The title of the page
Samara Sinhala Subtitle
Samara Sinhala Subtitle
7.6
81

Samara (2023) Sinhala Subtitles | “ජෛව යුද්ධයකට එරෙහිව..!!” | සිංහල උපසිරැසි

(Samara (2023) Sinhala Subtitles) (Samara (2023) Sinhala Sub) (Samara Sinhala Subtitle) (Samara 2023 Sinhala Subtitle) (Samara (2023) Sinhala Subtitle) (Samara 2023 Sinhala Sub) (Samara Sinhala Sub) (Samara (2023))

සුබ දවසක් හැමෝටම,

Demon (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න අදත් තවත් අලුත් දමිළ චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා..⁣චිත්‍රපටිය තමයි Samara (2023)..මේක 2023 අගෝස්තු 11 මලයාලම් භාෂාවෙනුත් ඔක්තොම්බර් 23 දමිළ භාෂාවෙනුත් තිරගත වෙලා නොවැම්බර් 17 වෙනිදා OTT වෙත මුදාහැරුණා..මේ චිත්‍රපටය දමිළ සහ මලයාලම් කියන භාෂා ද්විත්වයෙන්ම එකවර රූගත කිරිම් කරලා තියනවා..ඉතින් මේකෙන් දමිළ වර්ෂන් එක තමයි OTT වෙත නිකුත් වුණේ..

Samara (2023) - IMDb

මේ චිත්‍රපටය රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නවක අධ්‍යක්ෂක Charles Joseph විසින්..ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේක අධ්‍යක්ෂක Charles Joseph අධ්‍යක්ෂණය කරපු පළවෙනි ෆිල්ම් එක..ඒ වගේම නිෂ්පාදනයෙන් M. K. Subhakaran, Anuj Varghese, Villyadath කියන අය මේ චිත්‍රපටියත් එක්ක එකතු වෙලා තියනවා..ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය Deepak Warrier අතින් පසුබිම් සංගීත අධ්‍යක්ෂණය Gopi Sunder අතිනුත් සිද්ධවෙලා තියනවා..ඒ වගේම ෆිල්ම් එකට ලැබිලා තියන රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශ⁣කයේ 7.6/10 ක අගයකුත් 81% ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතයකුත් ලබාගන්න මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

ඉතින් Cast එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන පෙලේ නලු නිලියෝ කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..විශේෂයෙන්ම Bharath සහ Rahman මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකකට පණ පොවනවා..Rahman නම් සෑහෙන කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට කරලියට එන්නේ..ඊට අමතරව Sanjana Dipu, Binoj Villya, Veer Aryan, Rahul Madhav වගේ නිලු නිලියන් රැසක්ම මේ ෆිල්ම් එකට එකතු වෙලා තියනවා..ඒ වගේම මේ චිත්‍රපටය Dharamshala, Jammu Kashmir වගේ ඉන්දියාවේ සීත ප්‍රදේශ වල තමයි රූගත කිරීම් වැඩි හරියක්ම සිද්ධ වෙලා තියෙන්නේ..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 3ක වගේ බජට් එකක් තමයි වැයවෙලා තියෙන්නේ..

Samara (2023) HD Tamil Full Movie Watch Online - TamilGun.Com

Bharath සහ Rahman

Samara (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

එහෙනම් අපි දැන් ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මූලිකවම මේ ෆිල්ම් එක ගෙතෙන්නේ එක් තරා වෛරසයක් වටා..මේ වෛරස් එකට කියන්නේ HTW කියලා..මේ HTW වෛරස් එක මුලින්ම හොයාගෙන තියෙන්නේ දෙවනි ලෝක යුද්ධ කාලේ හිට්ලර් යටතේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින්..ඉතින් හිටි හැටියෙම අවුරුදු ගාණකට පස්සේ ලෝකේ පලවෙනි වතාවට මේ වෛරස් එක ඉන්දියාවෙන් හම්බවෙනවා..ඒ හම්බවෙන්නේ නිකන්ම පැතිරිලානම් නෙවෙයි..මේක පිටිපස්සේ සෑහෙන දෙනෙක් ඉන්නවා..එයාලගේ අරමුණ වෙන්නේ ලෝකේ පුරාම ජෛව යුද්ධයක් ආරම්භ කරන එක..ඉතින්,

  • මේක පිටිපස්සේ ඉන්නේ කවුද?
  • කොහොමද මේක ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්නේ?
  • කවුද මේකට ගොදුරු වෙන්නේ?
  • මේක නවත්තන්න හැකියාවක් ලැබෙයිද?

මේ කියන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නම් ඔයාලට ෆිල්ම් එක නරඹලා ඉන්නම වෙනවා…එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..ඔයාලගේ ⁣අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Kasun Widusha
    Cineru_users

    Tnx sahooo sub ekata GHoomer film ekata sub denda baland

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Broo…pippa 2023 ekata sub ona..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login