The title of the page
sarileru neekevvaru
6
87

Sarileru Neekevvaru (2020) sinhala subtitles |නුඹට සමකල හැකි කිසිවෙක් නැත|සිංහල උපසිරැසි සමග|

 Sarileru Neekevvaru (2020)

“ නුඹට සමකල හැකි කිසිවෙක් නැත “

ආයුබෝවන් යාලුවනේ. ඔන්න හැමෝම පුන පුනා බලාගෙන හිටිය අපූරු තෙලිඟු සලරුවක. සිංහල උපසිරැසිත් අරගෙන තමා අදත් මම වෙබ් අඩවියට ගොඩ වුනේ .(Sarileru Neekevvaru sinhala sub – Sarileru Neekevvaru sinhala subtitle)

ඉතින් අදනම් මට විශේෂ දවසක්. මොකද කියනවනම් අද මේ අරගෙන එන්නේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය.

ඉතින් මෙතනදි මට ගොඩක් දේවල් ඉස්සෙල්ලම ඔයාලට මතක් කරන්න තියෙනව. දිගින් දිගටම චිත්‍රපටි බල බලම ඉන්න අස්සෙ 2018 අවුරුද්දේ තමා මටත් මගේම කියල උපසිරැසියක් කරන්න හිතුනේ. ඒ අනුව මම ගොඩක්ම කැමති තෙලිඟු සිනමාවට නිසාත්, මම ආසම තෙලිඟු නලුව වෙන නානිගෙ 2014 නිකුත් වුනු Aaha Kalyanam චිත්‍රපටියට තමා උපසිරැසි කලේ.

ඉතින් එතකොට මේ සයිට් එක නෙමේ තිබ්බෙ Tv sereis & Movie ඩිරෙක්ට් ලින්ක් සයිට් එක.උපසිරැසිත් කීපයක් ඒකෙන්ම දීලා තිබ්බ හන්ද මටත් මේ සයිට් එකෙන්ම දෙමු කියල අවස්ථාව දුන්නෙ සමිත් අයිය තමා. ඒ වගේම ඇඩ්මින් මඩුල්ලේ අනිත් කට්ටියත් දිගටම මට මාරම හයියක් වුනා දෙන දෙන සබ් එකක් ගානෙ.

ඔහොම යනකොට මගේ යාලුවොත්, සමාජ මාධ්‍ය හරහා අපි එක්ක සෙට් වුනු යාලුවොත් එක්ක 2019 අප්‍රේල් අපි උපසිරැසි සයිට් එකක් විදියට මාරු වුනේ. නියම සබ් ටීම් එකකුත් ඒ වෙනකොට සයිට් එකට හැදුනා.විනෝදෙට කරගෙන ආපු වැඩේ වුනත් පෙලක් අයගෙ හිත් අමනපකම් පිට කිරීම් පවා මට ඉවසන්න වුනා. ඒ හැමවෙලේම ඇඩ්මින් සෙට් එකයි, සබ් ටීම් එකයි, උපසිරැසි ගහන්න ඔයාලයි තමා මට ගොඩක් ශක්තියක් වුනේ. ඒකට ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.

මම කවදත් උත්සහ කලෙත් , කරන්නෙත් ඔයාලට හොඳම සබ් එකක් දෙන්න. ඒක මම කොච්චර දුරට සාර්ථක කරගෙනද කියන එක දන්නේ ඔයාලා තමා. ඉතින් ඔහොම ආපු ගමනේ මගේ මේ සබ් 50 ට චිත්‍රපටි 41 කුත්, කතාංග 9 කුත් එකතු කරගන්න මට පුළුවන් වුනා.. තායි/චයිනිස් චිත්‍රපටි 2ක් , කන්නඩ චිත්‍රපටි 2ක් , දමිල චිත්‍රපටි 1ක් හා මලයාලම් චිත්‍රපටි 1 සමගින් තෙලිඟු චිත්‍රපටි 35 කුත් විදියට තමයි ඒක සැකසිලා තියෙන්නෙ..

