The title of the page
Guardians 2017 Sinhala Sub
Guardians (2017) Sinhala Sub
3.9
30
55

Guardians (2017) Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

(Guardians (2017) Sinhala Sub) කට්ටියටම මතකයිද අර කැප්ටන් ඇමරිකා හාදයව? ඔව් ඔව් එයා තමයි. අන්න එයාව හැදුවා වගේ සුපිරි වීරයෝ සෙට් එකක්ම හදලා. කවුද? රුසියාව. ඉතින් ඇමරිකාව කියන ලොක්කා ඉස්සරහා රුසියාව පරාද වෙයිද? නෑ, මේ ෆිලුම අරන් බලන්නකෝ. ඇවෙන්ජර් ෆිල්ම් එක වගේම ඒ හා සමාන උසස් තත්වයෙන් මේ ෆිලුම හදලා තියෙයි. කොටින්ම කිව්වොත් ඇවෙන්ජර් ෆිල්ම් එකේ රුසියන් වර්ශන් එක තමයි මේ. කොපි නෑ, රීමේක් නෑ, අලුත් විදිහට හිතලා, හොඳට තාක්ශනය පාවිච්චි කරලා හදපු සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන් නිර්මාණයක් මේ. අනික නලු නිලියෝ සුපිරිම රඟපෑම් හොඳේ. හරිම ලස්සන නිලියෙකුත් ඉන්නවා. මේ කතාවෙදි නිකන් මෙහෙම හිතුනා, සමහර ත්‍රස්තවාදීන්ට එහෙම වෙන්න ඉඩ දුන්නේ අපිමයි. ඉතින් මේකෙත් ටිකක් ඒවගේමයි.

ඉතින් මේකේ වෙන්නේ මෙන්න මේ ටික, සුපිරි සොල්දාදුවන් හතරක් ඉන්නවා. ඒ හතර දෙනාගේ බලයන් එකිනෙකට වෙනස් වගේම අද්විතීයයි. අනික වයසට යන්නෙත් නෑ මෙයාලා. ඒ වගේම ඔන්න ඔය හතරගෙම බලයන් එකට තියෙන සුපිරි දුෂ්ටයෙකුත් ඉන්නවා. ඉතින් අර වීරයෝ හතර දෙනා ඉන්නේ විසිරිලා, පොඩි හේතුවක් නිසා. ඒත් මෙයාලා එකතු වෙනවා. එකතුවෙලා සුපිරි වැඩක් දෙනවා. අවසානයත් මරු. මෙන්න මේ විදිහට තමයි ෆිලුමේ විස්තර. මේ පහලින් තියෙන ටිකත් කියවලාම ඉන්නකෝ.
ඉතින් මේකේ වෙන්නේ මෙන්න මේ ටික, සුපිරි සොල්දාදුවන් හතරක් ඉන්නවා. ඒ හතර දෙනාගේ බලයන් එකිනෙකට වෙනස් වගේම අද්විතීයයි. අනික වයසට යන්නෙත් නෑ මෙයාලා. ඒ වගේම ඔන්න ඔය හතරගෙම බලයන් එකට තියෙන සුපිරි දුෂ්ටයෙකුත් ඉන්නවා. ඉතින් අර වීරයෝ හතර දෙනා ඉන්නේ විසිරිලා, පොඩි හේතුවක් නිසා. ඒත් මෙයාලා එකතු වෙනවා. එකතුවෙලා සුපිරි වැඩක් දෙනවා. අවසානයත් මරු. මෙන්න මේ විදිහට තමයි ෆිලුමේ විස්තර. මේ පහලින් තියෙන ටිකත් කියවලාම ඉන්නකෝ.
Directed by Sarik Andreasyan
Produced by
  • Sarik Andreasyan
  • Gevond Andreasyan
  • Vladimir Polyakov
  • Max Oleinikov
  • Nikita Argunov
Written by Andrei Gavrilov
Starring
  • Sebastien Sisak
  • Sanzhar Madiyev
  • Anton Pampushnyy
  • Alina Lanina
  • Valeriya Shkirando
  • Stanislav Shirin
  • Vyacheslav Razbegaev
Music by Georgiy Zheryakov
Cinematography Maksim Osadchiy-Korytkovskiy
Edited by Georgiy Isaakyan
Production
companies
  • Enjoy Movies
  • Argunov Studio
  • Renovatio
Distributed by Turbo Films
Release date
  • 23 February 2017
Running time
89 minutes
Country Russia
Language Russian
Budget $5.4 million (320 million RUB)

