The title of the page

Rangula Ratnam (2018) Sinhala Subtitles | දිවි ගමන පිය නගන්නම්..නුඹේ අත අල්ලන් | සිංහල උපසිරැසි සමග |

“..මට..මේ ආදරය , විවාහය , සම්බන්ධතා
වගේ දේවල් මොකුත්ම එපා..
මරණයට වඩා මම බය වෙන්නේ
මොකකටද කියල දන්නවද ?..
අපි ආදරය කරන අය
අපිට අහිමිවෙයි කියන එකටයි..”

මෙච්චර ලොකු ලෝකයක අපේ ජීවිතේ කියන්නෙ පුංචිම පුංචි දෙයක් විතරයි.ඒක කොයිවෙලේ නැතිවෙයිද ? කොහොම නැතිවෙයිද ? මේ මොකුත් අපි දන්නෑ..ඒත් ජීවත් වෙලා ඉන්න ටික කාලෙට අපි ඇති කරගන්න සම්බන්ධතා අපි මැරුනත් ජීවත් වෙන තරම් ප්‍රබලයි..
ඉතින් සමහරෙක් සම්බන්ධතා ඇති කරගන්න අකමැති වෙන්න පුලුවන් මොකද  ඒව අපෙන් ගිලිහුනාම ඒක දරාගන්න අමාරු නිසා……

තෙලිඟු සිනමාවට කවදත් ආදරය කරන රසිකයින් හැමෝම සාදරයෙන් පිලිගන්නවා..ඔන්න තවත් ඔබෙන් ගිලිහෙන්න ඉඩ තිබුනු සලරුවකට උපසිරැසියක් අරගෙන තමයි මං ආවේ.අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් නෙත ගැටුනු මේ සලරුව ගැන හොයල බලද්දි උපසිරැසියක් නිර්මාණය වෙලා තිබුනෙ නෑ..ඉතින් මං මේක  අරන් බැලුවම හිතට වැදුනු හින්ද ලොකු මහන්සියක් වෙලා තමයි උපසිරස කලේ මොකද කිසිම භාෂාවක උපසිරසක් නොතිබුනු නිසා අසාලිවීමක් තමා කරන්න වුනේ…
Rangula Ratnam  තෙලිඟු සිනමාවට ආදරණීය මතක රැසක් එක්කල 2018 වර්ශයේම ජනවාරි 12 තමා සිනමාවට එක් වෙලා තියෙන්නේ..imdb දර්ශකය තුල 6.1 එකක් අගයකුත්, google පරිශීලකයන්ගේ 85% ක මනාපයකුත් මේ වනවිට මෙයට හිමි වී තිබෙනවා.ඒ වගේම නවක අධ්‍යක්ෂවරියක් වන sreeRanjani ගේ අධ්‍යක්ෂණයෙන් හා Nagarjun Akkineni ගේ නිශ්පාදනයෙන් හැඩ වී තිබෙනවා..

නලු නිලියන් ගැන කතා කරනකොට මං මීට පෙර උපසිරැසි ගැන්වූ Andhhagadu (2017) චිත්‍රපටයෙත්,Lover (2018) වගේ බොහෝ සිනමාපටවල රංගනයෙන් දායක වුනු Raj Tharun තමා ප්‍රධාන නලුවා ලෙස එක්වන්නේ.ඒ වගේම තෙලිඟු සිනමාවෙ දැන් ඉන්න නියම සහය නලුවෙක් වෙන Priyadarshi තමා මේකෙත් ඒ කාර්යය ඉටු කරන්නේ..
ප්‍රධාන නිලියනම් අපිට හුරුපුරුදු කෙනෙක් නෙමෙයි.2017 වර්ශයේ තෙලිඟු සිනමාවට පිවිසිලා සීමිත නිර්මාණය කිහිපයකට පමණක් දායක වී සිටින හැඩකාර පෙනුමකට හිමිකම් කියන Chitra Shukla තමයි මේකේ ප්‍රධාන නිලිය වෙන්නේ..

හරි කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි..විශ්නු කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්..එයා අම්මා එක්ක ගොඩක් ආදරයෙන් සමීපව ඉන්න කෙනෙක්..අම්මගෙ වැඩේ මෙයාට ගෑනු ලමයි හොයන එක ඒත් මෙයා ගානට පැන ගන්නව ඒවයෙන්..කොහොමහරි මෙයාට විවාහ උත්සවේකදි කීර්ති කියල ගෑනු ලමෙක් දැකල එයාට හිත යනවා..
ඉතින් මෙයා එයාව කලින් නොදැක්කට හම්බෙලා තියෙනවා.කොහොමෙන්හරි කීර්ති ගැන කියනවනම් එයා ලොකු නීති කාරියක්..පොඩිවත් අනතුරක් නොවෙන්න වගබලා ගන්න කෙනෙක්..

ඉතින් මේ කතාවෙ තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.ඒ ඔක්කොම දැන ගන්නනම් අරගෙන බලන්නම වෙනවා.

▪️ සමීපතමයන් අහිමි වී තනි වී සිටින ආදරය , සෙනෙහස අවැසි කොල්ලෙක්…
▪️ ආදර සම්බන්ධතා මේ දේවල් ඇති කරගන්න බයවුනු කෙල්ලෙක්….

කොහොමනම් වෙයිද මේ කතාව..තෙලිඟු සිනමාවට ආදරේ කරන හැමෝටම ආරාධනා කරනවා එහෙනම් අනිවා අරන් බලන්න කියල..ඒ වගේම අසාලිවීමක් මගින් නිර්මාණය කරපු උපසිරැසියක් නිසා පුංචි හෝ අඩු පාඩුවක් තියේනම් සොරි වෙන්න..

තව තවත් උපසිරැසි කරන්න ශක්තියක් වෙන්න ඔයාලගෙ අදහසකුත් පහලින් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා..
ගිහින් එන්නම් එහෙනම් නැවත උපසිරැසියකින් හමුවනතුරු
                  ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. thanks for sub bro (abbayitho ammayi 2016) movie ekata sub damu bro please…………

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Mcn sita kiyana teligu film akata sub deyanko english sub avith tiuenne

  4. thankx bro well done

  5. Thanks macho subata

  6. මයිකි

    නියමයි බං තැන්ක්ස්

  7. Ela b!

  8. tvseriesandmovie eke downlod karanna nethe aidooo me move eka

  9. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login