මේ සබ් එකක් ගානෙ ඔයාලගෙ කමෙන්ට් එකකින් මට ලැබෙන සතුටනම් කියල නිම කරන්න බෑ. ඒ වගේම කොච්චර කිව්වත් මදි අපේ සබ් ටීම් එකේ සහෝදර සහෝදරියො ටික ගැනනම්.. මූණට මුණ නොගැහුනත් අපි අතර ගොඩ නැංවිලා තියෙන සහෝදරත්වය, මට මගේම කියල සහෝදරයෙක් නැතිවුනත් ගොඩක් ලෙංගතුකමක් එක් කලා.

ඒ වගේම ඇඩ්මින් සෙට් එකේ සමිත් අයිය ඇතුලු කණ්ඩායමත් නිසයි තමා අද මට මේ අපූරු අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න ලැබිල තියෙන්නෙ. ඉතින් මෙතක් මට වචනෙකින් හරි උදව් කරපු කරපු,වැරදි කියපු,බැනපු, හින්ට් ගහපු ඔක්කොටම ස්තූතියි. ඒ හැමදේම මට කොයි විදියකින් හරි උදව්වක් වුනා මෙතනට එන්න.

හරි එහෙනම් හැමදාම මෙහෙම මගේ ගැන මම කියවන්නැති නිසා පොඩ්ඩක් කිව්ව. අව්ලක් නෑනේ.යමු එහෙනම් අපි චිත්‍රපටිය පැත්තට.තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හදුන්වන මහේශ් බාබුගේ අති සාර්ථක මහර්ශි චිත්‍රපටිය අවසන් වීමෙන් පස්සෙ කාගෙත් අවදානය යොමු වුනේ මීලග චිත්‍රපටිය කොයි වගේද කියන එක ගැන .

ඒ එක්කම 2019 අගෝස්තුවේ මහේශ්ගෙ උපන්දිනය අලලා හමුදා ඇදුමකින් සැරසුනු මහේශ්ගෙ පොඩි වීඩියෝ කෑල්ලක් අන්තර්ජාලයට එකතු වෙනවා . ඊට පෙරම චිත්‍රපටියේ නම “Sarileru Neekevvaru” බවත් , Anil Ravipudi ගේ අධ්‍යක්ෂණයෙන් . වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන නිලියක් වන සුරූපි රශ්මිකා මන්දනා රංගනයෙන් එක්වන බවත් දැනුම් දී තිබුනා .

කෙසේ වෙතත් උපන්දින තෑග්ග එක්ක උද්දාමයට පත් වුනු. මහේශ්ගෙ බාබු රසිකයන් 2019 නොවැම්බර් 22 මෙහි ටීසර් පටය නිකුත් වීමත් සමග . කටවුට්,බැනර් වලින් පවා තම වීරයාව සමරන්න ගත්තා. අවසානයේ 2020 වසරේ ජනවාරි 11 තෙලිංගනාවේ සිට ඉන්දියවම කලඹමින් සංක්‍රාන්තිය අලලා තිරගතවීම ආරම්භ කලා. පලමු දිනයේම අතිසාර්ථකව කෝටි 33 කට අධික ආදායමක් ලබාගෙන, අවසානයේ දින 50ත් පසුකර කෝටි 200 අභිබවූ ආදායමක් හිමිකරගෙන දෙමින් . All “Time Industry Blockbuster” ලෙස නම් වෙමින් ඉහල තැනකට අරගෙන එන්න මහේශ් බාබුගේ රසිකයන් කටයුතු කලා.

