The title of the page
Raging Fire (2021) Sinhala Sub
Raging Fire (2021) Sinhala Sub
7.1
93
92

Raging Fire (2021) Sinhala Subtitles | ” පලිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Raging Fire 2021 Sinhala Subtitle) (Raging Fire Sinhala Sub)
ආයුබෝවන් යාලුවො හැමෝටම !
ඔර්ජිනල් පිටපතක් එනකම් බලාගෙන හිටිය මගේ ආසම චයිනිස් සටන් නලුවෙක් ඉන්න ෆිල්ම් එකක උපසිරැසි අරගෙන තමයි මේ පාන්දරම වෙබ් අඩවියට ගොඩ වුනේ.ඉතින් HC කොපියක් තමයි දැනට නිකුත් වෙලා තියෙන්නෙ නමුත් ඒක වෙබ් කොපියක ගානට හොද පැහැදිලිව තියෙනව.අනිත් දේ තමයි කියන්න ඕන ඉංග්‍රීසි සබ් එකත් තිබ්බෙ ට්‍රාන්ස්ලේට් එකක්.ඉතින් පුලුවන් තරම් හොදට රසවින්දනයට බාදා නොවෙන්න තමයි මේක හදාගෙන ආවෙ.සුලු සුලු අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ඉදිරියට එන කොපි වලටත් මම සබ් එක හදල අප්ඩේට් කරන්නම්.
බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තියපු චිත්‍රපටියක් වුනත් පටන් ගන්න තියෙන්න දුක්බර කතාවකින්. එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.
Call of Heroes 2016, The White Storm, Invisible Target 2007, Connected 2008, Shaolin 2011 වැනි සුපිරි Hong-Kong චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Benny Chan චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාගෙ අවසාන චිත්‍රපටිය තමයි Raging Fire කියන්නෙ. මේක Benny Chan ගෙ අවසාන චිත්‍රපටිය වෙන්නෙ මොහු අධ්‍යක්ෂණය කළ Raging Fire චිත්‍රපටිය නිකුත්වීමට පෙර 2020 අගෝස්තු 23 වෙනිදා ඔහු අපි අතරින් සමුගන්නවා 💔 ඉතින් මේක තමයි ඔහු අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටිය වෙන්නෙ. මේ චිත්‍රපටියෙන් පස්සෙ Benny Chan ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන චිත්‍රපටියක් අපිට ආයෙ කවමදාකවත් බලන්න ලැබෙන්නෙ නෑ.

Benny Chan මිය යනකොට ඔහුට අවුරුදු 58 ක් වෙනවා. ඉතින් මොහු මියයාමට හේතුව වෙන්නෙ Raging Fire චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු අතරතුර හඳුනාගත් පිළිකා රෝගයක්. 

2005 වසරෙදි මොහු අධ්‍යක්ෂණය කළ “Jackie Chan” සහ “Nicholas Tse” රංගනයෙන් දායක වුණ “New Police Story” චිත්‍රපටිය වෙනුවෙන් වාර්ෂික Hong Kong සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානයත් මොහු විසින් දිනාගන්න සමත් වෙනවා.

Benny Chan ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටියට සුපිරි චීන නළු “Donnie Yen” සහ “Nicholas Tse” රංගනයෙන් දායක වෙනවා. මෑතකදි තමයි මේ චිත්‍රපටිය තිරගතවීම් ආරම්භ කරේ. හැබැයි කවුරුත් නොහිතපු විදිහට මේ චිත්‍රපටිය වැඩිම ආදායමක් ලබාගත්ත Hong Kong චිත්‍රපටිය බවට වාර්තා අතරට එකතු වුණා. ඒ මීට කලින් “Andy Lau” විසින් අධ්‍යක්ෂණය කළ “Shock Wave 2” චිත්‍රපටියේ ආදායම් වාර්තා අභිබවා යමින්. ඉතින් මේ වෙනකොට වැඩිම ආදායමක් ලබාගත්ත Hong Kong චිත්‍රපටිය වෙන්නෙ “Benny Chan” ගෙ “Raging Fire” චිත්‍රපටිය. මේ වෙනකොට චිත්‍රපටිය ආදායම “ඇ.ඩො. මිලියන 213.4” ක් විදිහට තමයි සඳහන් වෙන්නෙ.

