The title of the page
The Blackout 2019 Sinhala Sub
The Blackout 2019 Sinhala Sub

The Blackout (2019) Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග

ඔන්න අද අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක චිත්‍රපටියක්. මේක ඇවිල්ලා රුසියන් චිත්‍රපටියක්. ඒ කියන්නෙ මේක තනිකරම රුසියන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 නොවැම්බර් 21 වෙනිදා රුසියාවෙදි තමයි Worldwide රිලීස් කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Egor Baranov කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා.(The Blackout Sinhala Sub)

මේ චිත්‍රපටිය තිරගත කරපු දවසෙ ඉඳලා අන්තිම දවස වෙනකන් ගත්ත ලබාගත්තු මුළු ආදායම රුසියානු මුදලින් Ruble 300 000 000 ක් විදිහට තමයි කියලා තියෙන්නෙ.

මුලදී, චිත්‍රපටය මාලාවක් විදිහට නිර්මාණය කරන්න හිතගෙන හිටියත් කොහොමෙන් කොහොම හරි ඒක එක චිත්‍රපටියක් විදිහට වෙනස් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය රූගත කරනකොටත් යම් යම් වෙනස්කම් සිද්ධ කරා කියලා තමයි කියන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය ” Transformers / Top Gun” වගේ චිත්‍රපටි විදිහට නිර්මාණය කරන්න සැලසුම් කරලා තිබුණත් පස්සෙ මොකක් හරි හේතුවකට ඒ පැත්තෙන් මේ චිත්‍රපටිය අයින් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නෙ යුධමය පැත්තට තියෙන බර ගොඩක්ම අඩු කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා නම් දන්නෙ නෑ. Baranov තවත් කියලා තියෙනවා මේ චිත්‍රපටියෙ මුළු කාලයෙන් 70% ක් විතර පරිගණක ග්‍රැෆික් භාවිතා කරලලු නිර්මාණය කරලා තියෙන්නෙ කියලත්.

The Blackout 2019 Sinhala Sub
The Blackout 2019 Sinhala Sub

ඒකෙන්ම තේරෙනවා ඇතිනෙ මේක වෙනස්ම පැත්තකට බර කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නෙ කියලා. වැඩිය රුසියානු චිත්‍රපටි නිර්මාණය නොවුනත් ඒ අතරිනුත් හොඳ චිත්‍රපටි අපිට බලාගන්න පුළුවන්.

Action / Sci-fi ඝණයට අයිතිවෙන මේ චිත්‍රපටිය පැය 2 යි මිනිත්තු 30 පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. IMDb 5.9 ක අගයක් වගේම 69% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත ගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

එහෙනම් දැන් බලමු මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැන.

මේ කතාව පටන් ගන්නෙ එක පාරටම මුලු රුසියාවම විදුලිය නැතුව අන්ධකාරයෙන් වැහිලා යෑමෙන්..ඉතින් මේ මොකද වුණේ කියලා කාටවත් හරියට අදහසක් නෑ..විශේෂඥයෝ එක එක අදහස් දක්වනවා මේ ගැන..හැමෝම හිතන්නෙ මේක ත්‍රස්ත ප්‍රහාරයක් කියලා..ඉතින් මේක සිද්ධ ⁣වුණු ප්‍රදේශ වලට හමුදා කණ්ඩායම් යැව්වත් ඒ හමුදා කණ්ඩායම් වලින් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෑ..ගියපු කවුරුත් ආපහු ආවෙත් නෑ..ඉතින් මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හැමෝටම ලොකු ප්‍රශ්නයක්…ඇත්තටම මොකද් මේ වුණේ..??? ඒක දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

එහෙනම් ඇත්තටම මොකද වුණේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැන ගන්න..අදට ගිහින් එන්නම්..හැමෝටම

බුදු සරණයි !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

6 comments

  1. Supiri Bro….
    Mewwath Danuda
    Marvels.Agents.of.S.H.I.E.L.D.S07
    Adventures Of Rufus The Fantastic Pet (2020)
    The.100.S07

  2. All the best👍💯

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  4. Thanks jayawewa…..!

  5. අලේ ඒකට සබ් දීලා නේද 😻 සබ් ඕන වෙලා හිටියේ 😘
    සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා!
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
    Vic the Viking and the Magic Sword (2019) ✌

  6. Thanx malli 😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login