The title of the page
Chaari 111 (2024) Sinhala Subtitles
Chaari 111 (2024) Sinhala Subtitles
4.9
49

Chaari 111 (2024) Sinhala Subtitles | රුද්‍රනේත්‍රා මෙහෙයුම | සිංහල උපසිරැසි සමග

(Chaari 111 (2024) Sinhala Subtitles) (Chaari 111 (2024) Sinhala Sub) (Chaari 111 Sinhala Subtitles) (Chaari 111 Sinhala Sub)

ආයුබෝවන් සුභ දවසක් ඔයාලා හැමෝටම…

ඔන්න ඉතින් සිනෙරූ පොඩියට පටන් ගත්ත දිගු ගමනේ තවත් එක පියවරක් අද ඉස්සරහට තියෙනවා..

ඒ තමයි අද සිනෙරූ 5 වෙනි උපන්දිනය සමරනවා.. හැමසැරේම වගේ අපි උපන්දිනේ දවසට ෆිල්ම් වැස්සක් දෙනව කියලා ඔයාලා හැමෝම දන්නවනේ.. ඔන්න ඉතින් ඒ වෙනුවෙන් මාත් සබ් එකක් අරගෙන සයිට් එකට ගොඩ උනා.. තිබුණු වැඩ රාජකාරි එක්ක කාලෙකින් සබක් දෙන්නත් බැරි වුන එකේ අද කොහොමහරි අරගෙන එන්න උත්සහ කරා..

හෑල්ල ඇති.. යං ෆිලුම මොකක්ද කියල බලන්න..

2024 මාර්තු 1 වෙනිද නිකුත් වුන මේ තෙළිගු සළරුව පැය 2 යි මිනිත්තු 7ක්‌ පුරාවට දිව යනව..මේක අධ්‍යක්ෂණය කරන්නේ TG Keerthi Kumar කියන තෙළිගු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා..කට්ටියට වැඩිය එයාව මතක නම් නැතුව ඇති.. මේක අයත් වෙන්නෙ Comedy / Action කියන කැටගරි එකට.. අනික ඒක කියන්නත් දෙයක් යෑ.. ඉන්න නළුවාව දැක්ක ගමන් කොමඩි කියලා තේරෙනවනේ..

කොමඩි නළුවෙක් හිටියට ෆිලුමේ සුපිරි ස්ටෝරියක්‌ තියෙනවා.. මරු ෆිලුමක්.. ස්පයි ඒජන්සියක් වටා තමයි කේස් එක යන්නෙ..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් තෙළිගු ෆිල්ම් වල ෆිල්ම් වල ප්‍රධාන නළුවෝ එක්ක සහය නළුවා විදිහට රංගනයෙන් දායක වෙන කවුරුත් ආදරේ කරන Vennela Kishore.. කිෂෝර් Main Character කරන මේ ෆිලුම කොමඩි ටයිප් ෆිල්ම් බලන අයට නම් පංකාදු පහයි කියලා කියන්න පුළුවන්..

ඉතුරු කාස්ට් එක පහලින්

Vennela Kishore – ඒජන්ට් චාරි ලෙසින්
Murali Sharma – ප්‍රසාද් රාඕ නොහොත් රුද්‍රනේත්‍රා ප්‍රධානියා ලෙසින්
Samyuktha Viswanathan – ඒජන්ට් ඊෂා ලෙසින්
Pavani Reddy – ප්‍රියා ලෙසින්
Satya – රාහුල් ලෙසින්
Thagubothu Ramesh – බන්ටි ලෙසින්
Brahmaji – ශ්‍රිනිවාස් ලෙසින්
Chaitanya – රාවන් ලෙසින්

