The title of the page
Secret Society of Second Born Royals 2020 Sinhala Sub
Secret Society of Second Born Royals 2020 Sinhala Sub
4.3
60
86

Secret Society of Second Born Royals (2020) Sinhala Subtitles |පවුලේ දෙවෙනියා| සිංහල උපසිරැසි සමග

(Secret Society of Second Born Royals (2020) Sinhala Sub) මන් ඉතින් වැඩියේ කතාකරන කෙනක් නෙමෙයි ඒ ත් අද ඔක්කොම ගැන ටිකක් කතාකරන්නයි ලෑස්තිය. මේක මගේ 100 සිංහල උපසිරැසිය. ඇත්තම කියනවානම් අද මට ගොඩක් සතුටු දවසක් සබ 100 ගහපු එකටත් වඩා සිනෙරු පවුලේ සාමාජිකයෙක් වෙන්න ලැබුණු එක ඇත්තම සතුටුයි.හැම වෙලාවෙන්ම පස්සෙන් හිටපු සිනෙරු පවුලේ සමාජිකයන් වගේම සාමාජිකාවන් මේ  මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා, එයාලා නැත්නම් සිනෙරු කියලා වෙබ් අඩවියක් බිහිවෙන්නේ නැහැ , ඒ වගේම මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු ඔයාලා ඔක්කොම ස්තුතියි ,ඒවගේම දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලනවා. GMWW group එකත් මන් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා, සිනෙරු කියන්නේ ඇත්තම පොඩි පවුලක්. ඕනේ දෙයකට එකට එකතු වෙන සබක් ගහමුද කිවුවොත් කවදාවත් බැහැ කියන්නේ නැති සෙට් එකක් ඉන්නේ.අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ ඔයාලාට පුළුවන් උපරිමෙන් හොද තත්වයක තියෙන උපසිරසියක් ගෙන්න .ඉතින් අපේ වැරදි අපු පාඩු දැක්කාහම කරුණාකර අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න කියලාත් ඉල්ලනවා,ඒවා හදාගෙන ඔයාට තත්වයෙන් උසස් උපසිරැසියක් ගෙන්න අපිට පුළුවන් වෙයි.

සිනෙරු වෙබ් අඩවිය බිහිවෙලා තාම අවුරුද්දක් වත් සපිරිලා නැහැ එත් අපි මේ තත්වයෙන් ඉන්නේ අපේ සබ ගන්න එන ඔයාලා නිසා ඉතින් අපේ වෙබ් අඩවියට ගොඩවදින සියලු දෙනාටම මන් ආයේ පාරක් ස්තුතිවන්ත වෙනවා.

එහෙනම් කතාව ගැන ටිකක් බලමු නේද? මේක 2020 ආපු ලස්සන කතාවක් පවුලේ ඔක්කොටම එකට ඉගෙන බලන්න පුළුවන් කතාවක් කතාවේ කතාවෙන්නේ රාජකීය පවුල් වල ඉන්න දෙවෙනි දරුවා ගැන ..කතාව ගැන කියන්න කලින් පොඩි දෙයක් තියෙනවා කියන්න.

01 බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් බලාපොරොත්තු වෙන්න ඕනේ

02 වටපිට ගැන අවධානෙන් ඉන්න ඕනේ.

මේ දෙකම ගැන මේ කතාවෙන් කතාවෙනව ඒ වගේම ,රාජකීය පවුල් වල දෙවෙනියා ට ඇත්තම කරන්න දේවල් නැහැ නේ පළවෙනියා අනිවාරයෙන්ම රජ වෙනවා දෙවෙනියා පස්සෙන් යනවා නේ ගොඩක් වෙලාවට ,ඉතින් දෙවෙනියා වෙන්න අසම නැහැ ,ඉතින් මේ කතාවේම කතාවෙන්නේ දෙවෙනියාට වෙන දේවල් ගැන තමයි සමහර දේවල් නම් රසවත් එත් සමහර දේවල් එහෙම නැහැ .එත් රාජකීය පවුල් වල දෙවෙනියට බලයක් තියෙනවා ඒවා එකිනෙකාට වෙනස් කාටවත් එකම වගේ බල පිහිටන්නේ නැහැ එහෙම කට්ටියගෙන් හැදුනු සංගමයක් තමයි රාජකීයයන්ගේ රහස් සංගමය කියන්නේ මේක ගැන පවුලේ කවරුවත්ම දන්නේ නැහැ අඩුම ගානේ පවුලේ පලවෙනියාවත්.. ඒ ඇති වගේ නේ මේකේ ඉන්නවා පවුලේ දෙවෙනියන් කිහිප දෙනක් වගේම එකිනෙකාට වෙනස් බලයන් තියෙන අය ඒ බලයන් ගැන බලාගන්න එයාලගේ හතුරෝ ගැන බලාගන්න මේ කතාව බලන්නම වෙනවා,එහෙනම් ගිහින් එන්නම් 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

15 comments

  1. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    100 සුභ පැතුම් අයියේ……❤️☘️💚
    ඊලගට 200 තමා ඈ 💚😘❤️

  2. G.W.Deshan Adithya

    100 උපසිරැසියට සුබපැතුම් සමිත අයියා ❤️❤️❤️

  3. නියමයි මචන් නියමයි….👍👍 දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…. මහන්සි වෙලා උපසිරැසි දෙනවට ජය වේවා සහෝ….

  4. Udaya saman
    Cineru Family Member

    ලොකු බොද්….ලොක්කා එහෙනම් මුලින්ම සුබ පැතුම් කියනවා …..ඇත්තටම සතුටුයි ලොක්කා පලවෙනි ශතකයට….දෙවෙනි එකත් ඕමම අදිමු ඉක්සනට…සුබ පැතුම්…

  5. Peter Barthelot
    Cineru Family Member

    එලම සමිතේ , 100ට සුබ පැතුම් ❤❤❤❤
    ඊලග එක සුබ පණිවිඩයක් එක්කම දෙමු හොදේ 🍺🍺🍺🍺

  6. බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  7. 100 ට සුබ පැතුම් ලොක්කා…තවත් සබ් ගහමු ඔය ගැම්මට ❤️❤️❤️

  8. 100 වැනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් ලොකු බොස්..❤️

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri film cool sub ekata thx pluwanda Scooby-Doo mystery Inc season 1 subtitle denna

  11. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි ඈ, 100යි නේ බොස්? 200 ගහමු ඉතා ඉක්මනින්. ඔයා වගේ බොසෙක් ලැබුනේ පෙර පිනට

  12. සුබ පැතුම් 100 වෙනි සබ් එකට. සබ් එකටත් ස්තුතියි අයියෙ.

  13. චානක තිලංක

    100 වෙනි සබ් එකට සුභ පැතුම් සහෝ.

  14. Sub ekata tanx kollo…good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login