චිත්‍රපටය ගැන මදුශංක ලියනගේ සහෝදරයා මොනවද කියන්නෙ කියලා බලමුකෝ

මේ ලෝකේ තියෙන වටිනාම සහ අමාරුම රාජකාරිය මොකක්ද ? ඒ තමයි රට රකින ආරක්ෂක අංශය. මේජර් අජේ කුමාර්.. ඉන්දීය යුධ හමුදාවේ මේජර් වරයෙක්.. තම මිතුරා හදිසි මෙහෙයුමකදි තුවාල ලැබීම නිසා . ඔහු වෙනුවෙන් ඔහුගේ ගමට යාමට සිදුවෙන්නේ මේජර් අජේට.. ඒ ගමට ගිය පසු සිදුවෙන සිද්දි දාමයක් වටා ගෙතෙමින්. පැය දෙකයි විනාඩි පනහකට ආසන්න කාලයක් . කාගේත් නෙත් ඇද බැඳ තබාගන්නට සමත්.. සිනමා නිර්මාණ .. සරිලේරු නීකේව්වරු.. ඔබට සම කලහැකි කිසිවෙකු නොමැත.. සංවේදි අවසානයක් සමග ආදර්ශමත් කතාවකින් නිර්මාණය වුන මෙය. ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑ .මොකද පහුගිය ජනවාරි මාසේ සංක්‍රාන්ති සමය එහෙමත් නැත්නම් තෛපොන්ගල් සමය ඉතාම උනුසුම් වුනා. තෙලුගු සිනමා සමූහය තුල සිටින සාමාජිකයන් නම් ඒ ගැන දන්නවා ඇති. බෙහෙවින් මා ඈඳාගෙන බොහෝ පෝස්ට් සමහර විද්වතුන් ලියා තිබුනා. හේතුව තමයි අල්ලු අර්ජුන්ගේ ALAVAIKUTAPURAMLO චිත්‍රපටය සහ මෙම සරිලේරු නීකේව්වරු චිත්‍රපට දෙකම එක ලඟ දින දෙකකදි තිරගත වීම.

සංක්‍රාන්ති ජයග්‍රහකයා සැබැවින්ම අල්ලු අර්ජුන් එහි දෙකක් නෑ . මොකද අල්ලු කාලෙකට පස්සෙ සිය සුපුරුදු රිද්මයෙන් නැවත අප අතරට පැමිණෙනවා .අල්ලු අර්ජුන් රසිකයන් කියා කියාගන්න උදවිය මා හට මඩ ප්‍රහාර පවා දියත් කලා.මම මහේෂ් බාබු ෆෑන් කෙනෙක් කියා. නමුත් මහේෂ් වගේම අල්ලුත් මගේ කැමතිම නලු ලැයිස්තුවේ ඉන්න බව මම ඔවුන්ට අමුතුවෙන් කියන්න ගියේ නෑ . මොකද අද ඊයේ තෙලුගු බලන්න ආව උදවිය උඩ පැන්නා කියලා. අවුරුදු දහ අටක විතර තෙලුගු චිත්‍රපට බලන ඉතිහාසයක් තියෙන මම සැලෙන්න ඕන නෑ කියලා මට හිතුනා.

ඇත්තටම මහේෂ් ද වැඩ්ඩා අල්ලුද වැඩ්ඩා?
පිලිතුරක් නැති ප්‍රශ්නයක්. මොකද දෙන්නා දෙආකාරයක දෙදෙනෙක් මිස එකම ආකාරයේ නලුවන් දෙදෙනෙක් නෙවෙයි. අල්ලු අර්ජුන් කියන්නේ තෙලුගු සිනමාවේ සදාකාලික ආදරවන්තයා. නමුත් මහේෂ් ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ දෙන්නා කම්පෙයා කරන එකත් මට අනුව විහිලුවක්.

මහේෂ් ඇත්තටම වැඩ්ඩෙක්ද?

ගොඩක් ලංකාවේ උදවිය නොදැනුවත් කමටද නැත්නම් වෙන දෙයකටද මම දන්නෑ. මහේෂ් බාබුට අකමැති කාරනය විදිහට ගන්නෙ. රැවුල නැති නලුවෙක් බව කියමින්. වයස හතලිස් පහයි. නමුත් තාම අවුරුදු තිහක පෙනුමක් තියෙන පුද්ගලයකු වීම නිසා බොහෝ අයට දිරවන්නැ. නමුත් තෙලුගු නලුවන්ට ලංකාවේ අය අකමැති වීම එතරම් තෙලුගු සිනමාවට බලපාන්නෙත් නැති බව ඒ අය නොදන්නවා ඇති. ලංකාවේ අය කොහොම කිව්වත්. තෙලුගු සිනමාවේ වැඩිම රසික පිරිසක් ඉන්න.නලුවා. මහේෂ් බාබු..

