The title of the page
Rang De Sinhala Sub
Rang De (2021) Sinhala Sub
7.3
94

Rang De (2021) Sinhala Subtitles | ” මටත් ටිකක් ආදරය කරන්න ” | සිංහල උපසිරැසි සමඟ

(Rang De (2021) Sinhala Subtitles)

” අපිට ආදරය කරන අයගෙ වටිනාකම..
අපි එයාලව එපා කියනකොට නෙමේ..
එයාලට අපිව ඕන නෑ කියනකොටයි දැනෙන්නේ….”

ආයුබෝවන් ආදරණීය සිනමාලෝලි රසික හැමෝටම.කාලෙකට පස්සෙ මම අලුත් තෙලිඟු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන තමයි වෙබ් අඩවියට ගොඩ වුනේ.
ඉතින් මේ අරගෙන එන්නේ මගේ 200 වෙනි උපසිරැසි ගැන්වීම.පටන් ගන්නකොට කීයටවත් හිතුවෙ නෑ මෙච්චර සබ් ගානක් කරන්න.නමුත් හැමෝටම ස්තූති වෙන්න ඒ සීමාවට එන්න පුළුවන් වුනා.සුපුරුදු පරිදි සමිත් රමේශ් අයිය ඇතුලු ඇඩ්මින් මඩුල්ලටයි.,අපේ ටීම් එකේ අනිත් සහෝදර සහෝදරියටත් , අපෙන් උපසිරැසි අරගන්න ඔයාලටත් විශේෂ ස්තූතිය පුද කරන්න ඕන.
ඉතින් මං ගොඩක් සබ් කරන්නෙ තෙලිඟු ෆිල්ම් වලට කියල ඔයාල දන්නවෙ.පලවෙනි එක Aaha Kalyanam (2014) , පනස්වෙනි එක Sarileru Nekevvaru (2020) , සිය වෙනි එක V (2020) , එකසිය පනහ Krack (2021) සහ දෙසීය විදියට Rang De (2021).මේ ඔක්කොම තෙලිඟු චිත්‍රපටම තමා.

Rang De ( පාට දෙන්න )

හරි අපි හැරෙමු චිත්‍රපටය පැත්තට.තෙලිඟු සිනමාවේ මං ආසම කරන තරු දෙකක් රංගනයෙන් දායක වන Romance | Comedy කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි Rang De කියන්නෙ.ගිය අවුරුද්දේ ආව Bheeshma , එතකොට මෑතකදී ආව Check ෆිල්ම් එකේ රගපාපු තෙලිඟු සිනමාවේ Youth Star ලෙස හඳුන්වන ” නිතින් රෙඩ්ඩි “ සමඟින් සම්මානලාභී හැඩකාර නිලි “කීර්ති සුරේෂ්” තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාන නලු නිලි යුවල විදියට එක් වෙන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නෙ Mr.Majnu , Tholi Prema වැනි සිනමාපට අධ්‍යක්ශණය කල Venky Atluri විසින්.නිෂ්පාදනය සිදු කරන්නෙ Sithara Entertainment බැනරය යටතේ Suryadevara Naga Vamsi විසින්.ඒ වගේම සංගීතය සපයන්නෙ Devi Sri Prasad විසින්.

චිත්‍රපටියේ මේ දක්වා ගමන ගැන කතා කලොත් චිත්‍රපටය ගැන මුල්වරට නිවේදනය කලේ 2019 අවුරුද්දේ.2019 ජුනි 24 Sithara Entertainment නිෂ්පාදන ආයතනය විසින් චිත්‍රපටය ගැන නිල තහවුරු කිරීමක් කලා.ඊට පස්සෙ 2019.10.08 වෙනිද දසරා උත්සවයට සමගාමීව ප්‍රකට තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක Thrivikram Sirinivas මහතාගේ ප්‍රධානත්වයෙන් පූජා උත්සවය තියලා නිල වශයෙන් වැඩකටයුතු ආරම්භ කලා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් වලත් ,ඉතාලියේත් රූගත කිරීම් කරගෙන ගිය චිත්‍රපටය අතර මග නවත්තන්න වුනේ නොසිතූ ලෙස ලොවම වෙලාගත් කොරෝනා වසංගතය නිසා.ඊට පස්සෙ 2020.03.29 වෙනිදා නිතින්ගෙ උපන්දිනය වෙනුවෙන් First Look මෝෂන් පෝස්ටර් එකක් නිකුත් වුනා.

