The title of the page
6.8
13
86

Radhe Shyam (2022) Sinhala Subtitles | “ෆැන්ටසි ආදර අන්දරය…” | සිංහල උපසිරැසි සමඟ

(Radhe Shyam (2022) Sinhala Subtitles) (Radhe Shyam Sinhala Subtitle) (Radhe Shyam 2022 Sinhala Subtitle)

ඔන්න මගේ 30 වෙනි උපසිරැසි ගැන්විම අරගෙන තමයි මම අද ඕගොල්ලෝ බලන්න ආවේ…ඒ වගේම කියන්න ඕනි මේක මගේ පලමු තෙලිඟු භාෂාත්මක චිත්‍රපට උපසිරැසි ගැන්වීම කියලා….

එ⁣හෙනම් අපේ ලිපියට යමු…

“මුලින්ම කියන්න ඕනා එක එක්කෙනාගෙ මත එක එක විදිහයි , මේක මට අනුව මට දැනුන විදිහ ගැන පොඩියට “

ගොඩක් තැන් වල කියලා තිබුනා ගොඩක් නෙමෙයි ෆිල්ම් එක ආව දවසෙ ඉඳලම ෆිල්ම් එකට Negative රිවීව්ස් ඇරෙන්න පොසිටිව් රිවීව්ස් තිබ්බේ 1% ක් වගේ ඊටත් එහා ෆිල්ම් එකත් Flop නේ .

මට දැනුණ විදිහට Indian Love Story ෆිල්ම් එකක් විදිහට චිත්‍රපටය යම්තාක් දුරට සාර්ථකයි සහ කෝටි 300 ක මුදලක් මේකට වෙන් කරලා තියෙන්නෙ ඇයි කියලත් ෆිල්ම් එක බලන ඕනා කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් මම හිතන්නේ ඒ කොහොම උනත් බලාපොරොත්තු තියාගෙන හිටපු තරමට ෆිල්ම් එක සාර්ථක නැහැ ඒක කියන්නම ඕනා දෙයක්…

ඊලඟ දේ තමා ෆිල්ම් එකට කෝටි 250-300 ක් වියදම් කරල ෆිල්ම් ගහන මෝඩයෙක් කියලා කියනවනේ ගොඩක් අය අනේ මන්දා ඉතිං මට නම් ඒවලින් වැඩක් නෑ මෝඩයෙක් නෙමෙයි මොකෙක් උනත් රඟපෑම අතින් සාර්ථකයි ප්‍රභාෂ් සහ පූජා , ඕනම නලුවෙක්ගෙ හෝ නිලියෙක්ගෙ Cinema Story එක ඇතුලෙ එක Turning Point එකක් තියෙනවා හරියට ප්‍රභාෂ්ට බාහුබලී වගේ , රාජ්මෞලි සර් හරි ලස්සනට ඒක වෙනුවෙන් ප්‍රභාෂ්ගෙ ටැලන්ට් එක යූස් කරලා තිබ්බා වගේම රාජ්මෞලි සර්ගෙ පිහිටෙන් ප්‍රභාෂ් එතනදි නමක් හදාගත්තා…

මේ ෆිල්ම් එකට අනුව රංගනය අතින් සාර්ථක උනත් ස්ටෝරි එක ටිකක් මදි ඒ කොහොම උනත් Indian ෆිල්ම් එකකින් අපිට මහලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ සුපිරිම ගනයේ ඒවා එනවා නැත්තෙ නෑ හැබැයි බොහොම අඩුවෙන් ඉතිං හොලිවුඩ් මනසින් නැතුව මේක බැලුවනම් අඩුපාඩු තිබ්බත් බලන් ඉන්න පුලුවන් තරමට ෆිල්ම් එක සාර්ථකයි ….

මේ මට දැණුන විදිහ අනිත් අයගෙ මත වලට මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ…

අන්තිම වශයෙන් ප්‍රභාෂ්ගෙ ඉදිරි චිත්‍රපට වල Line Up එක සාර්ථකයි කියල දැනෙනවා , අපි බලමු නේ මුහුද හත් ගෞවක් තියන් අමුඩ ගගන් ඉන්න ඕනා නෑනේ….

අපේ දෛවය කලින් ලියා ඇතැයි සැලකුණත්…අපිට ආවැසිනම් ඔනෑම දෙයක් සුලු මොහොතකින් වෙනස් කරන්න අපිට පුළුවන්…රදේ ශ්‍යාම් ෆැන්ටසි ආරක ප්‍රේමකතාව මගින් අපිට ලබා දෙන ආදර්ශය එයයි…

…ජීවිතය වෙනස් කරන්න උත්සාහගන්න…

ලිපි සැකසුම : අශේන් මදුරංග ( චුටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

6 comments

  1. තෑන්ක්ස් යාලු
    Bheeshma parvam
    Pada මලයාලම් ෆිල්ම් 2ට සබ් දෙමු

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login