සිය පියාගෙන් උරුම වුන සුපර් ස්ටාර් ටැග් එකට ඔබින විදිහටම වැඩ කරපු චරිතයක් වෙලා හමාරයි මේ වෙද්දි.තෙලුගු සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය නලුවා කවුද ඇහුවොත් ලංකාවේ අය මොන නම කිව්වත්. වෙන අය කියන එකම නම සුපර් ස්ටාර් මහේෂ් බාබු.

තෙලුගු සිනමාවේ පලමු කෝටි පනහේ ආදායම ලැබු චිත්‍රපටය 2006දි රගදක්වන්නේ ඔහු. ඒ පුරි ජගන්නාද් කියන අපූරු අධ්‍යක්ෂකවරයාගේ පෙරලියක් සමග 2011දි කෝටි 100 ඉක්මවා ගිය පලමු තෙලුගු චිත්‍රපටයේ රගපාන්නෙත් ඔහු.. ඒ ඩූකුඩු චිත්‍රපටය තුලින්. ප්‍රබාස් ඇරුනම පිට පිට කෝටි දෙසියේ සීමාාවට තුන් වරක් ගිය එකම නලුවත් ඔහු.ඒ වගෙම රාජාමවුලි සමග චිත්‍රපටයක් නොකර ⁣ඉහලම සාර්ථකත්වයක් ලැබු එකම නලුවත් ඔහු. ඒ වගෙම තමන්ගේ චිත්‍රපට වෙනත් භාශා වලට ප්‍රතිනිර්මාණය වු චිත්‍රපට වැඩිම ගනනක රගපෑ නලුවත් ඔහු. ඔක්කාඩු,අතාඩු,පෝකිරි,බිස්නස්මැන් ඉන් කිහිපයක් පමණයි . ඉතිං තවත් ඔහු තෙලුගු සිනමාවේ පොරක් කියන්නට විස්තර උවමනාද?

මේ සියලුම සාර්ථකත්වයට හේතුව පිටපත් හොඳින් තෝරාබේරාගැනීම බව අමුතුවෙන් කියන්න ඕන නෑ .එවැනි සුපිරි චරිතයක් සමග ANIL RAVIPUDI කියන මීට පෙර විකට චිත්‍රපට අධ්යක්ෂණය කල අධ්‍යක්ෂක වරයා සමග ලොකු පිම්මක් පනිනවා. ඒ තමන්ගේ ජීවිතේ ඉහලම ආදායම ලැබු චිත්‍රපටය තබවට සරිලේරු නීකේව්වරු පත් කරගනිමින්. අල්ලු අර්ජුන් එක් අන්තයකින් ජයග්‍රහණය ලැබුවත්. තමන්ගේ තරු බලය නිසාම.

කෝටි 227 වැඩි ඉහල ආදායමක් ලබාගන්නට සමත් වෙනවා. අල්ලුගේ චිත්‍රපටය තිරගත් නොවන්නට මෙය කෝටි තුන්සියකවත් ආදායමක් හොයන්නට තිබුනා.  7 ක IMDB අගයක් සහ 86%ක ගූගල් පරිශීලක කැමැත්තක්ද ඇති සරිලේරු නීකේව්වරු . මහේෂ්ට අමතරව සුන්දර රශ්මිකා මන්දනාගේ විසේකාර රංගනයෙන් වගේම. කලකට පසු තෙලුගු සිනමාව පාතබපු විජයශාන්ති වගේම ප්‍රකාශ රාජ් කියන විශිෂ්ඨ රංගධරයාගේ රංගනයෙන් ඔපවත් වුනු මෙම චිත්‍රපටය ඔයාලටත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. කොමඩි දර්ශන ටිකක් විතර වැඩී කියලා හිතුනත් සුපරිම අවසානයක් නම් තිබෙන බව කියන්නම ඕන. කොමඩි දර්ශන වැඩි වෙන්නට හේතුව අධ්‍යක්ෂකවරයා මීට පෙර අධ්‍යක්ෂණය කලේ විකට චිත්‍රපට පමණක් වීමද කියලත් හිතෙනවා. නමුත් ඒ අඩුපාඩු සියල්ල අකා මකා දමන්නට අධ්‍යක්ෂකවරයා සමත්ව තිබෙන බවත් කියන්න ඕන..

