The title of the page
Rosemary's Baby 1968 Sinhala Sub
Rosemary's Baby 1968 Sinhala Sub
8
96
86

Rosemary’s Baby (1968) Sinhala Subtitles |අසල්වැසියන් විශ්වාසද ?| සිංහල උපසිරැසි සමග

Rosemary’s Baby ,පැය දෙකකට අදික කාලයක් ඔබව කුතුහලයෙන් පිනවන්න පුලුවන්.Imdb රේටින් 8 ක් ගත්ත මේ සුපිරිම සයිකොලොජි/හොරර් ෆිල්ම් එක නිකුත් වුනේ 1968දි… Roman Polanski කියන The pianist,Carnage වගේ සුපිරිම ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයම තමා මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ….

රගපෑමෙන් දායක වෙන්නෙ නම් Mia Farrow කියන ඒ කාලෙ ජනප්‍රියම නිළියක්.. කතාව පැත්තට හැරුණොත් , ගයි වුඩ්හවුස් කියන පුද්ගලයගෙ ලස්සන බිරිද රෝස්මරී වුඩ්හවුස් තමා අපේ කතා නායිකාව. ලගදි ගත්ත අලුත් නිවාස සංකීර්ණයේ කොටසකට මොවුන් පදිංචියට එනවා…ඒ නිවසෙම මීට පෙර ඒඩ්‍රියන් මකාටො නම් මායාකාරයෙක් සහ ට්‍රෙන්ච් නම් සහෝදරියො දෙදෙනෙක් ඉදල තියෙනව ලමයින්ව කාපු…ඉතින් කොහොම හරි හිතුවෙවත් නැති විදියට එහා කොටසෙ අසල්වැසියන් මිත්‍ර වෙනවා වුඩ්හවුස් පවුල එක්ක.. .

කලක් යද්දි රෝස්ට මේ තරම් මිත්‍රශීලී විම වෙලාවකට හිසරදයක් වගේත් වෙනව..නමුත් ඉතාම අහිංසක,රෝස් ඒ බවක් පෙන්වන්නෙ නෑ.කොහොම නමුත් ඒ අසල් වැසියන් වෙන මිනී හා රෝමන් යුවළ තදින්ම මේ වුඩ්හවුස් පවුල සමග බැදී ඔවුන් ගැන හොයා බලනවා.මේ අතරදි රෝස් ගැබ් ගන්නවා..එතනින් පස්සෙ රෝස්ට වෙන දේ , අසල්වැසි පවුල ගැන තිබෙන සැක, ඔවුන් කවුද ? අරමුණ කුමක්ද ? රෝස්ට කරදරයක්ද ?රෝස් බේරෙයිද? ඇය තනිවෙලාද ? යන්න වග ඔයාටම හොයා ගන්න වෙනව.

ඉතින් කියන්න ඕන හොරර් ටයිප් එකේ ෆිල්ම් එහෙකට Imdb රේටින් එකක් දාන්න තියෙන අමාරුව දන්නව නේ ? හයක් පන්නනව කියන්නෙත් ලෝක අමාරුවක්.එහෙම එකේ අටක් මීටරේ කරකවපු මේක ගැන හිතන්න.. අනිවාර්යයෙන් බලන්න…මාව කතාවට අමතරව මේකෙ ආකර්ශණය කරපු අනිත් දේ තමා පරණ ඉන්ග්‍රීසි උච්චාරණය….ඒක විදින්න නම් බලන්නම ඕන.රෝස්ගෙ වචන උච්චාරණය මාර විදියට ප්‍රේක්ෂකයව ඇදල ගන්නව කියල මම නම් හිතන්නෙ…. මේ ෆිල්ම් එක කරපු වෙලාවෙ ඔයාල වෙනුවෙන් සබ් දෙකක් කරන්න තිබ්බා..ලයින් එක්දාස් හත්සීයක් නිසා.. ඒ නිසා ඉල්ලන්නෙ අඩුපාඩු දේවල් ගැන ඔයාලගෙන් කමෙන්ට් එකක්. බුදු සරණයි.

#Stay Safe
#Stay with Cineru.lk

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ පරණ filmවලට සබ් දෙන එක ගොඩක් වටිනවා 😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Trouble (2019)
      Little Joe (2019)
      The King of Staten Island (2020)
      The Lovebirds (2020)

  3. S.H. Tharaka prabhath

    Thanks for the sinhala sub bro.. ftta pathuru baiscope 1k …

  4. sasanka sathyajith

    Thanks for the sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login