 

Box office $15.1 million

වැදගත්ම දේ, හොලිවුඩ් හිතන් හිටියානේ එයාලා තරම් ඇනිමේශන්කාරයෝ නෑ කියලා. මෙන්න උත්තරේ. මාර්වල්ලගේ හා ඩීසීලාගේ ෆිල්ම් එකකටවත් නොදෙවෙනි විදිහට මේවාගේ තාක්ෂනික ප්‍රයෝග තියෙයි. ඒ වගේම කතාවත් මරු. ඉවරවෙන විදිහට නම් දෙවනි එකකුත් එයි වගේ. හොඳම දේ තමයි මේකට සබ් එකක් දීලා වෙන කෙනෙක්! හිකිස්, ඒ උනාට ඒකට ඩවුන්ලෝඩ් පිටපතක් නෑ මේ ලෝකෙ. ඉතින් අනික අර පරණ විදිහටම ගූගල් ට්‍රාන්ස්ලේට් තමයි ගොඩක්ම. ඒ නිසා මට හිතුනා මේකට හොඳ ඩවුන්ලෝඩ් පිටපතක් එක්ක ලස්සන සබක් ගහන්න. මේක ටිකක් කරලා මාස දෙකක් විතර නවත්තලයි හිටියේ. ඒත් අංජුල මල්ලීගෙන් ඇහුවාම කිව්වා අයියා සබ ගහලා එවන්න කියලා. ඉතින් ඒකෙන් හොඳක් උනා, මොකද ඔන්න අර ටීවී සීරීස් ටිකට අමතරව මම රුසියන් ෆිල්ම් ටිකක් දෙන්නයි හිතුවේ. කට්ටිය මොකෝ හිතන්නේ ඒ ගැන? ඊලඟට බොහෝවිට ට්‍රාන්ස්ෆෝර්මර් ෆිලුම වගේම, ඊටවඩා හොඳ කතාවක් තියෙන ෆිලුමක් ගේනයි හිතුවේ. අංජුල මලයා තමයි ඉතින් හොයලාදුන්නේ. ඒකත් ගේන්නම්කෝ.

තව වටින දෙයක්, මම සාලෙම් එකේ ඉතුරු එපිසෝඩ් එකකට එක්කෙනා ගානේ තැග්ගක් දෙන්න හිතුවා. මෙහෙමයි මං ප්‍රශ්නයක් අහනවා. ඒකට ඔයාලා අතරින් හරි උත්තරේ දෙන එක්කෙනෙක්ව තෝරලා චූටි තෑග්ගක් ගෙදරටම එවනවා. ඉතින් කට්ටියටම කියලා තියන්න.

මේ මම දෙන වීඩියෝ පිටපතේ භාශා කීපයක්ම තියෙයි. ඔයාලා බලනකොට රුසියන් එකට මාරු කරන් බලන්න. මොකද හොඳම සවුන්ඩ් ඉෆෙක්ට් තියෙන්නේ ඒකේ. ෆිලුම රස එතකොටයි. මට හිතන විදිහට මේ 63වෙනි සබ. පෙන්නන කවුන්ට් එක වැරදියි. ඉතින් 63ක් කරපු මට පොඩි නිවාඩුවක් ගන්න වෙලා තියෙනවා. පොඩි විභාගයක් තියෙයි, උ/පෙළ නෙවෙයි අර කළමනාකරණ සහකාර එකක්. ඒකට ලියන්න ටිකක් පාඩම් කරන්න කියලා මගේ බිරිඳ සෑහෙන්න ඉල්ලීම් කරනවා. ඒ නිසා මේ ෆිලුමෙන් පස්සේ මම සතියට දවසක් විතර තමයි සබක් දෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ හශාන් සහෝ සීරීස් ටිකක් එවලා තිබ්බා. ඒවට සබ් දෙන්නම් හිමින් සැරේ. හැබැයි මේ අවුරුද්ද ඇතුලත 100 නම් ගහනවාමයි. මගේ පීසී එක ඇතුලේ හිරවෙලා ඉන්න එක්ස්පන්ස් කට්ටිය, බැට්මෑන්, ඔප්ටිමස්, බම්බල් බී කෑ ගහනව “අපිට සබ් දීපියෝ” කියලා. ඉතින් ඔන්න සාලෙම් එක දිගට දීලා ඉවරවෙනකොටම එක්ස්පන්ස් පටන් ගන්නවා. ඒ අතරේ අර සීරීස් දෙකත් යනවා. හරිනේ. අර ඩීසී කෙල්ලොන්ගේ එකෙනුත් එපි 10ක් විතර දෙන්නම් මුලින්ම. මේ චානකයා එක්ක බෑනේ, අර කොලපාට මුද්දක හාදයෙක් එක්ක සෙට් වෙලා දැන් මට කමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. අනික වැන් හේල්සිං එකෙත් සීසන් 3 ගැන මොකක්දෝ මේ මනුස්සයා කිව්වා. එයාගෙන්ම කමෙන්ටුවක් දාලා අහන්නකෝ කට්ටියම

