The title of the page
Rajni Sinhala Subtitle
Rajni Sinhala Subtitle
5.7
63

Rajni (2023) Sinhala Subtitles | “මරණය රැගෙන එන රජිනි” | සිංහල උපසිරැසි සමග

(Rajni (2023) Sinhala Subtitles) (Rajni (2023) Sinhala Subtitle) (Rajni Sinhala Subtitle) (Rajni (2023) Sinhala Sub) (Rajni Sinhala Sub) (Rajni Malayalam Movie Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

සිනෙරූ අපිට අවුරුදු 5ක් සපිරෙන දවසේ මමත් තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..අද මම අරගෙන එන්නේ 2023 දෙසැම්බර් 8 සිනමාශාලා වලට නිකුත් වුණු Malayalam සහ Tamil භාෂා දෙකෙන්ම නිකුත් වුණු Rajni (2023) චිත්‍රපටය..ඉතිනේ මේක අධ්‍යක්ෂණය කරන්නේ Vinil Scariah Varghese විසින්..ඒ වගේ නිෂ්පාදනය Sreejith K. S. සහ Blessy Sreejith යන දෙදෙනා අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..මේක අයිති වෙන්නේ Thriller/Action කියන කාණ්ඩ වලට…ඉතින් මම මුලින් කිව්වා වගේ මේක මලයාලම් සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියනවා..ඉතින් අද මම මේ උපසිරැසිය අරගෙන එන්නේ මලයාලම් භාෂාවෙන් නිකුත් වුණ පිටපතට..කොහොම වුණත් දෙබස් වලනම් මලයාලම් භාෂාවට අමතරව දමිළ භා⁣ෂාවෙන් කියන දෙබසුත් නොඅඩුව තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.7/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 63%කුත් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Rajni (2023) - IMDb

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රවින මලයාලම් නලු ජයරාම්ගේ පුත් Kalidas Jayaram විසින්..ඊට අමතරව මලයාලම් සිනමාවෙන් Saiju Kurup, Namitha Pramod, Reba Monica John, Srikant Murali වගේ නලු නිළියන් රංඟනයෙන් දායක වෙනවා..ප්‍රතිවීර චරිතයට Priyanka Sai විසින් රංඟන දායකත්වය ලබාදෙන අතරම දමිළ සිනමාවෙන් Ramesh Khanna, Ashwin Kumar, Karunakaran වගේ අය මේ චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙලා තියනවා..

Aval Peyar Rajni Movie Review | Talks Of Cinema

කතාව පැත්තට හැරිලා බැලුවොත් මේකේ කතා නායකයා වෙන්නේ නවීන්..ඉතින් මේ නවීන්ට ගෞරි කියලා අක්කා කෙනෙක් ඉන්නවා..දවසක් ගෞරි තමන්ගේ මහත්තයා වෙව අභිජීත් එක්ක වාහනේ එන අතරේ පෙට්‍රල් ඉවර වෙලා මග නතර වෙනවා..ඉතින් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා මෙයාලට කරගන්න දේකතු නෑ..ඉතින් ඔය වෙලාවේ අභිජීත් කෑන් එකක් අරගෙන පෙට්‍රල් අරන් එන්න යනවා..එයා යන්නේ ගෞරිව තනියම කාර් එකේ තියනවා..ඔහොම ටික වෙලාවක් යද්දි එක සැරේම කාර් එක හෙළවෙන්න පටන් ගන්නෙත් ගෞරිව බය කරගෙනමයි…ඉතින් ටික වෙලාවකින් වාහනේ වීදුරු දිගේ ලේ ගලාගෙන එනවා..බලද්දි ගෞරිගේ මහත්තයා අභිජීත්ව කාර් එකේ වහලේ උඩදිම මරලා දාලා…ඉතින්,

  • පෙට්‍රල් ගේන්න ගියපු අභිජීත් කොහොමද කාර් එකේ වහලේ උඩදි මැරෙන්නේ?
  • කවුද අභිජීත්ව මරන්නේ ?
  • මොකටද අභිජීත්ව මර⁣න්නේ ?

කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා..

Rajni (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

ඉතින් අවුරුදු 5ක් තිස්සේ අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනගමන්ම චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා.. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.. හැමෝටම,

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Chamika ramanayaka

    Happy birthday cineru 🎂🎂🤩
    හැමදාමත් අපිට ලස්සන ෆිල්ම් දෙනවට ආදරෙයි💚

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

  3. සබ් එකට බොහොම ස්තුතියි සහෝ ❤❤❤

    Ranam Aram Thavarel (2024) Tamil / Ranam (2024)
    මේ ෆිලුමටත් ඉක්මනින්ම සබ් එක දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login