The title of the page
8.1
88
92

Sethu ( 1999 ) | ප්‍රේමය මෙතරම් කුරිරුද? | සිංහල උපසිරැසි සමග |

Sethu ( සේදු) 1999

Drama/Romance ‧ 2h10m
8,2/10 · IMDb – 90% liked this film , Google users

අද මම උපසිරැසි ගෙනාවේ, 10 දෙසැම්බර් 1999 දි රිදී තිරයට පැමිණි IMDb මීටරය 8.2කට තල්ලුකර දැමු දමිළ සිනමාවේ තවත් විශිෂ්ට සිනමා කෘතියක් වූ බාලාගේ සිනමා ප්‍රවිශ්ටයක් වු වික්‍රම්ගේ දමිළ සිනමාව දිග්විජය කලාවු ලාංකීය දමිළ සිනමා රසිකයන්ගේ සිත් වසගකලාවු ඒ සිනමාව “සේදු” යි. වික්‍රම් සමග අභිතා හා සිවකුමාර් ගේ රංගනයෙන්.

අධ්‍යක්ෂක බාලා කිව්වොත් දැන් නොදන්න දමිළ සිනමා රසිකයෙක් නැති තරම්. දමිළ සිනමාවට පිතාමගන් , නන්දා වැනි විශිෂ්ඨ සිනමා කෘතින් කිහිපයක්ම තිලිණ කල මොහුගේ සිනමා ප්‍රවිශ්ටයයි මේ සේදු.

අඩුවියදම් සිනමාවක් වන “එන් කාදල කන්මනි” හි ප්‍රධාන චරිතයකින් ප්‍රවිශ්ටය ලබා ගත් වික්‍රම් ව දමිළ සිනමාවේ දෙවෙනි සිනමාවෙන්ම ඔහුව දමිළ සිනමා ලෝකයේ විශාල තැනක් ලබා දීමට නවක අධ්‍යක්ෂක බාලා සමත් විය.

නැවතත් ඉලයරාජා ගේ සුමියුරු සංගීතයෙන් නැහැවෙන ලස්සනම ගීත හා පසුබිම් සංගීතය මේ සිනමාව තවත් හැඩ කර ඇත. විශේෂයෙන් ඉලයරාජා විසින් ගයන “ එංගේ සෙල්ලුම් ඉන්ද පාදයි” , “වාර්තයි තවරිවිට්ටායි” හා උන්නි ක්‍රිෂ්ණන් විසින් ගයන ” මාලයි එන් වේදනයි ” යන ගීතයන්හි ලයාන්විත භාවය ඇසට කදුලු නගනවා සිකුරුයි.

මේ සේදු හරිම විශේෂ ෆිලුමක්. මේක රිලීස් වුනේ එකම එක Suburban කියන සිනමා ශාලාවේ කිසිම පූර්ව ප්‍රචාරයක් නොමැතිව. මම හිතන්නේ මේ අධ්‍යක්ෂක හා ප්‍රධාන නලුවා ප්‍රසිද්ධ අය නොවීම වෙන්න ඇති. ඒ කොහෝමද වුනත් සිනමා රසිකයන්ගේ කටින් කට ගිය ප්‍රචාරය නිසා පසුව සිනමා ශාලා කිහීපයක තිරගත වීමට පටන් ගෙන ඇත. එසේ ආරම්භ කල සේදු ඉන්දියාවේ ඉහලම සම්මානය වන ඉන්දීය රජය විසින් පිදුම් ලබන National Film Awards, India (2000) හී Silver Lotus Award [Winner] , Best Feature Film in Tamil සම්මානය බාලා විසින්ද , තමිල්නාඩු රජය විසින්
Tamil Nadu State Film Awards, India (1999) හි Creative Award [Winner], Best Director, Bala විසින්ද Special Award [Winner], Special Prize for Best Actor , Vikram විසින් ද දිනා ගන්නා ලදි. තවද Filmfare හී සම්මාන කිහිපයක්ම දිනාගැනීමට ද සමත් විය.

මේ සිනමාව ලැබු ජයග්‍රහණය හා ප්‍රසිද්ධිය නිසාම භාෂා කිහිපයකකිම නැවත නිෂ්පාදනය විය. හින්දි සල්මන් විසින් රංගනයෙන් දායක වු Tere Naam විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර කන්නඩ Huchcha හි නලු සුදීප් ට විශාල ජයග්‍රහණයක් ලබා දෙන ලදි. Seshu ලෙස තෙලුගු භෂාවෙන්ද බංගලදේශයේ Tor Karone Beche Achi ලෙසද නැවත නිෂ්පාදනය විය.

Filmfare Awards South (2000)

Filmfare Award – Tamil Film Industry [Winner] Best Director
Bala
Filmfare Award – Tamil Film Industry [Winner] Special Jury Award
Vikram
Filmfare Award – Tamil Film Industry [Winner] Best Film
Bala
A. Kandasamy
Filmfare Award – Tamil Film Industry [Nominee] Best Actress
Abitha
Filmfare Award – Tamil Film Industry [Nominee] Best Actor
Vikram
National Film Awards, India (2000)

Silver Lotus Award [Winner] Best Feature Film in Tamil
Bala
Tamil Nadu State Film Awards, India (1999)

Creative Award [Winner] Best Director
Bala
Special Award [Winner] Special Prize for Best Actor
Vikram

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

3 comments

  1. niyamai අයියා

  2. Godaaak pin ,,thank you

  3. Peter Barthelot
    Cineru Family Member

    Thanks 👌😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login