The title of the page
7
92=

Kayamkulam Kochunni (2018) Sinhala Subtitles | කුස ගින්නට කුළ බේද නැත ! | සිංහල උපසිරැසි සමග |

යාළුවනේ ඔන්න අද මම මගේ හත් වෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ ජීවත් වෙච්ච තවත් ශ්‍රේෂ්ඨ චරිතයක් වුණු කොච්චුන්නි කියන වීරයගේ ජීවිත කතාව අනුසාරයෙන් නිපදවුනු අපූරු මලයාලම් සලරුවක් අරගෙන….
මේ සිද්ධිය වෙලා තියෙන්නේ 19 වන සියවසේ…ඒ කියන්නේ එක්දාස් අටසිය ගනන් වල…ඉන්දියාව පෘතුගීසි යටත් විජිතයක් වෙලා තිබුණ කාලේ.ඇති හැකි අයගෙන් වටිනා කියන දේවල් මංකොල්ල කාලා නැති බැරි අයට දෙන එක තමයි මෙයාගේ රස්සාව…මේ කාලේ ඉන්දියාවේ කුල භේදයත් සැරටම තිබුනු කාලයක්.ඒ කියන්නේ මිනිස්සුන්ව භ්‍රාහ්මණ , ක්ශුද්‍ර වගේ කුල වලට බෙදලා එකිනෙකාට වෙනස් විදියටයි සලකන්නේ….කොච්චුන්නි කියන්නේ එහෙම අඩු කුලයක ඉපදිච්ච කෙනෙක්.කොට්ටිකුලංගරා කියන ක්ශුද්‍ර කුලේ අය ජීවත් වෙන ගමක තමයි මෙයා ඉපදිලා තියෙන්නේ…දිලිඳුකමයි කුසගින්නයි නිසා තමන්ගේ අම්මා තාත්තව පවා අත හැරලා කොච්චුන්නි පොඩිකාලේ කායම්කුලම් කියන ගමට යනවා…මේ ගමේ ගොඩක්ම ජීවත් වෙලා තියෙන්නේ ඉහල කුල වල අය..එතන ඉඳන් ජීවිතයේ විවිධ හැලහැප්පීම් හමුවේ නොසැලී සිටිමින් දිලිඳු ,සාගින්නෙන් පෙලෙන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විදියට කායම්කුලමේ කොච්චුන්නි ඉතිහාසගත වෙලා තියෙනවා…

ෆිලුම ගැන විස්තර ටිකක් කියනවා නම්,

මේ අපූරු සලරුව තිරගත වෙලා තියෙන්නේ 2018 ඔක්තෝබර් 11 වෙනිදා. IMDb මීටරේ 7.1 කට කරකවන්න වගේම 92% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඒවගේම බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් මිලියන දහසක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rosshan Andrrews, නිශ්පාදනය කරලා තියෙන්නේ Gokulam Gopalan විසින්.
⭐ Navin Pauly, ⭐ Mohanlal, ⭐ Priya Anand වගේ සුපිරි නළු නිලියෝ රැසකුත් රංගනයෙන් දායක වෙලා තියෙනවා…කොහොමවුනත් නවීන්ගේ වෙනස්ම පැත්තක් ඔයාලට බලාගන්න පුළුවන් වේවි….

මම කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්…

මේ කතාවේ වීරයා…ඒ කියන්නේ කොච්චුන්නි මුලින් ජීවත් වෙන්නේ කොට්ටිකුලංගරා කියන ගමේ, බොහොම දිලිඳු පවුලක…කොච්චුන්නිගේ අම්මා මෙයා බඩගින්නේ මැරෙනවා බලන් ඉන්න බැරුව තමන්ගේ දරුවගේ ජීවිතේ බේරගැනීමේ පරමාර්ථයෙන් ගෙදරින් පිටත් කරනවා. ඉතින් කොච්චුන්නි ඊට පස්සේ කායම්කුලම් කියන ගමට ගිහිල්ලා මුසෙල්මානුවෙක් විදියට ජීවත්වෙන්න පටන්ගන්නවා…ටිකෙන් ටික උස් මහත් වෙලා තරුණ වයසට ආවහම ජානකී කියලා ක්ශුද්‍ර කුලයේ කෙල්ලෙක් එක්ක ආදරයෙන් බැඳෙනවා.මේ අතරේ භ්‍රාහ්මණ කුලයේ කිහිප දෙනෙක් වස්තු තන්හාව නිසා කොච්චුන්නි එක්ක එකතුවෙලා රාජද්‍රෝහී වැඩක් කරනවා..කොච්චුන්නි ඒ වැඩේ කරලා දුන්නම බොරු හේතුවක් හදලා එයාට දඬුවම් දීලා මරන්න හදනවා…කොහොමවුනත් කොච්චුන්නිව කෙනෙක් ඇවිල්ලා බේරගන්නවා…ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම කතාව කණපිට පෙරලෙන්නේ…ඉතින් කොච්චුන්නිට ජානකීව විවාහ කරගන්න පුළුවන් වෙයිද?..කොච්චුන්නිගෙන් වැඩ අරන් එයාට දඬුවම් කරන්නේ මොකටද?…ඒ අතරේ කොච්චුන්නිව බේරගන්න එන්නේ කවුද?…
ඔයාලම බලන්නකෝ….

ඉතින් යාලුවනේ වැරදි අඩුපාඩු නම් තියෙන්න පුළුවන්…චිත්‍රපටය රසවිඳින ගමන් වැරැද්දක්, අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දෙන්නත් අමතක කරන්න එපා…

තවත් උපසිරැසියකින් හමුවෙමු!….

උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

6 comments

  1. Simba Tamil film ekata sub dennko

  2. Thank you,,,godaak pin oyata,,,,thawath malayalam movies denna,,devi pihitai

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Godak sthuthi sahoooo..

  5. Godak sthuthi sahoooo.
    digatama malayalam movies denna

  6. මයිකි

    තැන්ක්ස් වෙවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login