ඉතින් ඉන්දියාවත් ඇතුලු ලෝකය පුරාම රටවල් ලොක්ඩව්න් කරල තිබීමත් එක්ක චිත්‍රපටය ගැන ආයි රසිකයන් අතරට එන්නේ 2020.07.26 වෙනිදා , ඊට දින කීපයකට පෙර විවාහ ගිවිසගත් නිතින්ට වෙඩින් ගිෆ්ට් එකක් විදියට Rang De ටීසර් පටය නිකුත් වීමත් එක්ක.පසුව සැප්තැම්බර් මාසයෙ යලි රූගත කිරීම් ආරම්භ කරලා Dubai Miracle Garden එකේ ඇතුලු විදේශයන්හිද රූගත කිරීම් අවසන් කරන්න 2021 පෙබරවාරි වෙනකොට Rnag De කණ්ඩායමට හැකි වුනා.

  (Rang De රූගත කිරීම් අතරතුර )

Promotion , Trailer Release , Pre Release Event හැමදේම කරල මාර්තු මාසෙ 26 වෙනිදා Rang De චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කලා.ඉතින් ඔය අතරෙ නිතින් සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කලේ තමන්ගෙ අවසාන රොමෑන්ටික් ෆිල්ම් එකත් මේක වෙයි කියලා.ඉතින් දන්නවනෙ ගොඩක් අය නිතින් කිව්වම රොමෑන්ස් , කොමඩි වලට තෙලිඟු සිනමාවේ ප්‍රසිද්ධ කෙනෙක් කියලා.
ඉතින් කොහොමෙන්හරි ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරල හදපු ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 27.6 ක ආදායමක් ලබාගන්න හැකිවුනා.ඉතින් ඔය විදියට ආව ෆිල්ම් එක තමයි Zee Cinema හරහා ඔර්ජිනල් පිටපත් ඇවිත් අද අපේ අතට පත් වෙන්නේ.

ඉතින් චිත්‍රපටය ගැන වගේම තෙලිඟු සිනමාව ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් තමා මෙච්චර විස්තරයක් ලිව්වෙ.දැන් මං එහෙනම් චිත්‍රපටයෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.

පොඩි කාලේ ඉදන් එකට ඉන්න යාලුවො දෙන්නෙක් ගැන තමා මේ කතාව යන්නෙ.යාලුවො කිව්වට එක්කෙනෙක්ට අනුව යාලුවො , අනිත් කෙනාට හතුරො කිව්වනම් තමා හරිම.අර්ජුන් තමන්ගෙ කොලනියේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පොඩි ලමෙක්.ඉතින් දවසක් මෙයා ප්‍රාර්ථනා කරනව මට සෙල්ලං කරන්න ගෑනු ලමෙක් දෙන්න කියල.ඔන්න එතකොට එයාලගෙ ගෙවල් ගාවට අනූ කියන ගෑනු ලමය එනව පදිංචියට.හැබැයි අනූ ආවට පස්සෙ අර්ජුන්ට කොලනියෙ තියෙන ප්ලේස් එකට කණකොකා හඬලනව.ඔන්න ඒකෙන් අර්ජුන්ට ලොකු තරහක් ඇති වෙනවා.
අනූ කරන සමහර වැඩ වලින් අර්ජුන්ට වෙන්නෙම තව තවත් සවුත්තු දේවල්මයි.

ඉතින් මේ ඩබල ලොකු වුනහම කොහොම වෙයිද නේද ..? ඒක දැන්ගන්න ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව හොඳට විනෝදෙන් බලන්න පුළුවන් නියම තෙලිඟු ෆිල්ම් එකක් තමයි මේක.ඒවගේම අපූරු ගීත කිහිපයකුත් තියෙනවා ඒවටත් උපසිරැසි ගන්වල තියෙන්නෙ.
අවසාන වශයෙන් Rang De Pre Release Event එකේදී සුප්‍රසිද්ධ තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක ත්‍රීවික්‍රම් සිරිනිවාස් සර් කිව්ව මේ කතාවත් කියාගෙනම යන්නම්..

