The title of the page
Sheep without a Shepherd 2019 Sinhala Sub
Sheep without a Shepherd 2019 Sinhala Sub
6.8
100
94

Sheep without a Shepherd (2019) Sinhala Subtitles |අත් වැරදීමකින් වෙන මිනීමැරුමක්| සිංහල උපසිරසි සමග

(Sheep without a Shepherd (2019) Sinhala Sub)ඔන්න අදත් ඉතින් සුපුරුදු පරිදි සිනෙරු වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසියක් ඔයාලා වෙනුවෙන් අරගෙනයි අවෙ.ඉතින් අද මේ උපසිරසිය මට ගොඩක් වැදගත් වෙනවා ,ඒ මොකද WHICKEY CAVALIER කතා මාලාවෙන් උපසිරසි කරන්න පටන් ගෙන අද වෙනකොට 100 වැනි කඩයිම පහු කරන්න පුළුවන් වුණා.

ඉතින් ඔක්කෝටම කලින් මන් ස්තුති කරනවා සිනෙරු කණ්ඩායමේ සම්ත අයියා ඇතුළු ඇඩ්ම්න් මඬුල්ලට මට අවස්ථාව ලබා දුන්න එකට.ඒ වගේම හැමදාම කමෙන්ට් එකකින් හරි උදව් කරපු ඔයාලා හැමදේනාටම ස්තුති කරනවා .ඒ වගේම හැමදාම අපෙ සිනෙරු කොල්ලෝ ටිකත් ,කෙල්ලෝ ටිකත් ආදරෙන් මතක් කරනවා ඔයාලගෙ උදව් වලට.ඉතින් තව එක දෙයක් මට කියන්න තියෙනවා මගේ මේ 100 උපසිරසිය සහා බොහෝ විට මගේ අවසාන උපසිරසි ගැන්වීම වෙන්න පුළුවන් ,ඒ මොකද මට ඒක දිගටම මාස 6 ක් මගේ වැඩ කටයුතු වලට වෙන් කරන්න වෙනවා ..😥😥

ඉතින් එහෙනම් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු,මේ ෆිල්ම් එක 2019 චීනයේ තමයි තිරගත වුණේ ,IMDB අගය 6.8 අරන් තියෙනවා ROTTEN TOMATOES 100% අරන් තියෙනවා..මන් මේ MOVIE එක ගැන වැඩි කතාවක් කියන්නේ නැහැ මොකද පහළින් මන් මේ ෆිල්ම් එක ගැන අපේ සිතුම් සහෝදරයා ලියපු ලිපිය දානවා ඔයාලා හැමදේනාම කියවලා බලන්න ..එහෙනම් මන් ගිහින් එන්නම්.ජය වේවා….

• Sheep Without A Shepherd (2019)
• Drama / Crime

2005 වසරේ දි Keigo Higashino ගෙ ” The Devotion of Suspect X ” නම් නවකතාව නිකුත් වෙන්නේ ඔහුගෙ Detective Galileo Series එකේ තුන්වැන්න විදිහට..මෙම නවකතාව ජපානයේ ඉහලම පිළිගැනීමක් ඇති සම්මානයක් වන 134 වෙනි Naoki සම්මානය ඇතුළු සම්මාන රාශියක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා..ඒ වගේම ජපානයේ අභිරහස් නවකතා කාණ්ඩයේ වඩාත් ම ගෞරවනීය සම්මාන වලින් එකක් වන 6 වන Honkaku Mystery Award එකත් දිනාගන්නවා..ඒ වගේම 2006 වසරේ ජපානයේ ප්‍රකාශයට පත් කරන ලද වාර්ශික Mystery Fiction Guide Published හි ශ්‍රේණිගතකිරීම් හි පළමු ස්ථානය ලබාගන්නත් සමත් වෙනවා..

◼️ඉතින් මේ සුප්‍රසිද්ධ නවකතාව පාදක කරගෙන 2008 වසරේ ” Suspect X ” නමිනන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා..මේ චිත්‍රපටය ජපානය තුල ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග අති සාර්ථක චිත්‍රපටයක් බවට පත්වෙනවා..

◼️ඊටපස්සෙ මේ නවකතාව පාදක කරගෙනම 2012 වසරේ දකුණු කොරියාවෙන් ” Perfect Number”නමින් චිත්‍රපටයක් නිකුත් වෙනවා මේ චිත්‍රපටය ජපන් චිත්‍රපටයටත් වඩා ලොකු ජනප්‍රියත්වයක් ලබාගන්නෙ මේ නවකතාව පාදක කරගෙන නිර්මාණය වුන තවත් අති සාර්ථක චිත්‍රපටයක් විදිහට..

