The title of the page
Rudra Thandavam Sinhala Subtitle
Rudra Thandavam Sinhala Subtitle
6.1
75

Rudra Thandavam (2021) Sinhala Subtitles | “රුද්‍රන්ගේ කෝපය” | සිංහල උපසිරැසි සමඟ

(Rudra Thandavam (2021) Sinhala Subtitles) (Rudra Thandavam (2021) Sinhala Sub)

රුද්‍ර තාන්ඩවම් නොහෝත් රුද්‍රන්ගේ නර්ථනය. නර්ථනය කිව්වම නටනවා නෙවෙයි ඕං… 🤣. රුද්‍ර තාන්ඩවම් ඒ කියන්නේ සිව දෙවියන් කෝපවී යමක් හෝ යම් කෙනෙක්ව විනාශ කිරීමට සැරසීම හා ඒ විනාශය සිදුකිරීම… මේ කෙටියෙන් කිව්වේ. පරන ශිව දෙවියන්ගේ ෆිල්ම්ස් බලපු අය දන්නවා ඔය නර්ථනය ගැන. දෙවියන් කියන්නේ බොහෝම නිවුන කෙනෙක් , දෙයියෝ කෝප වෙලා කියනවනේ . අන්න ඒ වගේ දෙවිවරු කෝපවෙලා විනාශයක් කරා යනකොට ඔයවගේ නැටුමක් නටනවාමයි. ඔය දමිළ ෆිල්ම්ස් බලන අය දන්නවා ඇති නේ… ඔන්න ෆිල්ම් එකේ තීම් එක.. 

ඔය උඩ දෙවියන්ගැන කියල තිබ්බට මේක දේව ෆිල්ම් එකක් නෙවෙයි. ඒ ටයිටල් එකේ තේමාව. ටයිටල් එකට ගැලපෙන කතාවක්. කාලෙකින් බලන්න ලැබුන හොද කතාවක් කියන්න පුලුවන්. රේටිං 6.2/10 IMDb, 2.5/5 Times of India, 75% liked this film Google users  හොද තත්වයෙන්. පොඩ්ඩක් පරන ගතියක් තිබ්බත් ෆිල්ම් එක ගලාගෙන යන විදිය හරිම රසවත් ඒ වගේම පැය 2ක් හා විනාඩි 48ක්  ගලාගෙන යන ෆිල්ම් එකක් වුනත් කම්මැලිකමක් නැතිව බලන් ඉන්න පුලුවන් තත්වයකින් අරන් තියෙනවා. කාලය වැඩිවෙන කොට ඇතිවන බෝරිං ගතිය මේ ෆිල්ම් එකේ කිසිම තැනක ඇති වෙන්නේ නෑ. ඒ තරමට සීන් එකෙන් සීන් එකට වෙනස්කරන රිදම් එක කතාව හැරවීම වැනි දේවල් ෆිල්ම් එකෙ අපිව රදවල තියෙනවා. 

ශාලිනි හා ශාමිලි

හරි දැන් ආටිස්ල ගැන බලමු. මේකේ ප්‍රධාන චරිතය Richard Rishi. හොද අනාගතයක් පේන්න තියෙනවා. මෙයා ගැන පොඩ්ඩක් කියන්න වෙනවා. ඒ මෙයාගේ හා සිනමාව එක්ක තියෙන බැඳීම.. 1990 දී වයස අවුරුදු 13 දී සිනමාවට ලමා නලුවෙක් විදියට හදුන්වල දෙනවා. ඉට පස්සේ 1999 ඉදල මලයාලම් , තෙලිඟු හා දමිළ සිනමාවට නැවත් පැමිණෙනවා. ඉතින් මෙයාගේ අක්ක තමයි ශාලිනි හා ශාමිලි. ඒ කියන්නේ මෙයා අපේ AK නොහොත් අජිත් කුමාර්ගේ මස්සිනා. අක්කල දෙන්නම හොද ටැලන්ටට්, ශාලිනිව දන්නව නේ. ශාමිලි කියන්නෙත් අන්ජලි ෆිල්ම් එකේ අබාධිත දරුවට රගපාල නැෂන්ල් එවෝර්ඩ් එකක් ගත්තු කෙනා. හපොයි මම ෆිල්ම් එකෙන් පිට පැන්නනේ. මෑනුත් ඉතින් නරකක් වෙන්න බැහැ නේ ? ඒක මේ ෆිල්ම් එක බලල ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්. 

කතාව පැත්තට යමු…

තේමාව පොලිස්කාරයෙක් සාධාරණ වුනොත් එයාට සමාජයේ ලැබෙන තැන මොකක්ද ? එයාට ඒ සාසාධාරණත්වයත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ද ? ඒකට මේ සමාජය කොහෝමද සහයෝගය දෙයිද ? ඔන්න ඔයවගේ දේවල් තමයි.. අපි පොලිස්කාරයන්ට පට්ට පලු යන්න බනිනවා. උන් නීතිගරුක නෑ කියල. නීතිගරුක පොලිස්කාරයෙක් නීතිගරුකනම් එයාට එයාගේ රාජකාරිය හරියට කරන්න පුලුවන් ද ? 

රුද්‍රන් අවංක පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. අවංකකම නිසාම විශාල කරදරවලට මුහුණ පාන්න වෙනවා. ” ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලබයි” මේ කියමන ඇත්තද ?  ෆිල්ම් එක බලන්නම වෙනවා. 

හැම දෙයක්ම හොද බැලන්ස් එකට තියෙන ෆිල්ම් එකක් කියන්න පුලුවන් . අධ්‍යක්ෂණය  Mohan G , සංගීතය Jubin , කැමරාකරනය Farook J Basha හැම දෙයක්ම හොද තත්වයෙන්.. බය වෙන්න එපා. අර මාස් හීරෝලගේ මාස් ඇක්සන් නැ. අනවශ්‍ය ඉලිප්පිම් නෑ.. ලස්ස්නට ගලාගෙන යන පොලිස් කතාවක්. කට්ටියම බලල කියන්න කොහෝමද කියල.  

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login