අම්මෝ මේ සබ් කෙරුවාව නිසා ගිය මාසේ රවුටරේ බිල 4222/- යි. ඔන්න ඔහොමයි අතින් කාගෙන අපි සබ් ගහන්නේ. ඒ නිසයි කමෙන්ටුවක් ලියන්න කියලා කියන්නේ. අපිට වාසියක් මුකුත් නෑ මේකෙන්. හිතේ සතුට විතරයි. ඉතින් ඒ හිතේ සතුට මට ලබාදෙන මගේ බිරිඳ ආදරණීය ලක්ෂ්මීවත්, මගේ වැටි වැටී නැගිටින සදහම් පුතාවත්, වට්සැප් තාක්ෂනය අයින් කරලා ඊමේල් පාවිච්චි කරන සමිත රමේශ් ලොකු බොස්වත්, අමුතු ප්‍රෝෆයිල් පොටෝ එකක් ලඟදී දාපු අංජුල පොඩි බොස්වත්, බූට් සීන් එකක් නිසා රැවුල කපපු චානක තිලංක සහෝවත් ආදරයෙන් මතක් කරනවා. මෙහෙම විහිලුවෙන් කිව්වට ඉතින් සුපිරියෝ සෙට් එකක් තමයි මේ කට්ටියම.

ඉතින් පොඩි නිවාඩුවකට සැරසෙන ගමන්, තැගි ටිකකුත් ගේන්න හිතාගෙන ඔන්න එහෙනම් කොල්ලෝ අපි ගියා! හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! තව 37යිනේ! ඉක්මනින්ම දෙන්නම් හොඳේ………! ආ අමතක උනානේ, මේක ගැලපෙන්නේ මෙන්න මේ www.2MovieRulz.tv – The Guardians (2017) 720p BluRay – Original [Telugu + Tamil (Line) + Hindi + Rus] 900MB ESub.mkv පිටපතට විතරයි. ඒකෙත් බලනකොට භාෂාව රුසියන් විදිහට මාරු කර ගන්න.

එහෙනම් කොල්ලෝ මං ගියා 😋🤣🤣🤣🤣🤣

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

17 comments

  1. Pattaaaaaaaa..thnxxxxxxxxx

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Hiteumaen (2020) – IMDb
    Cut Off (2018) – IMDb

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      සහෝ මේකේ දෙවනි ඉල්ලීම දෙන්නම්. හැබැයි පොඩී කාලයක් යාවි. මේ දවස්වල වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👊

  4. Ttttthanks. Oyata ambo rautare Bila hoda job ekak Nisa hodai please bro mage illima super

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඔන්න ඔයාගේ ඩීසී කෙල්ලෝ ටිකගේ එකෙන් එපි 10ක් මේ සෙනසුරාදා හෝ ඉරිදා දෙනවා සහෝ

  5. චානක තිලංක

    මේ රැව්ල කැපුවේ බූට් කාපු එකක් නිසා නෙමෙයි වෙනසකටත් එක්ක කියලා රැව්ල කැපුවේ, සුපිරියි ආ මේ ෂෝ එකට සබ් කරපු එක නම් නියමයි පට්ට එල සහෝ හොඳට පාඩම් කරන්න.

  6. ජයලත් සන්දීප

    ස්තුතියි සබ් එකට.. No Escape Aka Follow Me (2020) Movie එකටත් සබ් දෙන්න..

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හරි සහෝ, අපි එක්ක දිගටම ඉන්න. දෙන්නම්

  7. The wind guardians 2018 anime move ekatath sub ekak dennako👍

  8. supiri thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login