The title of the page
Quota (2020) Sinhala Sub
Quota (2020) Sinhala Sub
8.3

Quota (2020) Sinhala Subtitles | සපත්තු යුවලක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ

(Quota (2020) Sinhala Sub) IMDB සිනමා දර්ශකයේ 8.3/10 ක අගයක් ලබාගත් විශිෂ්ඨ සිනමා සිත්තකමක් අරගෙනයි ඔන්න එහෙනම් අද වෙබ් පිලට ගොඩවෙන්නේ.ඔබ දන්නවාද..?මේ සිනමා සිත්තම මේ වන විටත් නිකුත් වී මාස හතරක් වැනි කෙටි කාලයක් ඇතුලත දැනටමත් විවිධ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් යටතේ සම්මාන 43 ක් හා නිල තේරීම් 04 ක් ලබා ගෙන තියෙනවා කියලා.කොරියානු සිනමා සම්මාන, ඇමරිකානු ගෝල්ඩන් පික්චර් ජාත්‍යන්තර සිනමා උළෙල, ස්වීඩන් චිත්‍රපට සම්මානය, ලෝක චිත්‍රපට සැනකෙළිය, සිංගප්පූරුව, ගෝල්ඩන් ෆොක්ස් සම්මානය, එක්සත් රාජධානියේ ලිෆ්ට් ඔෆ් වැනි විවිධ ජාත්‍යන්තර සිනමා උළෙලවල් හා ඉතාලිය, මොන්ට් බ්ලැක් ජාත්‍යන්තර සිනමා උළෙල, පැරිස්, ට්විලයිට් ටෝකියෝ, ඊශ්‍රාලය, ඩයක් ජාත්‍යන්තර සිනමා උළෙල, භුතානය, ක්‍රවුන් වුඩ් ජාත්‍යන්තර සිනමා උළෙල, පිකර්ෆ්ලික් ඉන්ඩ්, වයිට් යුනිකෝන්, කල්කටා ජාත්‍යන්තර සංස්කෘතික සිනමා උළෙල, වර්ජින් වසන්ත සිනමා උළෙල ආදිය ඒවායින් කිහිපයකි.

කෝටා චිත1පටයේ අධ්‍යක්ෂ අමුදාවන්ගේ ප්‍රකාශය.අඩු වරප්‍රසාද ලත් පසුබිම්වල ළමයින්ට බොහෝවිට අවස්තාවන් අහිමි වේ. මෙය අදටත් සිදුවේ. අපි එය කෙසේ හෝ නතර කල යුතුයි..පසුගිය වසර කිහිපය තුල ළමයින් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න මට අවශ්‍ය විය. විශේෂයෙන්ම දෙමළ බාෂාවෙන් ළමයින් සදහා පමණක් චිත්‍රපට නිපදවීම ප්‍රවණතාවය අඩුවී තිබේ.දක්ෂතා වල අඩුවක් නෑ. එයාලට අවස්ථාවක් දෙන්න.. එසේ නිෂ්පාදකයා අවසානයේ පවසයි.අපේ ධීවර ප්‍රජාවගේ දරුවන්ට පිහිනීමට වැනි ක්‍රීඩාවන්ට අවස්ථාවක් දෙනවානම් ඔවුන් තුල සැගවී ඇති දක්ෂතා වලින් ඔබව මවිතයට පත් කරයි.ඒක නිවැරදි රැකියාවකට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමක්.

තමාට මුණ ගැසුණු හා ග්‍රෝත්‍රික ගම්මාන වල නිරීක්ෂණය කල දරුවන් ගැන විස්තර අමුදවන් මෙසේ විස්තර කරයි..ඔවුන් සැම විටම ඇගිලි තුඩු මත සිටියි, ඔවුන් විශාල වු සිනාවන්ගෙන් සැරිසරති, එක වහලයක ඉදන් තවත් වහලයකට පනිනනවා.ඇල, දොල, ගංගා වල කිමිදෙනවා. ඒවා නතර කල නොහැකියි.ඔවුන් සෑම වෙලාවකම එලිමහනේ කාලය ගත කරනවා. ඔවුන්ගේ සමබරතාවය, නම්‍යශීලීභාවය, හා ක්‍රියාශිලී භාවය ඔවුන්ට එන්නේ ස්වභාවයෙන්මයි. විධිමත් පුහුණුවක් හරි උපකරණ වලින් හරි මේ මොනවත් නැතුවමයි.ඒත් එයාලගේ දක්ෂතා වලට ඔවුන්ට නිසි මුදල් ලැබෙනවද..?මේ කථාව තමයි අමුදවන් තුල මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට හේතුව වුනේ..

ළමා චිත්‍රපට නළු භවාස් හා නිහාරිකා , ආදිල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. දෛනික ජීවිතය පිළිබද සමාජ- දේශපාලනික උපහාසාත්මක හා හාස්‍යජනක නළු චෙචල්ලා මෙහි පියාගේ චරිතය නිරුපණය කරයි.

මෙය කේරළයේ මන්නාර්කාඩ් හා කේරළ-තමිල්නාඩු දේශ සීමාවේ අනයිකාට්ටි සහ අත්තපාඩි වැනි ස්ථාන වල යෙ රෑගත කර තිබෙනවා.
ඇලන් සෙබස්තියන්ගේ සංගීතයෙන් සී මියුසික් විසින් සංගීත අයිතිය ලබා ගෙන ඇත. අමුදවන්ගේ පලමු චිත්‍රපටය වන වෙරුලි සිනමාවද සමාජ ත්‍රාස්‍යජනක සිනමාවක් වන අතර, එයද ජාතික සම්මාන රාසියක් ලබා ගන්නා ලද එකකි.

