The title of the page
Ruposh (2022) Sinhala Subtitles
Ruposh (2022) Sinhala Subtitles
7

Ruposh (2022) Sinhala Subtitles | “ආදර කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Ruposh (2022) Sinhala Subtitles) (Ruposh (2022) Sinhala Sub) (Ruposh Sinhala Subtitles) (Ruposh Sinhala Sub)

ඉතින් යාලුවනෙ සුබම සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම! මම අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පවුලෙ හැමෝටම උනත් එකට ඉදගෙන බලන්න පුලුවන් විදියෙ සුපිරිම සුපිරි චිත්‍රපටියකට..

ඉතින් මේක ඉන්දියන් ආදර කතාවක් කියලද හිතුවේ.. නෑ මේක පාකිස්තානයේ ෆිල්ම් එකක් හෝල් ගිය ෆිල්ම් එකකුත් නෙවෙයි ටෙලි ෆිල්ම් එකක්..

ඉතින් මේකෙ නම තමයි Ruposh කියන්නෙ.. උර්දු භාශාවට අයිති වෙන මේ ලස්සනම ආදර කතාව 2022 තමයි රිලිස් වෙලා තියෙන්නෙ.. ඉතින් ඉන්දියාව පුරාම ගොඩක්ම ජනප්‍රිය උන ආදර කතාවක් තමයි මේක.. ඒ උනත් ලංකාවෙ අපි අතරෙ මේක ප්‍රසිද්ද නෑනෙ.. ඒ නිසාම තමා හැමෝටම බලන්න උපසිරැසියක් කරන්න හිතුවෙ..සමහර වයිරල් වෙලා යන බොලද ආදර කතා වගේ නෙවෙයි ඇත්තටම සුපිරි කියන්න පුලුවන් විදියෙ ෆිල්ම් එකක්..

ඒ වගේම මේ ෆිල්ම් එකේ ලස්සනම ලස්සන සින්දු දෙකකුත් ඇතුලත් වෙලා තියෙනවා..ඒවාත් ඔයාලට රසවිදින්න පුලුවන් වෙන්න සිංහල දෙබසින් රසවත් කරලා තියෙන්නෙ..

ඉතින් මම ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් මෙහෙම කියන්නම්.. සලාර් ශාහ් කියන්නෙ ගොඩක් ලොකු සල්ලිකාර පවුලක මුරණ්ඩු කොල්ලෙක්.. එතකොට අපේ ෆිල්ම් එකේ කෙල්ල සූනී..එයා ටිකක් දුප්පත් වගේම අහිංසක කෙල්ලෙක්..ඉතින් මේ දෙන්නගෙ වටේ තමයි මේ ආදර කතාව ලස්සනට ගෙතිලා තියෙන්නෙ..මම මීටවඩා කිසිම දෙයක් කියන්නෙ නැ ඉතින් ඔයාලා හැමෝටම ආරාදනා කරනවා මේ ලස්සනම ලස්සන ආදර කතාව බලන්න කියලා..

ඉතින් මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් කරා වගේම ලිපියටත් කරුණු හොයාගන්න උදව් උන මදුශංක ලියනගේ අයියට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා…ඉස්සරහට ටික කාලයක් යනකන් උපසිරැසියක් ගේන්නනම් අමාරු වෙයි.. ඒත් පුලුවන් අවස්තාවක් ලැබුණ ගමන් උපසිරැසියක් අරන් එන්න උපරිම උත්සාහ කරන්නම්..එහෙනම් හැමෝටම ආරාදනා කරනව මේ ලස්සන ආදර කතාව බලන්න කියලා.. අවස්තාවක් ලැබුන ගමන් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉඳුවර සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!

  2. Kasun Widusha
    Cineru_users

    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

  3. Shan Sasanga
    Cineru Family Member

    අම්මෝ ගින්දර 🥺❤️ ජයවේවා මගෙ එකා ❤️

  4. tharindu tharanga

    2023 balana mama 💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login