The title of the page
Run 2020 Sinhala Sub
Run 2020 Sinhala Sub

Run (2020) Sinhala Subtitles |ඝාතකයෙක්ද ? රෝගියෙක්ද ?| සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න මම තවත් තෙලිඟු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන තමයි ආවේ.

ඉතින් මේ වෙනකොට කොරෝනා තත්වය තවමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැති හින්දා ගොඩක් එන්න තියෙන ෆිල්ම්ස් කල් ගියා කියල ඔයා දන්නවනේ..ඉතින් ඉන්දියාවෙත් තවමත් සිනමාශාලා විවෘත කරල නැති හන්දා සමහර චිත්‍රපටි ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් කෙලින්ම අන්තර්ජාලයට නිකුත් කරන බවට දන්වල තිබුනා.(Run 2020 Sinhala Sub)

ඉතින් ඒ විදියට මෑතකදී ඉන්දියාවෙ ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට අලුතින් එකතුවුනු “Aha Video ” වෙතින් තමයි මේ චිත්‍රපටිය කෙලින්ම අද උදේ අන්තර්ජාලයට එකතු කලේ.

හරි..චිත්‍රපටිය ගැන කියනවනම් මේකෙ නම තමා ” Run ” ..psychology / Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටියක්..රේටින් එහෙමනම් ඉතින් අද ඉදන් තමා කවුන්ට් වෙන්න ගන්නේ.තියටර් ආවෙ නැති හින්දා..කව්රුත් දන්න දැන් නිතර තෙලිඟු සිනමාවෙ දකින්න නොලැබෙන Navdeep එක්ක Pujitha තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක් වෙන්නේ..

කතාව මෙහෙමයි..සෲති සහ සන්දීප් කියන්නෙ ආදරෙන් ඉන්න අලුත් කපල් එකක්.සන්දීප් කාත් කවුරුත් නැති කෙනෙක් විදියට තමා අදුන්නල දෙන්නෙ අපිට.කොහොමෙන්හරි ඔන්න මෙයා ඔෆිස් එකෙන් දවල් පිට වෙනව සෘති එක්ක දවල් කෑමකට යන්න..සන්දීප් එයාල යන හෝටලේට යනව ඒත් සෘති ඇවිත් නෑ..ඒ අතරෙ රතුපාට ඇදුමක් ඇදපු ගෑනු ලමෙක් සෘති දෙන්න කිව්ව කියල කොලයක් දෙනව.ඒ එක්කම එයාට කෝල් එකකුත් එනවා..

ඇත්තටම සෘතිට මොනා වෙලා ඇත්ද ? අර ආව ගෑනු ලමය කව්ද ?
මෙතනින් තමා හැමදේම කණපිට පෙරලෙන්නේ..

එහෙනම් අරගෙන බලන්න මේ චිත්‍රපටියත්..මං ගිහින් එන්නම් තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. Sthuthi obata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Arawinda Sunimal

    THANKS SUB EKATA JAYAWEWA…………..

  4. ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login