The title of the page
Ranam Aram Thavarel Sinhala Subtitle
Ranam Aram Thavarel Sinhala Subtitle
7
91

Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | “යුක්තිය වරදිනේ නැත” | සිංහල උපසිරැසි සමඟ

(Ranam Aram Thavarel (2024) Sinhala Subtitles) (Ranam Aram Thavarel (2024) Sinhala Subtitle) (Ranam Aram Thavarel (2024) Sinhala Sub) (Ranam Aram Thavarel Sinhala Subtitle) (Ranam Aram Thavarel Sinhala Sub) (Ranam Sinhala Subtitle) (Ranam (2024) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම…

තවත් අලුත්ම දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ආවේ…චිත්‍රපටයේ නම තමයි Ranam Aram Thavarel (2024) එහෙමත් නැත්තන් Ranam (2024)..

Ranam Aram Thavarel (2024) - IMDb

ඉතින් මේක 2024 පෙබරවාරි 23 තමයි සිනමාශාලා වලට නිකුත් වෙලා තියෙන්නේ..ඒ වගේම OTT වෙත මුදා හැරුණේ මේ මාසේ 19 වෙනිදා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sherief විසින්..ඒ වගේම නිෂ්පාදනය Madhu Nagarajan අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..මම වෙනදට අරගෙන එන චිත්‍රපට ⁣වගේම මේකත් සුපුරුදු විදියටම අයිති වෙන්නේ Mystery / Thriller කාණ්ඩයට…රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 91% කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක ගැනත් බැලුවොත් ප්‍රධාන චරිතය වන ශිවාගේ චරිතය Vaibhav Reddy විසින් තමයි රඟ දක්වන්නේ..ඊට අමතරව Tanya Hope සහ Nandita Swetha ත් ප්‍රධාන චරිත දෙකකට මේ චිත්‍රපටය ඇතුලේ දායක වෙලා තියනවා… Suresh Chakravrthy, Saras Menon, Jeeva Subramanian, Saraswathi Menon වගේ තවත් ලොකු පිරිසක් මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙලා තියනවා..

Ranam on Moviebuff.com

කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා මරලා දාපු මනුස්සයෙක්ගේ හඳුනා ගන්න බැරි මුහුණ දිහා බලලා ඒ පුද්ගලයගේ සැබෑ මුහුණුවර මොන වගේද කියලා අඳින එක තමයි ශිවාගෙ රාජකාරිය..මේ අය පොලිස් ස්ථාන එක්ක සම්බන්ධ වෙලා ඉන්⁣නේ ගොඩක් රහසිගතව..මේ වැඩේට අමතරව ශිවා විසදන්න අමාරු නඩු වල අපරාධ සිද්ධි වාර්ථා ව ලියලා දෙන එකත් කරනවා..ඉතින් දවසක් නගරයේ තැන් තුනක පෙට්ටි වල දාපු තිබුණු භාගෙට පිලිස්සුණු ශරීර කොටස් හම්බවෙනවා..ඒ වගෙන් එක පෙට්ටියක් දාලා ගිහින් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා..ඉතින් ඒ පෙට්ටියේ තියෙන්නේ භාගෙට පිලිස්සුණු කකුල් දෙකක්..ඔන්න ඔතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නේ..

  • ඉතින් කවුද මෙහෙම ශරීර කොටස් පෙට්ටි වල දාලා තැන තැන දාලා යන්නේ..?
  • කාවද මේ විදියට මරලා තියෙන්නේ?
  • කවුද මේ දේ කරේ ?

මේ හැමදේකටම උත්තර හොයාගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

Ranam Aram Thavarel OTT Release Update: Find Out When And Where To Watch Vaibhav Reddy Starrer Movie - Filmibeat

එහෙනම් හැමෝම ෆිල්ම් එක බලලා ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යන්න..තවත් අලුත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

9 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජයවේවා…

  4. ආසාවෙන් බලාගෙන හිටපු ෆිලුමක් ❤ බොහොම ස්තුතියි සහෝ ❤❤❤
    Yuva 2024 Kannada ෆිලුමටත් සබ් එක දෙන්න

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. me dala thiyana sub hariyata galapenne na debas ekka poddak balanna parakku wela enne

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් දෙකක් තියනවා x264 / x265 ට වෙන වෙනම Folder එ⁣කේ..ඔයා අරන් තියන වීඩියෝ කොපියට ගැලපෙන සබ් එක ඇඩ් කරගන්න ඒ දෙකෙන්.

  7. Jude Dilshan Fernando
    Cineru_users

    Thanks for the Sub!!

  8. family star oone

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login