එහෙනම් චිත්‍රපටය නරඹලාම ඔබේ අදහස් කියන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

43 comments

  1. අනෙ අම්මෝ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල ඉවර උනා විතරයි🤗🤗🤗 බොහොම ස්තූතියි මදුව 🤘🤘🤘ජය වේවා 🙏🙏🙏

  2. Thank you…

  3. Thanx malli 💓💓💓

  4. Peter Barthelot
    Cineru Family Member

    Congratulation Madu 50 වෙනි උපසිරැසියට .
    ඒකත් සුපිරිම එකක් එක්ක

  5. ජය වේවා සහෝදරයාට…

  6. කියන්න වචන නෑ සුපිරි ….. amazing ….
    එකෙන්ම උදේ නැකිට්ට ගමන් ටොරෙන් එක ඔර්ජිනල් ඇවිත් දැක්ක ගමන් කෙලින්ම ආවේ මෙකට..
    දෙවනි පාරට බලද්දී සබ් එකත් දීලා මෙන්න…
    ඔයාල නියමයි ජය වේවා ඔයල ටීම් එකටම !!!!!”””
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  7. Thank you mchan😍👌

  8. 50 ට සුබ පැතුම් මදුවෝ..😍❤️

  9. congratulation 50 වෙනි උපසිරැසියට
    සබ් එකට ස්තුතියි♥

  10. film eka awa witarai sub ekath dilane jayawewa !!!!!!!!!! Congratulation 50 වෙනි උපසිරැසියට.pattama asa naluwek thamai ithin …

  11. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක සබ් එකට…ආදරේයි…
    100වෙනි සබ් එකට ඉක්මනට යන්න දෛර්‍ය ශක්තිය ගැම්ම ලැබේවා….
    සබ් 50ක් කරන්න අපි වෙනුවෙන් කැප කරපු කාලය වෙනුවෙන් පිං…ආදරේයි

  12. රසාල් විරංග

    පනස්වෙනි උපසිරසට සුභ පැතුම් මදුවා..

  13. thanks wasthuweeeeee…..elama

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. 50 උපසිරසියට සුභ පැතුම් අයියන්ඩි

  16. Mmadhush chandika (red dragon)

    මචන් සබ් එක පට්ටටම තියනවා. සුපිරිම මචන්. උදේ තමයි සබ් එක බාගත්තෙ. ෆිල්ම් එක බලලම ඇවිල්ලා comment එකක් දාන්න හිතුනා. අනිත් ඒවා වගෙම මේකත් සුපිරියටම කරලා තියනවා මචන්. එල ජයවේවා

  17. බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ 😊👍..
    ජය වේවා.! 👊👊👊

  18. Asanka
    Cineru Family Member

    සුභ පැතුම් මදූශ් අයියා 😍❤️
    ඉදිරියටත් මේ වගේ සුපිරියටම සබ් ගේමු 😁❤️

  19. සිනමා ලෝකය - (Direct Link) - රැග්නා ලෝඩ්බ්‍රොක්

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    congratulation 50 වෙනි උපසිරැසියට 😊😊😊

  20. 50 වෙනි උපසිරැසියට බොක්කෙන්ම සුබපැතුම් මදුෂ් අයියා…😍😘
    අපි කවුරුත් දන්නවනේ අපේ මදු අයියා සබක් කරත් ඉතින් එළකිරියටම තියෙනවා කියලා..👌😍☺
    ෆට්ට්ම සුබපැතුම් අයියා..😍👌

  21. thanks for the sub

  22. Arawinda Sunmal

    thanks sub ekata (madushan priyankara) loku hadinveemakuth karala thiyenawa jayawewa……………

  23. බොක්කෙන්ම සුබපැතුම් bro

  24. Nilumi dhananjana

    ane aiye film eka ballnna be ne

  25. Nilumi dhananjana

    ane aiye film eka ballanna bene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login