The title of the page
Ruler Sinhala Sub
Ruler Sinhala Sub

Ruler (2019) Sinhala Subtitles |තෙලුඟු ගොවියන් වෙනුවෙන්|සිංහල උපසිරැසි සමග

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න සති ගානකට පස්සෙ මම ආව අදත් තෙලුගු චිත්‍රපටියක් උපසිරැසිත් අරගෙන.මේ උපසිරැසිය ගොඩක් දෙනෙක් අපෙන් නිතර ඉල්ලීම් කලා..ඒත් මේ චිත්‍රපටියට මුලින් ආවේ HDTV RIP එකක් ඉතින් පිටපත් වල ගැටලු නිරාකරණය වෙන්නත් එක්ක කොහොමෙන්හරි ඔර්ජිනල් HDRIP එකක් එනකම්ම ඉන්න උනා උපසිරැසි දෙන්න..(Ruler 2019 Sinhala Sub)

එතකන් ඉවසන් හිටිය හැමෝටම ස්තූතියි වගේම ඒ අතරිනුත් නිතර නිතර මැසේජ් කරමින් මේක ඉල්ලපු හිමල්ශ මනෝජ් කියන අපෙන් උපසිරැසි අරගන්න සහෝදරයටත් විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනි අපි මේක දෙනකම් ඉවසගෙන හිටියට.හරි එහෙනම් මං චිත්‍රපටිය ගැන කතාව පටන් ගන්නම්.(Ruler Sinhala Sub)

තෙලිඟු සිනමාවේ ඉන්න ටිකක් පරණම නලුවෙක් තමා මේ නන්දමුරි බාලක්‍රිශ්නා කියන්නෙ.1974 දි ළමා චරිතයට පෙනී ඉදල 1984 වෙනකොට ප්‍රධාන චරිතයෙන් එක්වෙමින් තෙලිඟු සිනමාවට තම ආරම්භක අඩිතාලම තියපු නලුවෙක් ඔහු.ඉතින් වර්තමානය වෙනකොට ටික දෙනෙක්ම මෙයාගෙ රංගනයට කැමැත්තක් දක්වන්නෑ..ඒ ඇක්ශන් සීන් වල එහෙම බොහෝදුරට තියෙන අතාත්වික බව නිසා එහෙම.

නමුත් මෙවර මේ Ruler චිත්‍රපටිය ගැන කතා කරනකොට නම් ගොඩක් හොඳ පිටපතක් වගේම , බලන්න පුළුවන් ,රසවිදින්න පුලුවන් විදියෙ කතාවක් මේකෙ තියෙන බවනම් කියන්න ඕනි..ඒ නිසා ඔයාලට බලන්න වටින කතාවක් කියන්න කියන්න පුළුවන්.

බාලක්‍රිශ්නාට අමතරව ප්‍රධාන නිලියන් දෙන්නෙක් , Sonal Chauhan වගේම Vedika kumar ද මේ චිත්‍රපටියට යොදාගෙන තියෙනවා..

කතාව මෙහෙමයි..

උත්තර ප්‍රදේශ් වල ජාන්සි දිස්ත්‍රික්කයේ සිදුවන මිනීමැරුම්,මංකොල්ලකෑම් ,සමූහ දූෂණ වගේ අපරාධ මැඩ පවත්තන්න ප්‍රාන්ත රජය ඇමති මන්ඩලය සහ පොලිස් නිළධාරින් එක්ක රැස්වීමක් කැදවනවා..ඉතින් එතනදි කෘෂිකාර්මික ඇමතිතුමා මේකට විසදුම විදියට මිනිස්සුන්ට ගොවිතැන උගන්නමු කියනව..ඉතින් උත්තර ප්‍රදේශ් අයට ගොවිතැන හොදට බැරි හින්දා ආන්ද්‍රා ප්‍රදේශ් තෙලෙංගනා වල තෙලුගු ගොවියන් මෙහෙට ගෙන්නල ඉඩම් බදු ක්‍රමයට දෙනව…

ඔහොම වසර කීපයකට පස්සෙ වෙන සිද්දියකට තමා ඊළගට යොමු වෙන්නේ.වර්තමාන ඉහල පෙලේ සොෆ්ට්වෙයා කම්පැනියක අයිතිකාරියක් මේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමන් කරමින් ඉන්නකොට කව්දෝ ලේ පෙරාගත්ත කෙනෙක් ඇවිත් එයගෙ වාහනේ උඩට වැටෙනවා…

ඉතින් කව්ද මේ කෙනා ? එයාට මොකද වෙලා තියෙන්නෙ ? ගොවිතැන මගින් ඇත්තටම උත්තර ප්‍රදේශ්වල අපරාධ මැඩපවත්වන්න පුළුවන් වුනාද ?

මේ හැමදේම දැනගන්න අනිවාරෙන්ම අරගෙන බලන්න එහෙනම්.මම කලිනුත් කිව්ව වගේ හොඳ කතාවක් මේ චිත්‍රපටිය තුල ගැබ් වෙලා තියෙන නිසා අරගෙනම බලන්න..ගිහින් එන්නම් එහෙනම් ආයෙ ඉක්මනට තවත් උපසිරැසියක් එක්ක එන්නම් හම්බවෙන්න..මේ දක්වා සිනෙරූ එක්ක රැදිල හිටිය ඔයාල දිගටම අපි එක්ක ඉන්න කියල ඉල්ලනව.

ඔබට ජය !

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login