ඔන්න එහෙනම් ආයෙත් ටික දවසකින් පස්සේ ආයෙමත් දමිල පවුලේ සැමට රසවිදිය හැකි සිනමා සිත්තමකට උපසිරසි අරන් ආවා. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

අමුදවනන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය අභිලාෂකාමී, පක්ෂපාති, හා ප්‍රීිමත් පවුලක් ඔවුන්ගේ දෛනික ආදායම මත ජීවන රටාවට මුහුණ දෙන තත්වය පිළිබද විස්තර කෙරෙයි.

උතුකිලි කියන ගම සාම්ප්‍රදායික ගම්මානයක්. ඉතින් මේ ගම්මානෙ අය ටිකක් දුෂ්කරතා මැද්දේ තමයි එයාලගේ ජීවනෝපය කරගනෙ යන්නේ.මේ ගම්මානය මුලින් සාම්ප්‍රදායිකව කෘෂිකර්මාන්තයෙන් පමණක් ජීවනෝපාය කරගෙන ගිය ගම්මානයක්. නමුත් දැන් මේ වෙද්දි සමහර අය කුළී වැඩ වලින් මුදල් උපයා ජීවනෝපාය කරගෙන යයි. මාණික්කම් කියන්නේ මේ ගමේ ඉන්න අගහිගකම් වලින් පිරුණු අයෙක්..මොහුගේ පුතා පාරි වන අතර දුව අමුදා වේ.මොවුන් දෙදෙනාම පාසල් යන්නේ විවිද අගහිගකම් මැද්දේය.

දිනක් තම දියණියගේ සපත්තු යුගල ඉරී එය පැළදිය නොහැකි තත්වයට පත්වේ. ඉතින් මෙයාට පාසලට යන්න අළුත් සපත්තු දෙකක් අරන් දෙන්න කියලා තාත්තගෙන් ඉල්ලනවා. ඉතින් මෙයාට අළුත් සපත්තු දෙකක් ගන්න් කඩෙන් ගාන අහපුවාම මෙයා ගාව ඒතරම් මුදලක් නෑ ඒ දෙක අරගන්න. ඉතින් මදාපාඩු ගාන මෙයා ගොඩක් අයගෙන් ඉල්ලන් යන්නේ ණයට අරන් පසුව දීමේ බලාපොරාතුත්ව මතයි. ඒත් කිසි කෙනෙක්ගෙන් මෙයාට මුදල්ලම් ලැබෙන්නේ නෑ. මෙයා ණයට ගත් මුදල් ඉල්ලා ණයකරුවන්ද නිතර නිවසට එයි. ඔහු විවිධ රැකියා කර මුදල් ලබා ගන්න උත්සහ කරත් ඒවා සියල්ලක්ම ව්‍යාප්ත වේ. පසුව මාණික්කම්ගේ ඥාතිවරියකගෙන් මුල් ලබා දියණියට සපත්තු දෙක ලබා ගැනීමේ අරමුණින් කඩයට ගියත් සිදුවන්නේ නොහිතපු දේකට මුහුණ පාන්නයි. ඉතින් මාණික්කම්ට මොකද වුනේ..? එයාගේ් දුවට සපත්තු දෙක අරන් දෙන්න මෙයාට පුළුවන් වුනාද..?මොකද කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

. චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Drama, Family
අධ්‍යක්ෂණය : P Amudhavanan
නිෂ්පාදනය : Team a ventures
රංගන ශිල්පීන් : Chella, Saji subarna, Naresh, Madeswar
ධාවන කාලය : 106 minutes
තිරගත කල දිනය : 20 November 2020
සංගීතය : Allen Sebastian
IMDB අගය : 8.3/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Supun Sadeepa
    Cineru Family Member

    Thnx

  4. santhanamge parris jeyaraj movie akata sub aka danna film aka dala thiyenne

    • udaya saman
      Cineru Family Member

      සන්තානම්ගේ එක නේද….බලමු උත්සහයක් කරලා

  5. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

    පුලුවන්නම් Oru Kal Oru Kannadi 2012 ෆිල්ම් එකටත් සබ් දෙන්න😘

    • udaya saman
      Cineru Family Member

      ඉදිරියේදි ඔබේ ඉල්ලීම ඉටු කරන්න උත්සහ කොරන්නම් සහෝ.

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සපත්තු යුගලෙක වටිනාකම හොඳටම දන්න කෙනෙක් සබ කරලා තියෙන්නේ, හරිම සතුටුයි සහෝ. ඊටත් වඩා සතුටුයි DUS ෆිලුමට හෝ අර “හල්ලාරේ” සිංදුව තියෙන ෆිලුමට සබ් එකක් දුන්නොත්!! ස්තූත්‍යි උදය ලොක්කා සබ් එකට. චෙල්ලාගේ වෙනස් විදිහේ ෆිලුමක් වගේ. අරන් බලනවා ඕං එහෙනම්

  7. Meka ada kale samajeta panividayk dena loku kathawak.. Mee kathwa harima sanvediy.. Danaya balaya tye nam kochr dakshatha tybth euwa yata path wenwa.. Me wagen hari ksmk ne balala sudussata sudusu thana laba denwa nam.. Sub ekt thanks machn eth podk subtitles karaddi warahan athule tyna euwata trnslate karsnnepa good luck digtama eub demu..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login