The title of the page
scoob sinhala sub
scoob sinhala sub

SCOOB (2020) Sinhala Subtitles |ස්කුබි|සිංහල උපසිරැසි සමග

අදනම් අරගෙන එන්නෙ ටිකක් විශේෂ චිත්‍රපටියක්. ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි ගොඩක්. අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු කාටුන් එකක නමක් කියන්න කියලා කවුරු හරි කිව්වොත් හැමෝම කියයි ස්කූබි ඩූ කියලා. ඔව් මමත් කියන්නෙ ඒකම තමයි. මමනම් හිතන්නෙ නෑ ස්කූබි ඩූ බලලා නැති කවුරුත් ඇති කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක පුදුමයක්. මොකද ඒ වගේ ලස්සන කාටුන් එකක් බලලා නැත්තන් වැඩක් නෑ. අපි ඒ ආසාවෙන් බලපු කාටුන් එක 2020 අවුරුද්දෙදි Animation චිත්‍රපටියක් විදිහට නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය මුළු ලෝකෙම ජනප්‍රිය චිත්‍රපටියක්. මීට කලින් ස්කූබි ඩූ චිත්‍රපටි කීපයක්ම ආවා කියලා හැමෝටම මතක ඇතිනෙ. ඒ චිත්‍රපටි කීපයත් ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒ ටිකත් හැමෝම බලන්න ඇතිනෙ. පරණ චිත්‍රපටි ගැනත් ටිකක් මතක් කරන්න ඕන කියලා හිතුණ නිසයි මේ ටික ගැන පොඩි සටහනක් තිබ්බෙ.

SCOOB! 2020 චිත්‍රපටිය අද දවසෙදි Stream හරහා රිලීස් කරන්න වෙයි කියලා මේකෙ නිෂ්පාදකයින් කවුරුත් හිතන්න නැතුව ඇති. ඒත් ඒක එහෙම කරන්න වුණා. ඒකට හේතුව තමයි ලොවපුරා ව්‍යාප්ත වුණ COVID – 19 වෛරසය. වෛරසය හින්දා ලොවපුරා සිනමාශාලා හැම එකක්ම වගේ වහලා දාන්න වුණා. එතකොට ඉතින් ආයෙ කොහෙ පෙන්නන්නද නේ. හැබැයි ඉතින් හැමෝගෙම බලාපොරොත්තු සුන්වෙලා තියෙන වෙලාවක තමයි “Warner Bros” එහෙමත් නැත්තන් “Warner Brothers” කියන සුප්‍රකට චිත්‍රපටි සමාගම මැයි මාසයේ 15 වෙනිදා මේ චිත්‍රපටිය නිළ වශයෙන් අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කරන්නෙ. අන්න ඒ තීරණයෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ විදිහට Scoob! චිත්‍රපටිය නරඹන්න හැකියාව ලැබෙන්නෙ. (scoob 2020 sinhala sub)

ඒ කොහොම උනත් මම හිතුවා WB එහෙමත් නැත්තන් Warner Brothers සමාගමේ අතීතය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න. මං හිතනවා ඒ ගැන දැනගන්න ගොඩක් අය ආසාවෙන් ඇති කියලා.

මේ සමාගමේ නම නිර්මාණය වෙන්නෙ මේ සමාගමේ ආරම්භකයින් වෙන Harry Warner, Albert Warner, Sam Warner, Jack L. Warner කියන සහෝදරයන්ගෙ නම් යොදාගෙන. ඒ කියන්නෙ Warner Brothers කියන නාමය. එහෙමත් නැත්තන් WB කියන කෙටි නාමය. හැමෝම දැකලා ඇතිනෙ WB ලෝගො එක.

