The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E01 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් යාලුවනේ.ඔන්න අද ඉදන් තවත් අලුත් වැඩකට අත ගහන්න අපි සෙට් වුනා.සාමාන්‍යයෙන් විදේශ භාශාවල කතාමාලා අතරින් අඩුවෙන් උපසිරැසි නිර්මාණ වෙන්නේ චයිනිස් කතා මාලා වලට.නමුත් මේ කාරණය නිසා ඔයාලට ගොඩක් ලස්සන කතා බලන්න නැතුව මගහැරෙනව.

ඉතින් මේකත් ඒ වගේම අපූරු කතාවක්.මුලින්ම අහම්බෙන් හම්බෙලා බැලුවහම ගොඩක් හිතට අල්ලපු කතාවක් වුනා.ඉතින් උපසිරැසි කරමු කියල මගේ උපසිරැසි සහෝදරයින් කීප දෙනෙකුත් එක්ක වැඩේට බැස්සා.ඉතින් අනිත් කතා වගේ සීසන් ගනන් එනකම් බලා ඉන්න දෙයක් නෑ තනි සීසන් එකේ කතා මාලාවක් මේක.එහෙනම් මේක ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.

Romance / Comedy කාණ්ඩයට  එක් වන මෙය 2019 වසරේ අප්‍රේල් 10 වෙනිදා තමයි විකාශනය වෙලා තියෙන්නෙ.IMDB දර්ශකය තුල 7.9 ක අගයකුත් , MyDramalist හි 8.6/10 අගයකුත් , Google පරිශීලකයන්ගෙන් 98% ක ඉහල ප්‍රතිචාරයකටත් ලක්වෙලා තියෙනවා.මීට අමතරව අන්තර්ජාලය පුරා ඔයාට පොසිටිව් රිවිව්ස් ඕනි තරම් දැකගන්න තියෙනවා. ප්‍රධාන චරිත වලට එක්වන්නෙ නැගී එන තරුවක් වන හැඩකාර සුරූපි Xing Fei , නලුවන් ලෙස Lin yi ,Tang Xiaotian විසින්.

කතාව ගැනනම් මම ලොකුවට කියන්න ඕනි නෑ මොකද ඔයාලගෙ රසවිදීමට බාධා වෙන නිසා.දළ අදහසක් මෙහෙම දෙන්නම්.විද්‍යාඥයෙක් වෙන්න ඉගෙන ගන්න Gu We Yi කියන පිරිමි ලමයත් , Si Thu Mo කියන ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන ගෑනු ලමෙකුයි එයාගේ පිරිමි යාලුව Fu Pei තමා ප්‍රධාන චරිත ටික..

ඉතින් මෙයාලගේ මේ ගෙවෙන කෙලිලොල් යෞවනයේ ආදරය , සෙනෙහස එක්ක..විශේෂයෙන්ම පලමු ප්‍රේමය කියන දේ ගැන හරි ලස්සනට පෙලගස්වල තියෙන කතාවක්..අනිවාරෙන්ම යූත් එකේ ඔබ නැරඹිය යුතුම කතාවක්.
ගෑනු ලමෙක්නම් තමන් ගැන සැලකිල්ලක් දක්වන්නෙ කවුද, කරදරේකදි කවුද තමන්ව ආරක්ෂා කරන්නෙ එහෙම කෙනෙක් ගැන ආදරයක් ඇතිකරගන්න එක අහන්න දෙයක් නෙමෙයිනේ.ඉතින් හිතේ තියං ඉන්න කැමැත්ත කියාගන්න බැරි වුනහම කරන පිස්සු වැඩ එක්ක , ජෙලස් සීන් වලින් ඇතිවන අමනාපකම් එක්ක හරිම විනෝදෙන් බලන්න පුළුවන් මේ කතාව ඔයාලට.

එහෙනම් අද ඉදන් දිනපතා අපි එක්ක රැදිලා මේ අපූරු අත්දැකීමේ හවුල්කාරයෙක් වෙන්න කියල ආරාධනා කරනවා.ගිහින් එන්නම් ඊලග කොටසින් හෙට හමුවන බලාපොරොත්තුවෙන්

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. Download krnna bene sub ek

  2. එලම බ්‍රෝ🤘🤘🤘 දිගටම සබ් එක දෙමු මචං🤗.මැදින් නවත්තන්ඩනම් එපා මචං.ජය වේවා 🙏🙏🙏

  3. අතරමඟ නවත්තනවනෙ මචං ඒකනෙ කේස් එක දැන් අර Heaven Sword and Dragon Saber එකටයි Hostel Daze එකටයි සබ් නෑ.. ගොඩක් දේවල් කියල පටන් ගන්නව එපිසෝඩ් 10ක් විතර යද්දි අතෑරල දානව Hostel Daze එක mini series එකක් වෙලත් දෙවනි එපිසෝඩ් එකෙන් නවත්තල 😞
    comment එකවත් approve වෙයිද දන්නෑ

  4. එල මචෝ…

  5. බොහොම ස්තුතියි දිගටම සබ් දෙන්න අතර මග නතර කරන්න එපා.

  6. අම්බේ මචන් නියමයි ඉක්මනට සබ් ටික ඕනෙ.

  7. Meka kohomada balanne

  8. cute programmer drama එකෙ සිංහල subtle දෙන්න කො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login