The title of the page
Shazam Fury of the Gods Sinhala Subtitle
Shazam Fury of the Gods Sinhala Subtitle
6.3
50
88

Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | “දෙවියන්ගේ කෝපය” | සිංහල උපසිරැසි සමඟ

(Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles) (Shazam! Fury of the Gods (2023) Sinhala Subtitle) (Shazam Fury of the Gods Sinhala Subtitle) (Shazam Fury of the Gods Sinhala Sub) (Shazam Sinhala Subtitle) (Shazam 2 Sinhala Subtitle) (Shazam 2023 Sinhala Subtitle)

කොහොමද ඔයාලට ඉතින්.. ඔන්න පිට පිටම සබ් කීපයක් මගෙන් ඔයාලට ලැබුණා.. මුලින්ම 65, ඊළඟට Ant Man, දැන් ඔයාලට දෙන්න ආවේ SHAZAM! – Fury of the Gods(2023). අනිත් ෆිල්ම් දෙක නම් කරදරයක් නැතුව දෙන්න පුළුවන් වුණා මොකද කැම් කොපියට සබ් කරලා තිබ්බ නිසා.. ඒත් නොහිතපු විදිහට එහෙම හදාගන්න කලින් Shazam ආවා.. ඉතින් ආපු ඉක්මනින්ම දෙන්න බැරී නිසා පුළුවන් වේගෙන් කරලා ඔන්න අද තමා දෙන්න පුළුවන් වුණේ.. මේ දවස් ටිකේ සබ් එක ඉල්ලලා හුගාක් මැසේජ් පවා ජේජ් එකට ඇවිල්ලා තිබ්බා.. අපිව විශ්වාස කරලා අපිත් එක්ක ඔයාලා ඉන්න එක ගැන හුගාක් සතුටුයි..

Box office: Shazam! Fury of the Gods opening weekend - GoldDerby

හරි අපි යමු දැන් මාතෘකාවට. 2019 ආපු Shazam පළවෙනි ෆිල්ම් එක ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එතකොට මේ තමයි දෙවෙනි Shazam ෆිල්ම් එක. තාමත් Shazam ගැන හුගාක් අය දන්නේ නෑ මොකද අලුතින් එළියට ගෙනාපු චරිතයක් නිසා. ඒ නිසා මං පොඩ්ඩක් Shazam ගැන ඔයාලට විස්තර කරන්නම්.

Shazam බිහිවෙන්නේ සුපර්මෑන්ගේ කොපියක් විදිහට කීවොත් ඔයාලා විස්වාස කරනවද? ඔව් ඒක තමයි ඇත්ත. කොමික් ලෝකයේ මුලින්ම බිහිවුණු කොමික් චරිතය විදියට සලකන්නේ සුපර්මෑන්. ඒකාලේ සුපර්මෑන්ට අසීමිත ප්‍රේක්ශක ප්‍රතිචාර තිබුණා. ඒකාලේ National Comics වුණ වර්තමාන DC Comics සුපර්මෑන් චරිතය නිර්මාණය කරද්දි, Fawcett Comic කියලා ආයතනයක් සුපර්මෑන්ට හුගාක් දුරට සමාන කොමික් චරිතයක් නිර්මාණය කරනවා. 1940 දී Captain Thunder කියන නමින් තමයි ඒ චරිතය එළි දක්වන්නේ. පස්සේ Captian Thunder කියන නම Captain Marvelous වෙලා කාලෙකින් ඒක Captain Marvel බවට පත්වෙනවා. කොහොමහරි Captain Marvel චරිතය කොච්චර සුපර්මෑන්ට සමානව නිර්මාණය කරාද කියනවා නම් DC Comic ආයතනය විසින් Captain Marvel චරිතය නිර්මාණය කල Fawcett Comic ආයතනයට විරුද්ධව 1941 දී නඩු පවරනවා. එයාලගේ බුද්ධිමය දේපළ අනවසර‍ෙයන් උපුටා ගත්තා කියලා. නඩුව ඔහොම ඇදිලා යද්දී Captain Marvel කියන කොමික් චරිතය නවත්තලා දාලා කාලය සෑහෙන කාලයක් ගියාට පස්සේ, 1972 දී DC Comic ආයතනය විසින් Captain Marvel කොමික් චරිතයේ සියලු අයිතීන් ඔවුන්ගේ ආයතනයට පවරගන්නවා. හැබැයි මේ කාලේ වෙද්දි Marvel ආයතනය බිහිවෙලා. Marvel කියන නමින් එයාලගෙම කොමික් කතා නිකුත් වෙමින් තිබුණා. මේ නිසා DC Comic ආයතනයට Captain Marvel කියන නම පාවිච්චි කරන එක අවුලක් වුණා. අන්තිමේදි DC Comic ආයතනය සෑහෙන්න කල්පනා කරලා, Captain Marvel කියන නම Shazam කියලා නිළ වශයෙන් වෙනස් කරනවා.

ඔන්න ඔහොම තමයි ඔරිජිනල් Captain Marvel චරිතය Shazam බවට පත්වුණේ. ෆිල්ම් එක ඇතුලෙත් මේ Captain Marvel කියන නම පාවිච්චි කරලා ඒ අතීතය මතක් කරනවා එක තැනකදී. නම වෙනස් කරපු වාසිය ගත්ත Marvel ආයතනය Captain Marvel කියලා වෙනම කාන්තා වීරවරියක් නිර්මාණය කළා. ඒ චරිතේ ඔයාලා දන්නවනේ. ඒකෙත් ෆිල්ම් එකක් ආවනේ 2019ද කොහෙද.

