ඔන්න යාලුවනේ අපේ කතා මාලාවේ 5වෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. ඊයෙ උදේ දෙන්න තිබ්බ 4 වෙනි කොටස පරක්කු වෙලා දුන්නු නිසා තාම බලන්න බැරිවුනානම් ගිහින් ඒක බලල ඉන්න. මෙතෙක් කතාව ඉතින් මතක ඇතිනේ.
ඊයෙ හතරවෙනි කොටසෙ වුනු දේවල් ටිකක් මතක් කරන්නම්.මෝ මෝ ට කල් ඉකුත්වුනු කෑම කාලා බඩේ කැක්කුම හැදිලා ඉස්පිරිතාලෙට ඇතුලු කරනවනේ. ඉතින් ගු වේයි තමා ලග ඉදන් හැමදේම බලාගන්නේ. කොහොමෙන් හරි ටිකට් කපලා හොස්ටල් එකට ගියහම ෆු පෙයි දැනගන්නව මොමෝ හොස්ටල් එකෙ නෙමේ ගෙදරක ඉන්නෙ කියල.
ඉතින් හරියටම ඔය අතරෙ ගු වේයි එක්ක මෝ මෝ එයාගෙ දේවල් පැක් කරන්නත් එක්ක ගෙදරට යනකොට පස්සෙන් ගිහින් ෆු පෙයි ගෙදරට එනව. ඉතින් දෙන්න එක ගෙදරක ඉන්නව දැක්කම ෆු පෙයි හිතන්නේ මේ දෙන්න එකට ජීවත් වෙනව කියල.. ඉතින් එයාගෙ කතා වලට මෝ මෝගෙ හිත රිදිල ඉන්නෙ. මේ හැමවෙලේම ගු වේයි තමා ඉතින් මො මෝ ව සනසන්න ඉන්නෙ..
හරි එහෙනම් බලමු අද පස්වෙනි කතාංගයේ මොකද වෙන්නේ කියල. එහෙනම් ගිහින් එන්නම් හෙට හයවෙනි කොටසින් හම්බෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 30, 2019
බොහොම ස්තූතියි මචං.නවත්තන්ඩ එපා කියල මැසේජ් එකක් දැම්ම විතරයි..😌😌🤗ජය වේවා 🙏🙏🙏
නවත්වන්නෙ නෑ සහෝ.. දවසට එක ගානෙ දෙනවා 😊
බොහොම ස්තුතියි බොහොම සබ් එකට 😊