The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E05 Sinhala Subtitles | “සොම්බින්ව සොයා” | සිංහල උපසිරැසි සමඟ

(S O Z Soldiers or Zombies (2021) S01E05 Sinhala Subtitles)

ඔන්න එහෙනම් S.O.Z කතා මාලාවේ පස්වෙනි වෙනි කතාංගයට උපසිරැසි අරන් ආවේ මමයි, සංදීප මල්ශාන් ⁣සහොදරයයි මමයි තමා මේ කතා මාලාවට උපසිරැසි කරන්නේ, ඉතින් මේක මෙක්සිකෝවේත් ඇමසෝන් ප්‍රයිම් එකෙත් පළවෙනි සොම්බි කතාමාලව කියලා ඔයාලා දන්නවානේ, කුතුහලය පිරිනු කතා මාලාවක් තමයි මේක, එහෙනම් අපි පස්වෙනි කතාංගය පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කලින් කථාංග වල වෙච්ච දේවල් මතකයිනේ, මං පොඩ්ඩක් ඒ ටික ගැන කියන්නම්කෝ, මාර්කෝනි හිරෙන් පැනගත්තානේ. මාර්කෝනිගෙ පුතා හම්බවුණානේ. ඉතින් මේ මාර්කෝනිව අල්ලන්න යනවා සොල්දාදුවෝ ටිකක්, විද්‍යාගාරයක පරීක්ෂණයකුත් කරනවා සොම්බි ගැන, මතකයිනේ ඒ විස්තර,
මැර්කෝනි පුතාවත් අරන් ඥාති සහෝසරයාගේ ගෙදෙරට අරන් යනවා කොල්ලා හැබැයි එහෙ ඉන්න කැමති නෑ, අර සොම්බි සොල්දාදුවෝ ටිකත් පස්සෙන් එනවා, අර විද්‍යාගාරේ පරීක්ෂණය කරන අසාර්ථක වෙන ඌරු පැටව්න් ගෙනත් දාන අමුතු තැනක් තියෙනවානේ,
අන්න එතෙන්ට විද්‍යාගාරෙ ඉන්න වෛද්‍ය වරයා එනවා ආපුවහම වෙන්නේ හිතා ගන්නවත් බැරි සීන් එකක්, අර මාධ්‍යවේදනියටත් හිතා ගන්නවත් බැරි අවස්ථාවක් හම්බ උනානේ, අර විද්‍යාගාරෙට අරන් ආපු ඌරු පැටියා හමුදා සෙ⁣බලෙක්ගේ ඇඟිල්ල හපනවා, ටික වෙලාවකට පස්සේ ඒ සොල්දාදුවාත් සොම්බියෙක් ව⁣ගේ වෙන්න පටන් ගත්තා, අර දොස්තරටනම් හෙන සතුටුයි මොකද මනුස්සයා කර කර හිටපු පරීක්ෂණයක් සාර්ථක උනානේ..

දැන් මං පස්වෙනි කොටස ගැන කියන්නම්, මේ කොටස පටන් ගද්දිම මාර්කෝනියි ගෝලයෝ ටිකයි අර බංගලාවට එහායින් තියෙන කැලේ සොම්බි හමුදාව හොයාගෙන යනවා, හැබැයි මාර්කෝනි දන්නෙ නෑ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලත්, ඒ වගේම අර මාධ්‍යවේදනිය “ලිලියා” එක්කන් එන්න යන මාර්කෝනිගේ සහොදරයාට එයාව හම්බවෙනවා ලිලියාව එක්කන් එද්දි අර ලිලියාගේ පස්සෙන් ආපු මැරයා එනවා දැක්කට පස්සේ ඌව අල්ල ගන්න උපක්‍රමයක් දානවා, ඌව අල්ලලා උට වෙඩි තියනවා තව තව කතාවේ අමුතු දේවල් වෙනවා
ඒ මොනවාද කියලා දැන ගන්නත් මේ කොටස බලන්නම වෙනවා, මේ කතා මාලාවේ එපිසෝඩ් වලට ආව E sub එකකවත් ඉංග්‍රීසියෙන් කතා කරන පොඩි පොඩි කොටස් වලට E Sub Line නෑ..ඉතින් පුලුවන් විදියට පුලුවන්ඒ හැම තැනකම වගේ ඒ ලයිනුත් ගහලා තියනවා..මග ඇරුණ ඒවා තියනවනම් සාමාවෙන්න..ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ ආව E Sub එකේ දෝෂයක් නිසා…එහෙනම් යාළුවනේ මම ගියා..

මම ෂෙහාන් සච්න්ත.

බුදු සරණයි!!
පරිස්සමට ඉන්න!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login