The title of the page
Back to the Outback (2021) Sinhala Subtitles
Back to the Outback (2021) Sinhala Subtitles
6.7
87
76

Back to the Outback (2021) Sinhala Subtitles | ගෙදර හොයාගෙන යන ගමන | සිංහල උපසිරැසි සමඟ

(Back to the Outback (2021) Sinhala Subtitles) (Back to the Outback (2021) Sinhala Sub)

එහෙනම් හැමෝටම සුභ නත්තලක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයගොල්ලො දන්නවා වගේ අද නත්තල් දවසේ අපි එක දිගට එක පෙළට උපැසිරැසි මාලාවක් දෙන්න සූදානමින් ඉන්නේ.

අද මම අරගෙන ආවේ මේ මාසේ 10වෙනිදා නිකුත් වුණ Back to The Outback කියන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටිය.මේ වෙනකොට 6.6 IMDb අගයකුත්,කුණු තක්කාලි දර්ශකයේ 88%ක අගයකුත්, 77%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

කතාවත් කෙටියෙන් කියන්නම්.චෑස් හන්ට් තමයි ඔස්ට්‍රේලියාවේ සත්තු උද්‍යානයක භාරකාරයා, එයාගේ පුතා තමයි චෑසී.මෙයාලා ගාව ඉන්නවා සත්තු ගොඩක්.ඒ අතරේ ලෝකේ ලස්සනම සතා ප්‍රිටී බෝයි කියන කෝලා වළහාත් ඉන්නවා.ඒ වගේම එයාලගේ විශේෂ සංදර්ශනයට යොදාගන්න මාරාන්තික සත්තු කීපදෙනෙකුත් ඉන්නවා.ඒ තමයි මැඩී කියන ගැහැණු සර්පයා,නයිජල් කියන ගෝනුස්සෙකුයි,සෝයි කියන කටුස්සෙකුයි,ඩේව් කියන මකුළුවායි එක්ක ජැකී කියන යෝධ කිඹුලියයි.ජැකී තමයි මේ කියපු අනික් හතර දෙනාව බලාගන්නේ.එයා හැමදාම රෑට ඒ හැමකෙනාම ඉපදුන කඳුකරය ගැන කතාන්දර කියනවා.

ඒත් දවසක් චෑසීව වුණ සිදුවීමක් නිසා චෑස් හන්ට් ජැකීව පාක් එකෙන් අයින් කරනවා.ඊට පස්සේ මැඩීයි අනික් තුන්දෙනායි ජැකී කියපු එයාලගේ උපන් බිම හොයාගෙන යන්න තීරණය කරනවා.මේ සිද්ධියට ප්‍රිටී බෝයිවත් එකතු වෙන්නෙ කොහොමද කියලා ඔයාලා බලලම ඉන්න.මේ අතරේදී චෑස් හන්ට් නිකං ඉන්නෙත් නෑ,තමන්ගේ පුතා එක්ක සත්තු උද්‍යානයෙන් පැනගත්තු සත්තු ටික හොයාගෙන එයාලා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා.එහෙනම් මැඩීයි එයාගේ යාළුවොයි තමන්ගේ ගෙදර හොයාගෙන යන ගමන මොනවගේද කියලා බලන්න මම ඔයාලට ආරාධන කරනවා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

4 comments

  1. Thanks sub ekata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. උපසිරැසියට ස්තූතියි.. නියම වැඩක්..
    ඉක්මන්ට Arround the world in 80 days 2021 animation movie එකේ උපසිරැසිය දෙන්න… 💛💛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login