The title of the page
mental madhilo sinhala sub
7.4
94

Mental Madhilo (2017) Sinhala Subtitles | තෝරාගැනිම | සිංහල උපසිරැසි සමග |

 තෙලිඟු ප්‍රජල්ලාරා..! ආයුබෝවන්, ඔන්න මන් කාලෙකින් තෙලිඟු ෆිල්ම් එහෙකට උපසිරැසි අරගෙන ආව. කාලෙකින් කීවට ඉතින් ලොකු කාලයක් නෙවෙ. කොහොමහරි මේකට මන් උපසිරැසි කරන්න පට්ටම ආසාවෙන් හිටියෙ. මේකට මුලින්ම හොඳ කොපියක් තිබුනෙ නෑ තිබුන කොපිය අවුල්. ඒත් මන් මේකට අසා ලිවීමක් කරන්න හිතාගෙන ඉන්නකොට දෙයියො දුන්න වගේ AHA වීඩියො ල හොඳ කොපි එකක් රිලීස් කරනව කියල කිව්ව. ඉතින් ඒකත් දවස් ගානක් පහු වෙලා ආවෙ. කොහොමහරි අන්තිමට ආසාව ඉෂ්ට කරගත්ත. වල් පල් ඕනි නෑ වැඩේට බහිමු…(mental madhilo sinhala sub)

චිත්‍රපටිය ගැන බලමු…

  Mental Madhilo (2017) චිත්‍රපටිය ඉතාමත් සාර්ථක චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්. මේකට IMDB දර්ශකයේ අගය 7.4/10 කුත් Google පරිශීලක මනාප 94% ක ඉඅහල ප්‍රමාණයකින් ලැබිල තියෙනව. රේටින් අතින් ගත්තත් ඉහළ බව ඔයාලට පේනවනෙ. මේකෙ අධ්‍යක්ෂක තුමා තමයි Vivek Athreya මෙතුමාගෙ පලවෙනි නිර්මාණය තමයි මේක. මේ අධ්‍යක්ෂක තුමා දැනට කරල තියෙන්නෙ චිත්‍රපටි දෙකක් පමණයි. ඔයාල බලල නැත්නම් බලන්න මෙතුමාගෙම Brochevarevarura (2019) චිත්‍රපටිය. ඒකටත් මමම උපසිරැසි කරල ඇති අරන් බලන්න සුපිරි ගණයේ චිත්‍රපටියක් ඒකත්.මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත වලින් එක්වෙන්නෙ Sree Vishnu සහ Nivetha Pethuraj. පෞද්ගලිකව මන් කැමතිම දෙන්නෙක්. මේ දෙන්නගෙ සං‍යෝගයත් මරු. ඒ වගේම අධ්‍යක්ෂකතුමාගෙ චිත්‍රපටි දෙකේම Sree Vishnu තමයි ප්‍රධාන රංගනයෙන් එකතු වෙන්නෙ. මේ කතාව Romance/Drama කියන ශානරයන්ට අයිති එකක්. පැය දෙකයි විනාඩි 15ක වගේ ධාවන කාලයකින් සමන්විතයි. එහෙනම් අපි බලමු මේ කතාව මොකක් ගැනද කියල…(mental madhilo sinhala sub)

කතාව ගැන බලමු…

අපි ගන්න තීරණය නිසා මොනවද ලැබෙන්නෙ කියල හිතනවට වඩා

මොනවද නැතිවෙන්නෙ කියල දැනගන්න ඕනි

එතකොටයි ඒකට වටිනාකමක් තියෙන්නෙ…

  අරවින්ද් ක්‍රිෂ්ණ (Sree Vishnu) කියන්නෙ පොඩි කාලෙ ඉඳලම විකල්ප කිහිපයක් තිබුනම තෝරගන්න වැරි විදිය Double-Minded කෙනෙක්. ඒ කියන්නෙ දෙපැත්තටම බරයි එක දෙයක් තෝරගන්න බැහැ. ඒ වගේම මෙයාගෙ තව දුර්වල කමක් තමයි කෙල්ලො එක්ක කතා කරන්නෙවත් කෙලින් බලන්නෙවත් නැති එක. ඒකට නම් පොඩි කාලෙ හේතුවක් තමා මූලික වෙන්නෙ.  ෂ්වේචා (Nivetha Pethuraj) තමයි අපි ප්‍රධාන නිලිය. ගෙදරින් අරවින්දට හොයල දෙන කසාදයකින් තමයි සවේචාව අරවින්ද්ට හම්බෙන්නෙ. සාමාන්‍යයෙන් කෙල්ලො එක්ක වැඩි කතා බහ නැති අරවින්ද්ට ස්වෙචා එක්ක කතා කරන්න ආස හිතෙනව. ස්වේචා මෙයාගෙව හොඳට තේරුම් අරගෙන අඩුපාඩු හදාගන්න උදව් කරනව. ඔය විදියට සාමාන්‍ය විදියට කතාව ගලාගෙන යද්දි හරියටම චිත්‍රපටයේ පළමු භාගය අවසානයෙ අරවින්ද් කියනව ගිවිස ගැනීම නවත්තමු කියල. මොන හේතුව නිසාද ගිවිස ගැනීම නවත්තමු කියන්නෙ?, අන්තිමට මේ දෙන්න එකතු වෙයිද? කියල ඔයාලම බලන්න…

  ඔන්න කතාවනම් අඩුවෙන් කිව්වෙ. මොකද කාගෙ හෝ රසවින්දනයට බාදාවක් උනොත් වැඩක් නැති නිසා. අනික මට කතාව කියන එක තමා අමාරුම වැඩේ පුලුවන් විදියට ඔන්න කතාව කීවා. වරදක් උනා නම් සමාවෙන්න, පල්ලෙහයින් ඒක දාගෙන යන්න. ඒ වගේම ඔයාලගෙ අදහස් හා යෝජනා තියෙනව නම් ඒව කියාගෙන යන්න. නැවතත් උපසිරැසියකින් හමුවෙනතෙක්..,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

7 comments

  1. Pasindu
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් මලයා 😍🤘✌️

  2. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    * Ragala 24 Gantallo (2019) Telugu
    * Main Zaroor Aaunga (2019) Hindi
    මේ දෙකටත් සබ් දෙන්න 😊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  5. මයිකි

    තැන්ක්ස් මචො

  6. Ko bn komada sub eka ganne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login