 

“Benny Chan” අපි අතරින් සමු අරගෙන වසරක් සපිරීම නිසාම ඔහුගෙ අවසාන මතකයන් විදිහට ඉතුරු වුණු Raging Fire චිත්‍රපටියේ නිකුත් කරපු Working still cuts කීපයක් තමයි මේ තියෙන්නෙ.

සුපුරුදු විදිහට අන්තර්ජාලය දිහාට හැරුණොත් මේ චිත්‍රපටිය “IMDb 7.1” කුත් “කුණු තක්කාලියේ 93%” ක අගයකුත් වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්‍රපටිය තිරගත කිරීම් ආරම්භ වුණු දවස්වල ඉඳන්ම හොඳ රිවීව් ලැබිලා තියෙනවා.Action/Crime ඝණයට අයිතිවෙන මේ චිත්රපටිය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. පැය 2 කුත් විනාඩි 6 කුත් තමයි මේකෙ ධාවන කාලය. මේකෙ කාස්ට් එකත් එක්ක බැලුවහම ඉතින් Powerful කාස්ට් එකක් එක්ක තනිකරම ඇක්ෂන් පැක් එකක් කියලා කියන්න පුළුවන්. Donnie Yen ගෙ ඇක්ෂන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ වගේම තමයි Nicholas Tse කියන්නෙ සුපිරිම නළුවෙක්. එයාගෙ ෆිල්ම් බලලා තියන අය ඒක දන්නවා. කලින් කිව්වා වගේම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට පැය 2 ක් තිස්සෙ මේක බලන්න පුළුවන්.

මේකෙ කතාව දිහාට හැරුණොත්..

ෂැන්ග් කියන්නෙ පොලිස් පරීක්ශකවරයෙක්.ඉතින් මෙයයි මෙයාගේ කන්ඩායමයි මෙහෙයුමකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා.ඒ ප්‍රබල අපරාධකාරයෙක් අල්ලගන්න.නමුත් ෂැන්ග්ට පොඩි සිද්දියක් වෙලා යන්න වෙන්නෙ නෑ.ඉතින් අතරෙ මෙහෙයුමේදි මෙයාගෙ යාලුවා ඇතුලු පොලිස් නිළධාරීන් රැසක් දරුනු විදියට ඝාතනයට ලක් වෙනවා.ඉතින් මෙයාලගෙ අතීත සිදුවීමක බලපෑමකුත් මේ එක්ක තියෙනව.මෙච්චර තමා ඉතින් දැනට කියන්නෙ.වැඩිය කිව්වම රසය නැති වෙනවනේ.

අවසාන වශයෙන් මේ ලස්සන ලිපිය සකස් කරල දුන්න අපේ ප්‍රියශාන් මල්ලිට ස්තූති කරන්නත් ඕන.එහෙනම් ඉතින් මේ අසහාය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා අපිට ඉතුරු කරලා ගියපු ඔහුගේ අවසාන චිත්‍රපටියත් නරඹන්න කියලා ආරාධනා කරනවා !

                                                                      Good Bye Benny Chan!!! 💔

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. සබට තෑන්ක්ස් මදුවා..❤❤

  2. Supiriiiiiiiiiiiii thank you

  3. සබ් එකට තෑන්ක්ස් මල්ලි ❤️❤️

  4. 👌 👍 🔥🔥🔥

  5. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  6. ammo enakam balan hitiye supiri paharak thanks bro sube ekata,//.

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. බොහොම ස්තුතියි සබ් එකට.

  9. prasanna sampath

    Thanks 💗💗💗 malli

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Netflix පිස්සා

    Ado patta patta

  12. tnx comment karapu hemotama !😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login