◼️නැවතත් 2013 වසරේ මේ Novel එක Inspire කරගෙන Mohanlal රංගනයෙන් දායක වුන ” Drishyam ” මලයාලම් චිත්‍රපටය නිකුත් වෙනවා..

◼️ඊටපස්සෙ මෙමගින් භාෂා රාශියකින් චිත්‍රපටය රාශියක් ප්‍රතිනිර්මාණය වෙන්න ගන්නවා..ඒ ” Drishya” නමින් 2014 වසරේ Kannda චිත්‍රපටයක් ද , ” Papanasam ” නමින් දමිළ චිත්‍රපටයක් ද , ” Drishyam ” නමින් 2015 වසරේ Hindi චිත්‍රපටයක් ද , 2017 වසරේ ශ්‍රී ලංකාවෙන් ” ධර්මයුද්ධය ” නමින් තවත් ප්‍රතිනිර්මාණයක් ද නිකුත් වෙනවා..

◼️ඒ වගේම 2019 වසරේ නිකුත් වුන ” Kolaigaran ” චිත්‍රපටයත් මේ The Suspect X සහ ” The Perfect Number ” කොරියානු චිත්‍රපටය Inspired කරගෙන නිර්මාණය කරන්නෙ..✋

ඉතින් මේ ඔක්කොටම පස්සෙ 2019 වසරේ චීනෙනුත් මේකෙ Remake එකක් නිර්මාණය කරනවා..ඒ ” Sheep Without A Shepherd ” නමින්…2019 වසරේ නිකුත් වුන මේ ෆිල්ම් එක චීනය තුල අතිසා‍ර්ථක චිත්‍රපටයක් බවට පත්වෙමින් 2019 වසරේ නිකුත් වුන Chinese චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් ගත් චිත්‍රපට 10 ඇතුලට ඇතුලත් වෙමින්..

Storyline එක ගැන නම් කියන්න දේකුත් නෑ..ගොඩක් අය දන්නවනෙ මේකෙ කතාව මොකක්ද කියලා..තමන් ගෙ දුගෙ අතින් අත් වැරදීමකින් වෙන මිනීමැරුමක් නීතියෙන් හංගන්න තාත්තා කෙනෙක් කරන අරගලයක් ගැන තමා කතාව යන්නෙ..

තවත් සුපිරි ගණයේ Remake එකක් කියලා කියන්න පුළුවන්..චීනෙනුත් සුපිරියටම කරලා මේක..Music , Acting වල ඉදන් Cinematography එහෙම නියමෙටම තිබ්බා..ඒ වගේම Original Climax එකට වඩා වෙනස් Climax එකක් තමා Chinese Remake එකේ තිබ්බෙ..ඒ වුනත් පෞද්ගලිකව මම Original Climax එකට කැමතියි..Bad Ass Look එකක් තියනවා ඒකෙ..මේකෙ වෙනස් කරලා තියනවා.. ඉතින් ඔයාලා හොඳ නරක කියලා යන්නකො…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

18 comments

  1. COngtzzzzzzzzzz

  2. Congratulations bro 100th sub ekata….!

  3. 100 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් ඩිලාන් අයියා.

  4. Peter Barthelot
    Cineru Family Member

    100 🍺🍺 සුබ පැතුම් .❤❤❤❤

  5. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අම්මෝ 100යි නේ! සුභම සුභ පැතුම් මල්ලී. අඩෝ වැඩේ අතාරින්නම එපා. අපි සිනෙරූ අංක 1ට ගේන්න ඕනේ බං. අපේ සමිත, අංජුල, මධුවා වගේම ආ අර චානයකයා වගේම අනිත් හැමෝම මාරම සෙට් එකක් හොඳේ. මේක නම් බලනවාමයි. එහෙනම් 150න් හමුවෙමු. එළම බං, 100ක් ගහන එකේ අමාරුව මං හොඳින්ම දන්නවා.

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. ධර්ම යුද්ධය ෆිල්ම් එකමයි නේද

  8. චානක තිලංක

    100 ට සුභ පැතුම් සහෝ දිගටම ඔහොම සිනෙරු එක්ක යං ජයවේවා❤️❤️👍

  9. Supun Ranasinghe

    100 වෙනි සබ් එකට සුබපැතුම්.ලිපිය ලියූ සහෝදරයටත් ස්තුතියි නොදන්නා කරුණු ගොඩක් දැනගන්න ලැබුණා.

  10. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login