසිරැසි දීලා කියලා. ඔයාලා ඒකත් අරගෙන බලන්න ඕනේ නම්. මම ටිකක් විහිලු එහෙම අපේ විදිහටම දැම්ම. පුලුවන් තරම් කතා කරන භාශාවෙන්ම. මොකද මේකේ ඉන්න ඇට්ටර කොල්ලෝ දෙන්නා කරන දේවල් රසවත් වෙන්නේ එතකොටයි. ඉතින් මම කියනවා වගේ අපි දෙන සබ් වෙන සයිට්වල සමහරවිට ඇති. හැබැයි ඔයාලා දන්නවනේ මම සබ් නැති හොඳ රේටින් තියෙන ඒවා විතරයි මම මෙච්චරකල් කලේ. පුතා වෙනුවෙන් නොවුනා නම් මේකත් අතාරිනවා. ඒත් මම හිතනවා ඒ හැමෝටම වඩා රහට මම සබ් එක ගැහුවා කියලා. ඉතින් අරං බලන්න. මේ ෆිලුමේ නම් ලොකුම උදව්කාරයා උනේ ‘ගූගල් ට්‍රාන්ස්ලේට්’ කොලුවා තමයි.

මේක බලද්දී කාටහරි හිතුනොත් මේ කොල්ලා හරි නරකයි කියලා, බලන්න පහළ තියෙන වචන ටික. එතකොට හිතේවි රත්තරං කොල්ලෙක් කියලා.

“එක මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් අසාධාරණ විදිහට ගහන කොට
ඒක තවත් මනුස්සයෙක් නවත්තන්නඑයා මනුස්සයෙක් වෙන එකම ඇති බන්. වෙන කිසිම සම්බන්ධයක් ඕනි නෑ”

මේ කතාව බැලුවට පස්සේ ඔයාලට හිතේවි, “එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ – අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගෙයි තාත්තේ” කියලා. මට අවසානෙට කියන්න තියෙන්නෙ මෙච්චරයි, තවත් පරක්කු වෙන්න එපා විනාඩියක්වත්. යන්න තාත්තා ලඟට. එයාට දැනෙන්න දෙන්න ඔයාලා එයාට ගොඩක් ආදරෙයි කියලා. එතකොට දවසක ඔයාලට පසුතැවෙන්න ඕනේ නැති වේවි. ඉතින් අරන් බලන්න. හරිම ලස්සන, ඒ වගේම විහිලු පිරුනු ෆිලුමක්. ආයේ හමුවෙමු ඊලඟ එකෙන් එහෙනම්. මගේ ටීවී සීරීස් ලිස්ට් එකෙන්. මේ සතියේ අවසානෙත් මාර්වල් යුනිවර්ස්ලාගේ මිනි සීරීස් සම්පූර්ණ සීසන් එකකට සබ් අරන් එන්න හිතන් ඉන්නවා. පොඩිම පොඩි කොටස් හයක් තියෙන එකක්. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. ගොඩක් ස්තූතියි. ලිපියත් මරුවටම තියෙනවා. බුදුසරණයි.

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 😊👊.. ඒ වගේම පුතාටත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎊🎉🎁

  4. Arawinda Sunimal

    Thanks sub ekata – darshana hettiwaththa jayawewa…………….

  5. චානක තිලංක

    මේ තරම් රහට මේකට සබ් එක දුන්නට බොහොම ස්තූතියි දිගටම මේ විදිහට යං සිනෙරු එක්ක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login