The title of the page
BALA's VARMAA (2020) Sinhala Subtitles
BALA's VARMAA (2020) Sinhala Subtitles
4.1
61

BALA’s VARMAA (2020) Sinhala Subtitles | වෛද්‍යවරයාගේ ආත්මීය ආදරය | සිංහල උපසිරැසි සමඟ

(BALA’s VARMAA (2020) Sinhala Sub) තවත් දමිල ෆිලුමකට උපසිරසි අරන් ආවා.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

වර්මා යනු 2020 දී ඉන්දීය දෙමළ භාෂාවෙන් නිපදවන ලද ආදර චිත්‍රපටයක් වන අතර බාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙය 2017 වර්ෂයේදි තිරගත වූ අර්ජුන් රෙඩ්ඩි තෙළිගු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. ධරම් වික්‍රම් හා මේඝා චෞදි මෙහි රංගනයෙන් දායක වේ. 2018 වර්ෂයෙදි රෑගත කිරීම් අරබා එන්ටටේට්මන්ට් නිමැවුම පිළිබද සෑහීමකට පත් නොවීම හේතුවෙන් 2019 වර්ෂයේී නැවතක රෑගත කිරීම් සිදුකර ඒ වසරේදි ආදිත්‍ය වර්මා ලෙස නිකුත් විය. පසුව එහි ඇති අඩුපාඩුකම් හා වෙනත් කරුණු නිසා පෙර චිත්‍රපටයේ කථා ශෛලියම ගත්තද මුල් පිටපතෙන් මදක් වෙනස් කර මෙය නිර්මාණය කරන ලදී. මෙහි ධාවන කාලයද අඩු කර නිපදවා ඇත. මුලි පිටපත සමග මෙය සසදන විට මෙහි කාන්තා නායකත්වයට වැඩි යමක් කිරීමට ඇති අතර, එය යටහත් පහත් චරිතයක් ලෙස පහත් කොට නොසලකයි.

වර්මා කියන්නේ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙක්. මෙයාට ටිකක් කේන්ති යනවනම් වැඩියි. ඉතින් මෙයා ඒ වුනාට කොලේජ් එකේ හොදම ශිෂයයි. ඉතින් දවසක් පාපන්දු තරගයක් තියෙන වෙලාවක මෙයත් ඒකට සෙල්ලම් කරනවා. මෙයාලගේ ප්‍රථිවාදි කණ්ඩායමේ කෙනෙක්ව වර්්මාව තල්ලු කරන් වට්ටනවා. එතනින් තමයි කථාව පටන් ගන්නේ. මේකට විනිසුරුතුමා වැරදිකාරයා වර්මා කියලා රතු කාඩ් එක පෙන්වනවා. එයාට ඉතින්් කේන්තිතත් යනවා වැඩිනේ. ඉතින් මෙයාගේ වැරැද්දක් නැති නිසා අර වැරැද්ද කරපු කෙනාට මෙයා හොදටම අල්ලන් නෙලනවා. මැච් එකත් ඉවරයි එතනින්ම.

පස්සේ මේකට වර්මාට කොලේජ් එකෙනුත් නොයෙකුත් පපුශ්ණ එන්න ගනන්නවා. මේක හින්දා මෙයා විද්‍යාලය දාලා යන්න ලෑස්ති වෙනවා. ඔන්න හැම දෙයක්ම ලෑස්ති කරලා අස්වීම ගන්න ඉද්දි පළවෙනි වසරේ ඉන්න කෙල්ලෙක්ව මෙයාව දකිනවා.මෙන්න කොලේජ් එක දාලා යන්න හිටිය මෑන් කෙල්ල දැක්කා විතරයි ඒ අදහසම අත්් ඇරගන්නවා.කොහොම හරි කොලේජ් එකේම වර්මා කියන්නෙ කව්ද කියලා අඇහුවත් බය වෙන තැනක තමයි මෙයා ඉන්නේ. ‍මේ කෙල්ලට කෙලින්ම මෙයා ගිහින් කියනවා. එයා එයාගේ විතරයි කියලා.මුලදීනම් මේ කෙල්ල කැමති වෙන්නේ නෑ..පස්සේ පස්සේ කොහොම හරි දෙන්නම සෙට් වෙනවා.

ඔහොම ඉන්න අතරතුරදී කෙල්ලගේ ගෙදරිින් මේ ගැන දැනගන්නවා. ඒක ගැන ගෙදරට කියන්න ගිහින් මෙයාට ටිකක් කේන්ති යනව වැැඩිනේ ඒක නිසාම වැඩේ අනාගන්නවා. ඔන්න ඔතන ඉදන් තමයි මෙයාගේ ජීවිතේ කණපිට පෙල්ලෙන්න ගන්නේ…මේක හැබැයි කලින්් එකට වඩා තැන් ටිකක් වෙනස් කරලා නිර්මාණය කරලා තියෙන නිසා වෙනස් විදිහට තියෙන්නේ.හැමදේම කියන්නේ නෑ.. අරගෙනම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

. චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Drama, Romance
අධ්‍යක්ෂණය : Bala
නිෂ්පාදනය : Raju Murugan
රංගන ශිල්පීන් : Dhruv Vikram, Megha chowdhury
ධාවන කාලය : 120 minutes
තිරගත කල දිනය : 6 October 2020
සංගීතය : Rodhan
IMDB අගය : 4.1/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login