Captain Marvel? Shazam? DC Comics Will Now Just Call Him The Captain

Shazam කියන නම හැදිලා තියෙන්නේ බලවත් දෙවිවරු 6 දෙනෙක්ගේ නම් වල මුලකුරු වලින්. Shazamගේ බලයන් ලැබිලා තියෙන්නේ ඒ දෙවිවරුන්ගෙන්.

S – Soloman
H – Hercules
A – Atlas
Z – Zeus
A – Achilles
M – Mercury

මං හිතන්නේ ඔය Shazam ගැන කීව ටික හොඳටම ඇති අවබෝධයක් ගන්න.

දැන් අපි ෆිල්ම් එක පැත්තට එමු. ඔයාලා Shazam පළවෙනි ෆිල්ම් එක බැලුවා නම් මතක ඇතිනේ Shazam අන්තිමට එයාගේ සෙට් එකටම එයාගේ බලයන් දුන්නා කියලා. ඔන්න Shazam 2 එකේදී ඒ සෙට් එකේම වැඩ බලන්න පුළුවන්.

එතකොට ෆිල්ම් එකේ Villain රෝල් එක වෙන්නේ උඩ කිව්ව Shazam නමේ පළවෙනි A අකුරේ දෙවියා වෙන Atlas ගේ දූවරු තුන්දෙනා.

ඇන්තියා,කැලිප්සෝ,හෙස්පෙරා (වමේ සිට)

එයාලා මොකටද එන්නේ කියලා දැනගන්න ෆිල්ම් එකම බලන්න. මොකද මෙහෙම කියලා වැඩක් නෑ. ෆිල්ම් එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.තව ෆිල්ම් එකේදී ඔයාලට මකරෙක්ව දකින්න ලැබෙනවා.ඒ තමයි ලේඩන්..

ලේඩන් / ලෝක-ගිලගන්නා

ෆිල්ම් එක නම් ආතල් එකේ බලන්න පුළුවන් Enjoyable ෆිල්ම් එකක්. පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. කොමඩිත් එක්ක පිළිවෙලකට ගලාගෙන යනවා. ෆිල්ම් එක ඇතුලේ ලස්සනට WBලගේ ප්රසිද්ධ ෆිල්ම් ටිකක් චරිත ටිකක් ගැන කියවෙනවා. ප්රධානවම DC වීර චරිත කීපයක්. ස්පයිඩර්මෑන් ටත් පොඩි හින්ට් එකක් දෙනවා එක තැනක. අහ් කියන්න අමතක වුණා, ප්රධාන DC වීර චරිතයක් ෆිල්ම් එකේ පොඩි කොටසකට ඉන්නවා. ෆිල්ම් එක බලලාම ඒක දැනගන්නකෝ. ෆිල්ම් එක ඉවරවෙලා අන්තිමට වෙනම සීන් දෙකක් තියෙනවා ඒවත් මඟාරින්නැතුව බලන්න. Shazamගේ අනාගතය ගැන ඉඟි ටිකක් ලැබෙනවා. එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ෆිල්ම් Whatsapp/Telegram අප්ලෝඩ් කරන අයගෙනුත් ඉල්ලන්නේ සබ් ෆයිල් එක ගෙඩි පිටින් ශෙයාර් නොකර පුළුවන් තරම් ලින්ක් එක ශෙයාර් කරන්න. එතකොට ඕන අය ලින්ක් එකෙන් සයිට් එකට ඇවිත් ගනීවි. ඒක අපිට ලොකු උදව්වක්.

එහෙනම් ඔයාලට ජයවේවා!!

~උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

30 comments

  1. tanks saho sub eka enakan hitiye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘👍👍👍Adarei cineru

  2. බොහෝම ස්තූතියි සහෝ. සුභ අලුත් අවුරුද්දක් වේවා……!!

  3. thnk u brother……………..

    • Ko ban me subtitle aeka nene boru karannepa ban ubala boru link dala

      • ඇස් ඇරලා හොඳට බලන්න..😂 සිංහල උපසිරැසිය කියලා සිංහලෙන්ම ගහලා තියෙන්නේ සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි..🤦 එතනින් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ කොපියට ඇඩ් කරගන්න..

  4. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  5. tnx brdh…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  7. Thank you sub ekata 💖

  8. Onna blapn Dan anith site walath sub eka dai mechra dawas mekata sub tibbe na ekawth heta weddi dawii mulinma sub eka dmmata 😍😍

  9. Sub eka mulinma dmmata tanx cene ruu 😍😍🤗

  10. Thank you brother

  11. Machan me tv series ake sub dannako
    national-treasure-edge-of-history-2022

  12. Sub එකට Thanks සහෝ

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  14. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  15. Batman: The Doom That Came to Gotham animeted film eke sinhala sub dennako

  16. Batman: The Doom That Came to Gotham sinhala sub dennako

  17. Ado thanks BN sadeepa umba hena mahansi unalu wadeta . 🙂 Line 2000k🥴😵

  18. thanks……….

  19. Thanks bro..

  20. මල්ලි CHUPA 2023 sub එක ඕනේ…….

  21. thanks ……………..

  22. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!

  23. Thanks brother sub එකට …jaya wewa ❤️

  24. Shazam 2 full movie with Sinhala subtitle download karanne kohomada…

    • ඔය දීලා තියෙන්නේ ඔප්ෂන් ගොඩක්..කැමති එකකින් ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login