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

හයිද්‍රාබාද් වල හදිස්සියේම බෝම්බ පිපිරීමක් සිද්ද වෙනවා.. හැබැයි මේ පිපිරීමේ කිසිම තැනක බෝම්බ හදන්න භාවිතා කරපු මුලද්‍රව්‍ය හොයාගන්න නෑ.. මේ අතරේ තමයි මහ ඇමතිතුමාගේ අනුමැතිය යටතේ රුද්‍රනේත්‍රා කියල රහස් ඒජන්සියක්‌ පවත්වාගෙන යන්නෙ.. මේකෙන් කෙරෙන්නේ රජයට නීතිය හරහා නවත්තන්න බැරි අපරාද, නීතියට පිටින් ගිහින් විසදන එක.. මේකෙ ප්‍රධානිය විදිහට ඉන්නේ “ප්‍රසාද් රාඕ” කියල හමුදාවෙන් ඉවත් වුන නිලධාරියෙක්.. මෙතුමා නම් අනුමාන කරන්නේ මේක මිනිස් බෝම්බයක් කියලා.. ඔය අතරේ මහ ඇමතිතුමා මේ පරීක්ෂණය කරගෙන යන්න “රුද්‍රනේත්‍රා” ආයතනයට බාරදෙනවා.. හැබැයි මේ පරීක්ෂණය බාර නිලධාරිය විදිහට පත් කරන්න මේ වෙලාවේ නම් කිසිම කෙනෙක් නෑ.. හැමෝම එක එක කේස් වලට බිසී වෙලා ඉන්නේ.. ඔන්න මේ වෙලාවේ තමයි අපේ රාඕ මහත්තයට අකමැත්තෙන් උනත්, කලින් කේස් එකක් දාගෙන සේවයෙන් පහ කරල ඉන්න “චාරි (කිෂෝර්)” කියන ඒජන්ට්ගේ සහය පතන්න වෙන්නෙ.. මෙයා එසේ මෙසේ ඒජන්ට් කෙනෙක් නම් නෙවෙයි ටිකක් ට්‍රැක් අවුට් ආතල් පොරක්.. රාඕ මහත්තය කියන විදිහට නම් මෑන් හැම වැඩක්ම දෙල් කරගන පටන් අරන් අන්තිමට කොහොම හරි කේස් එකත් විසදනවා..කොහොම හරි කේස් එකනේ විසදන්න නේ ඕන 🤭

මොකක්ද මේ මිනිස් බෝම්බ කියන්නෙ.?
මේ චාරි එක්ක මේ කේස් එක විසදගන්න පුළුවන් වෙයිද.?

මේවට උත්තර දැනගන්න මේ සුපිරිය බලන්නම කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා.. මිස් කරගන්න එපා, මොකද මං කිව්වට වඩා ලොකු දෙයක් මේ ෆිලුම ඇතුලේ තියෙනවා.. අනිවාර්යෙන් බලන්න..

මේ ෆිලුම කරන්න කියල මට මතක් කරපු, කවරේ හදල උදව් කරපු උචිනි අක්කා, සමිත අයිය දෙන්නටම ගොඩක් ස්තුතියි ♥️

ඒවගේ සිනෙරූ වෙනුවෙන් සබ් වලින් වගේම හැම දෙකින්ම මහන්සි වෙන කට්ටක් කන හැමෝටම ගොඩක් ආදරෙයි ♥️

අවුරුදු 5 ක්‌ තිස්සෙ අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි ♥️ ගොඩක් ආදරෙයි ♥️ හැමදාම සිනෙරූ එක්කම ඉන්න ❤️ ජයමවේවා ❤️

අදට ගිහින් එන්නම් ❤️ බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️

ලැබුවා වූ 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක්‌ වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    සුබ අලුත් අවුරුද්දක් වේවා ශාන් සහෝ….
    සබට තැන්ක්ස්

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරසියට.. ජය..

  3. බොහොම ස්තූතියි උපසිරසියට ❤️

  4. M V THAKSHITHA PRIYANTHA
    Cineru_users

    play wenne nene

  5. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro ❤️🔥

  6. Ricky Satniky 2024 කොපිය රිලීස් වෙලා තියෙන්නෙ බොසා ඒකට සබ් එකත් දාපං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login