එහෙනම් දැන් බලමු SCOOB! චිත්‍රපටිය ගැන විස්තර. මේ Scoob! ඇනිමේෂන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Tony Cervone චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ චිත්‍රපටිය IMDb 7.5 ක අගයකුත්, 80% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමිකරගන්න සමත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය මෙතෙක් නිකුත්වුණ ස්කූබි චිත්‍රපටිවලට වඩා ගොඩක්ම වෙනස් එකක්. මේ චිත්‍රපටියෙදි අපිට පෙන්නනවා ස්කූබි, ෂැගී, ෆ්‍රෙඩ්, වෙල්මා, ඩැෆ්නි කියන හැමෝම හම්බවෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම එයාලගෙ පොඩි කාලෙ ජීවිතේ ගැනත් මේකෙන් අපිට පෙන්නලා දෙනවා. ඇත්තම කිව්වොත් මේකෙ කතාව ගොඩක් ලස්සනට ගලාගෙන යනවා.

තවත් එතකොට මේ චිත්‍රපටියෙ ඉන්න ප්‍රධාන චරිත ගැන බැලුවොත් ප්‍රධානම චරිත දෙක තමයි කවුරුත් දන්න ස්කූබි වගේම එයාලා හොඳම යාළුවා ෂැගී. එයාලා එක්ක ෆ්‍රෙඩී, වෙල්මා, ඩැෆ්නි කියන අපි දන්න අනිත් මේ චිත්‍රපටියෙ ඉන්නවා. ඔව් ඉතින් එයාලා නැත්තන් මේක ස්කූබි ඩූ චිත්‍රපටියක් වෙන්නෙ නෑනෙ. ඒ වගේම තමයි ඒ කට්ටිය ඇරෙන්න ඔයාලට මේකෙදි තවත් අළුත් චරිත කීපයක්ම බලාගන්න පුළුවන් වෙනවා.

මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැන කියන්න ඕන කියලා හිතුණත් මම ඒක ගැන සඳහන් නොකරන්න තීරණය කරනවා. ඒ මොකද කියනවා නම් මේ වගේ ලස්සන කාටුන් එකක ස්ටෝරි එක ගැන දෙඩෙව්වොත් ඔයාලට මේජ ගැන තියෙන කුතුහලය නැතිවෙලාම යයි කියලා මට හිතෙන හින්දා. අන්න ඒ හින්දා ඒ කුතුහලය එහෙම්මම තියෙන්න ඇරලා මේ කතාවත් මෙතනින් නතර කරනවා. එහෙමනම් ඉතින් ආයෙ කියන්න දේකුත් නෑ. වෙනදා වගේම ඉතින් කියන්න තියෙන්නෙ චිත්‍රපටිය බලලා හොඳ නරක කියන්න කියන එකම තමයි. ඒ වගේම උපසිරසිය අරගෙන කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

17 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට ආදරෙයි

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සිනෙරූ කණ්ඩායමට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  3. නියමයි ස්තූතියි සබ් එකට….. ❤

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. සහොදරයා හැකිනම් film එක Download කරන link එකත් දන්න පුලුවන්ද!!!!!!

  6. Dananjaya Chandrarathne

    Download karanne kohomada brother ?

    • මටත් ඒක දැනගන්න ඕනෙ,සබ් එක මෙතනින් ගත්තට ඒකට ගැලපෙන වීඩියෝ එක කොහොමද මේ ස්‍යිට් එකෙන් ඩව්න්ලෝඩ් කරන්නෙ???

      • samitha
        Cineru Family Member

        පොස්ට් එකේම දාලා තියෙන ගැලපෙන කොපිය ගන්න tvseriesandmovies.co මේ සයිට් එකට යන්නත් පුළුවන් එහෙම නැත්නම් cineru.co සයිට් එකෙන් ගන්නත් පුළුවන්

  7. Thanx adareyi..

  8. Thanks sub ekata supiri ela pluwanman Looney tunes TV show season sub dennko please

  9. හිරාන් ශාරංග

    මං ආසම සයිට් එක මේක. පුදුම ලස්සනක් තියෙන්නෙ.
    උපසිරැසිය වෙනුවෙන් ⁣ගොඩක් ස්තුතියි…
    ජයවේවා…!

  10. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    පුළුවන් කෙනෙක් ඉන්නව නම් Badnaam Gali (2019) film එකට සබ් දෙන්න 😊

  11. චානක තිලංක

    සබට ස්තූතියි සහෝලා ආසාවෙන් ෂෝ එක බැලුවා පට්ට සබ.

  12. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login