” හැම සතෙක්ටම හිනාවෙන්න බෑ…
  මිනිස්සුන්ට විතරයි හිනාවෙන්න පුළුවන් කියල කියනවනේ…
  ඒ වගේ හැම සතෙක්ටම වස්තූන්
  කලු සුදුවට පේන්නේ..පාට පාටින් පේන්නෙ නෑ..
  මිනිස්සුන්ට විතරයි වර්ණ හතක් දකින්න
  වාසනාව තියෙන්නෙ …
  ඉතින් මේ චිත්‍රපටියත් ඔයාලට ජීවිතේ තියෙන
  වර්ණ හත පෙන්නනවා.. “

එහෙනම් ජීවිතය වර්ණගන්වාගන්න හැටි හෝරා දෙකක් පුරාවට බලාගෙන යන්න කියල හැමෝටම ආරාධනා කරනවා.පරිස්සමෙන් ඉන්න.තවත් උපසිරැසියකින් හම්බෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

23 comments

  1. Dinesh
    Cineru Family Member

    සුභ පැතුම් 200 වෙනි උපසිරැසියට..😍👌

  2. 200 ට සුබ පැතුම් මදුවා..💛💛

  3. Shehan Sachintha
    Cineru Family Member

    200* ට සුභ පැතුම් මදුවෝ💚💜️


    සබත් දෙනකන් හිටියේ..

  4. 200ට සුබ පැතුම් සහෝදරයා ❤🤘🔥

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තෑන්ස් මදුවා
    200 ට සුභ පැතුම් බං 🌺❤️🔥

  6. Thasitha Nilanka
    Cineru_users

    උපසිරැසියට ස්තුති

    ජය වේවා

  7. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  8. Priyashan Jayarathna
    Cineru Family Member

    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් ❤️🔥
    දිගටම සබ් දෙන්න 🖐️

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ 200වෙනි සබ් එකට සුබ පැතුම්

  10. 200 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ!

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Thank you මෙච්චර sub දුන්නාට😍❤️ 200ට සුභ පැතුම්…!!

  13. බොහොම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම !

  14. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    200ට සුභපැතුම් මල්ලී. ඕකේ අමාරුව දන්නේ සබ් ගහන කෙනෙක්මයි. සබ් 200ක් කියන්නේ සුපිරි කට්ටක්. ඒකෙත් ඉන්දියන් ඒවා වැඩියි කියන්නේ පුදුම කට්ටක්. ඒ කන කට්ට දන්න අය ගරු කරයි. නැති අය නිකන්ම කියව කියව ඉඳියි. ඔයා සයිට් එකේ ලොකුම ලොකු කොටසක්. ඉතින් සුභ පැතුම් මචෝ. 250ට සට සට ගාලා යමාං 💝💝💝💝💝

  15. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් ❤️🔥
    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  16. Tankx ayya sub ekata

  17. 200 ta suba pathum & thank you

  18. Udaya saman
    Cineru Family Member

    200 වෙනි උපසිරසියට සුබ පැතුම් මලයා..සිනෙරු එකේ තෙලිගු සිනසාව අයිති කෙනා කිව්වොත් හරි…..සයිට එකට මේ වෙදදි වැඩිම උපසිරසි ලබාදුන් කෙනා වෙලා ඉවරයි දැනටමත්..ඇත්තටම ආඩම්බරයි..මේ ආපු ගමන ගැන.ඉස්සරහටත් මේවගේ උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබේවා..ලේසි නැ ඉතිම් ඉන්දියන් ඒවට සබ් දෙනව කයන්නෙ.ලයින් කියල ගහන්නද…ඒකත් ගෙඩක්ම අසා ලිවීම් වලට……තෙලිගු

  19. Pasindu Jayashan
    Cineru Family Member

    මම සිනෙරූ එක්ක එකතු වෙන්න මදුවාත් හේතුවක් උනානෙ… අද දෙසීය වෙනි කඩයිමත් පහු කරලා… සුභ පැතුම් මදුවා 🤩🎉️🎀
    ඒවගේම සබ් එකට තෑන්ක්ස්….

  20. deneth pahansith

    ස්තුති මචන්*

  21. වීඩියෝ පිටපත සහ උපසිරසිය එකම වෙබ් අඩවියෙන් බා ගත කර ගෑනීමට සැලැස්වීම පිලිඹ්‍ද මාගේ ප්‍රණාමය පුද කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login