The title of the page
Record of Ragnarok (2023) Complete S02 Part 2 Sinhala Subtitles
Record of Ragnarok (2023) Complete S02 Part 2 Sinhala Subtitles
5.3
76

Record of Ragnarok (2023) Complete S02 Part 2 Sinhala Subtitles | “”ද්වේෂය පැරද වූ බුද්ධත්වය”” | සිංහල උපසිරැසි සමඟ

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ anime community එකේ විශාල hype එකක් නිර්මාණය වුනු අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක මීළඟ කොටසයි මේ අරන් එන්නෙ. මේ වෙනකොට මේ hype එක තියෙන්නෙ මොකක් නිසාද කියන දේ ඇනිමෙ ෆෑන්ස්ලා හැමෝම දන්න දෙයක්. ඔව්… ඒ තමයි මේ කතාවේ බුදුන් නියෝජනය කරන ද්වන්ධ සටනක් දකින්න ලැබෙන එක. ඉතින් ඒ ගැන තව ටිකකින් අපි කතා කරමු.

Record of Ragnarok Season 2: Part 2 Key Visual

𝖭𝖾𝗍𝖿𝗅𝗂𝗑 ඔස්සේ නිකුත් කෙරුනු 𝗦𝗵𝘂𝘂𝗺𝗮𝘁𝘀𝘂 𝗻𝗼 𝗩𝗮𝗹𝗸𝘆𝗿𝗶𝗲 AKA 𝗥𝗲𝗰𝗼𝗿𝗱 𝗼𝗳 𝗥𝗮𝗴𝗻𝗮𝗿𝗼𝗸 ඇනිමෙ කතා මාලාවේ Season 1, 2021 වසරෙදි නිකුත් වුනායින් පසුව 2023 වසරේදී Season 2 එක මුළු කොටස් 15 කින් යුතුව Parts 2 කින් නිකුත් වෙන බවට දැනුම් දෙනවා. ඒ අනුව Part 1 එක කොටස් 10 කින් යුතුව 2023 වසරේ winter season එකේදි නිකුත් වෙනවා. ඉතිරි Part 2 එක මේ වසර අවසානයේදී නිකුත් කරන බවට දැනුම් දී තිබුනත්, එක්වරම මේ summer season එකේ ජුලි 12 වනදා නිකුත් කරන බවට දැනුම් දෙනවා. අන්න ඒ විදිහට නිකුත් වුනු Season 2 Part 2 ට අදාළ 11-15 තෙක් කොටස්වලට අදාළ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ.

මේ කතාව 𝘼𝙘𝙩𝙞𝙤𝙣, 𝘿𝙧𝙖𝙢𝙖, 𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮, 𝙈𝙮𝙩𝙝𝙤𝙡𝙤𝙜𝙮, 𝙎𝙚𝙞𝙣𝙚𝙣 කියන Genre වලට අයත් වෙන අතරෙ 𝘙-17+(𝘝𝘪𝘰𝘭𝘦𝘯𝘤𝘦 & 𝘗𝘳𝘰𝘧𝘢𝘯𝘪𝘵𝘺) යටතේ Rate වුනු මේ Season 2:Part 2 එක 𝗜𝗠𝗗𝗕 දර්ශකයේ 6.4 ක අගයක් වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 දර්ශකයේ 7.58 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා. ඒ වගේම Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් Graphinica studio එක හා Yumeta Company studio එක එකතු වෙලා නිර්මාණය කරනවා.

මේ කතාවෙ Music ගැන කියනවනම් ඒක Season 1 එකේ music වලට වඩා ඉහළ තැනක තියෙනවා කියන එක Season 2 Part 1 බලපු හැමෝම දන්න දෙයක්. Opening, Ending theme දෙක වගේම කතාව අතරතුරේදි අහන්න ලැබෙන soundtracks වලත් කතාවට ගැළපෙන හොඳ vibe එකක් තියෙනවා. ඉතින් මේ Season 2:Part 2 හිත් Opening Theme එක වෙන “Rude Lose Dance” ගීතය Minami විසින් ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “Inori” ගීතය Masatoshi Ono විසින් පෙර පරිදිම ගායනා කරනවා.

Season 1 එකේ වගේම මේ Season 2 එකෙත් Voice Acting Staff එකේ Angle Beats!, Berserk, Akame ga Kill, Black Clover ,Assassination Classroom, Bleach, My Hero Academia, Blue Lock කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු කතාවලට දායක වුනු හඬ කැවීම් ශිල්පීන් දායක වෙනවා.

දැන් මම Season 1 ඉඳන් කතාව ගැන පොඩි සාරාංශයක් අරන් එන්නම්… සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න. ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක. වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා. ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා. අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණ නිසා, බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක්‍ යෝජනාවක් ගේනවා. ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක. මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ. මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා. තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා. ඒ විනාශය හෝ පැවැත්ම.

ඉතින් ඒ විදිහට සම්මත වුනු රැග්නරොක් සටනේ පළමු ද්වන්ධය නෝර්ස් දෙවියෙක් වෙන තෝර් හා මනුෂ්‍යත්වයේ ශක්තිමත්ම රණශූරයෙක් වෙන ලූ බූ අතර පැවැත්වෙනවා. ඒ වගේ ම මේ හැම සටනකටම, තම බලයෙන් මිනිස් රණශූරයන්ගේ ආයුධ බවට පරිවර්තනය වෙන්න ඒ ඒ වැල්ක්‍රීලා එකඟ වෙනවා. පළමු සටනින් ලූ බූ පරාජයට පත් වී තෝර් ජය ලබනවා. ඉන් පසුව දෙවෙනි සටන දෙවියන්ගේ රජු වෙන සියුස් හා මනුෂ්‍යත්වයේ පියා වෙන ආදම් අතර පැවැත්වෙනවා. ඒ සටනින් සියුස් අසීරු ජයක් ලබාගෙන ආදම් පරාජයට පත් වෙනවා. ඉන් පසුව තුන් වෙනි සටන විදිහට සාගරයට අධිපතියා වෙන පොසයිඩන් හා ජපන් ඉතිහාසයේ දක්ෂතම කඩු ශිල්පියා වෙන සසාකි කොජිරෝ අතර පැවැත්වෙනවා. ඒ සටනින් කවුරුවත් හිතුවෙ නැති විදිහට සසාකි කොජිරෝ ජය ලබනවා. 2-1 විදිහට මනුෂ්‍යත්වය එක් ජයක් ලබාගෙන හතරවෙනි තරඟයට අවතීර්ණ වෙනවා. ඒ සටන තියෙන්නෙ මනුෂ්‍යයෙක් විදිහට ඉඳල දෙවියෙක් වුනු හර්කියුලිස් හා මිනිස් ඉතිහාසයේ අඳුරුම දාම ඝාතකයා වෙන ජැක් ද රිපර් අතරයි. මේ සටනින් ජැක් ද රිපර් ජය ලබනවා. ඉන් පසුව එළඹෙන පස්වෙනි සටන පැවැත්වෙන්නේ මිනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ සූමෝ මල්ලවපොර ක්‍රීඩකයෙක් වෙන, අසමසම රිකිෂි ලෙසින් හඳුන්වන රයිඩන් තමීමොන් සහ ඉන්දියානු දේව මණ්ඩලයේ විනාශයට අධිපති දෙවියන් වෙන ශිව දෙවියන් අතරයි. දරුණු ආකාරයෙන් ගලා යන ඒ සටනින් දරුණු තුවාල සමඟින් ශිව දෙවියන් ජය ලබනවා.

ඉන් පසුව තමයි අපි හැමෝම වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න සටන ඇරඹෙන්නේ. ඒ වගේම මේ සටන මේ මුළු සීරීස් එකේම most hype ම සටන. ඒ තමයි බුදුන් සහභාගී වෙන සටන. ඒ වගේම මේ සටන ආරම්භ වෙද්දිම සිද්ධ වුනු නොසිතූ සිදුවීම තමයි බුදුන් දෙවියන්ගේ පැත්ත අත් හැරල මනුෂ්‍යයින්ගේ පැත්ත අරගත්තු එක. ඉතින් දැන් බුදුන් සටන් වදින්නේ දෙවිවරු වෙනුවෙන් නොව මනුෂ්‍යයින් වෙනුවෙනුයි. බුදුන්ගේ ප්‍රතිවාදියා කවුරු වේවිද? මේ සටනේ ප්‍රතිඵලය මොකක් වේවිද? රැග්නරොක්හි මීළඟ ජය කාටද? මනුෂ්‍යත්වය රැකේවිද? රැග්නරොක් මෙතැන් පටන් ඉදිරියට යනවා.

Season 2 Part 2 හි මේ කොටස් 5 සමඟින් Record of Ragnarok Season 2 අවසාන වෙනවා. Season 3 නිකුත් වන දින කාල වකවානුවක් තවම දැනුම් දීලා නම් නෑ. උපසිරැසිය ගැන අදහස් අනිවාර්යයෙන්ම කියාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ඇනිමෙ උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම ජය වේවා!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

12 comments

  1. ammo ithin supiriyak….. sub 1 thankss enakan balan hitiye

  2. සුපිරි 👍❤

  3. දෙනකන් හිටියෙ හස්සා…..අදම බලන්න ඕනී…සුපිරි ඉතින් මේක.. ආසාවෙන් හිටියේ මේක දෙනකන්ම..

  4. Thanks jayawewa….!

  5. episode 11 idasn witarane sub tiyenne

    • මේ පාර්ට් 2 කියලා තියනවා පේනනැද්ද මචං..පාර්ට් 1 මීට කලින් දුන්නේ..🙉🤷

  6. meke part 2 eka kohomada ganne

  7. sry part 1 eka??

  8. Sub hsanna Amarukma danna kenek hetiyata .ikmanata sub tika dunna ekata Well done. Superb.

  9. ආදරෙයි කියල තමයි කියන්න තියෙන්නෙ ❤️🔥

  10. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login